ලග්න රැසකට ධන ලාභ උදාකරමින් ඥානකාරක බුධ 22 වැනිදා කටකයට

අගෝස්තු 9, 2024

 

අගෝස්තු 22 බ්‍රහස්පතින්දා පෙරවරු 6.40ට ඥානකාරක බුධ කටක ලග්නගත වීමත් සමඟ මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර කුම්භ, මීන යන ලග්න හිමියන්ගේ ආර්ථික වර්ධනයක් සමඟ සුබපල උදා වීමක් දක්නට ලැබෙනු ඇත. ඉතිරි ලග්න හතරට ආර්ථික කාරණාවලදී මිශ්‍රපල සහිත බවක් පෙන්නුම් කෙරේ.

දක්ෂිණායන වර්ෂා සෘතුවෙහි සිංහ රවි 06 භාග කටක රාශිය මීන නවාංශකයේ අස්ලිස නැකැතේ 04 පාදයේදී බුධ ග්‍රහයා කටක රාශියට සංක්‍රමණය වෙන්නේය.

සෙනසුරුගෙන් යෙදෙන සස යෝගයේ බලය බුධ කටකයට සංක්‍රමණය වීමත් සමඟ තවත් බලවත් වන්නේය. ඒ අනුව සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ ලග්න හිමියන්ට පංච මහා පුරුෂ යෝග අතරින් සස මහා යෝග බලය වඩාත් ජවබල සම්පන්නව ක්‍රියාත්මක වනු ඇත.

ඒ කෙසේ වෙතත් බුධ කටකයට සංක්‍රමණය හේතුවෙන් කාලගුණික දේශගුණික මෙන්ම පාරිසරික වශයෙන් විපරීත ස්වභාවයක් මතුවනු දක්නට හැකිය. සංස්කෘතිය සභ්‍යත්වය බොඳ කරළීමේ මායාකාරී ප්‍රවණතාවය ද ඉහළ යයි. පරිසර තත්ත්වයන් නිසා සෞඛ්‍යය, අධ්‍යාපනය, ඉන්ධන, ජලය, ගමනාගමනය ආදියේ විවිධ දුබලතා මතුවනු දැකිය හැකිය.

මේෂ ලග්නය

පදිංචියේ වෙනසක් හෝ වෙනත් ගැටලු නිර්මාණය විය හැකිය. සබඳතා, පවුල් ජීවිතය ආශි‍්‍රත කටයුතුවලදී මන්දගාමී බවක් මතු කෙරෙයි. දිගු කාලීනව අරමුණු කළ ආදායම් මාර්ග පාදා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න.

වෘෂභ ලග්නය

නෛතික ගැටලුවලින් ජය ගැනීම ප්‍රමාද කරවන ග්‍රහ පිහිටීමකි. ආර්ථිකය සමබරව ගෙන යෑම සඳහා අනවශ්‍ය වියදම් අඩුකරන්න. දැඩි උත්සාහය උනන්දුව අවශ්‍යවන කාලයකි.

මිථුන ලග්නය

උසස් ප්‍රභූජනයාගේ ආධාර උපකාර අනුග්‍රහ ලැබෙනු ඇත. වරප්‍රසාද උදා වනු ඇත. පදිංචිය හා රැකියා ආදායම් මාර්ගයන්හි වෙනස්කම් බොහෝ දුරට බලපානු ඇත. නව ජිවන ගමන් මඟට පා තබයි.

කටක ලග්නය

නව ගමන් මඟකට ජීවන රැකියා ආදායම් මාර්ග බොහෝ දුරට පරිවර්තනය විය හැකිය. ජන ජීවිත අතරින් උසස් ජන ජීවන මගක් උදාවීමෙහි භාග්‍යය වාසනාව යෙදෙනු පෙනී යයි. එහෙත් ව්‍යාපාරික අවස්ථා අඩපණ වී යා හැකි බැවින් බුද්ධිමත්ව තීරණ ගන්න.

සිංහ ලග්නය

සස යෝග බලය 07 වැන්නෙහි උදාව පවතිනු ඇත. රැකියා ආදායම් මාර්ගයන්හි උසස්වීම් විජයග්‍රහණ උදාවෙයි. රාජ්‍යය අංශයට අදාළ ක්‍රියාකාරකම්තුළින් ජයග්‍රහණ අත්පත් වෙනු පෙනී යයි. පාරම්පරික හෝ ස්වකීය ගොඩමඩ ඉඩකඩම්හි ඇතිවන ගැටලු සමතයකට පත් කර ගත හැකි වනු ඇත.

 

කන්‍යා ලග්නය

ප්‍රමාද වූ රැකියා ආදායම් මාර්ග, විවාහ මංගල කටයුතු සාර්ථක කර ගැනීමට හැකි කාල පරාසයකි. එහෙත් උදරය, යටිබඩ, වකුගඩු, මළමුත්‍ර, කොන්ද තුනටිය, පාද ආශි‍්‍රත රෝගාබාධක උද්ගත විය හැකය.

තුලා ලග්නය

දෙස් විදෙස් සංචාරක සේවා ඇතිවෙයි. විභාග තුරඟ තරග විජයග්‍රහණ ද සැනසුම සතුට, වාසනාව භාග්‍යය උදාවෙයි. රැකියා ආදායම් මාර්ග සාර්ථක වෙයි. උත්සහය උනන්දුව මත නිපුණතා, වර්ධනය කෙරෙනු ඇත.

වෘශ්චික ලග්නය

පදිංචි ස්ථානයෙහි උසස් දියුණුවක් මතු කෙරෙයි. ප්‍රභූ ජනතා ආශිර්වාදය මෙන්ම ආකර්ෂණය මතුවෙයි. නව ජීවන ගමන්මඟකට පිවිසියත් සාමය, සමඟිය ද උත්සාහය උනන්දුවද මතු කෙරෙයි. බොහෝ දුරට ජීවිතයෙහි නවතාවක් පිළිබිඹු කෙරෙනු ඇත. පෙර පින් මතු කෙරෙන අසීමිත ජනප්‍රසාදයකට තුඩුදෙන ආශීර්වාද ගමන් මඟක් උදාවෙයි.

 

ධනු ලග්නය

දියුණුව ආශි‍්‍රත ක්‍රියාකාරී බවක් මතු වෙයි. උත්සාහය, උනන්දුව, දැනුම සහ අවබෝධය මත උසස් මානසික තත්ත්වයක් උදාවෙයි. එහෙත් ස්නායු මාර්ග ආශි‍්‍රත ගැටලු තත්ත්වයන් උද්ගතවිය හැක. මුහුණ, පපුව, යටිබඩ, කොන්ද තුනටිය, දණහිස්, වකුගඩු සහ පාද ආශි‍්‍රතව රෝගාබාධ මතුවිය හැකිය.

මකර ලග්නය

නිර්මාණශීලීව ජන ජීවිත ආශි‍්‍රත කුසලතා නිපුණතා මතුවෙයි. දියුණු ජීවිතයකට මාර්ගය සැලසෙයි. අවහිර බාධක දුෂ්කරතා දුරුවෙයි. වාසනාවේ රුවන් දොරටුව විවර කෙරෙන ප්‍රශස්ත ජිවන ගමනකට මඟ සැලසෙයි. එහෙත් හිස, උරහිස්, උදරය, යටිබඩ, වකුගඩු, කොන්ද තුනටිය ආශි‍්‍රත රුදා වේදනා දැවිලි පිච්චිලි මතු කෙරෙනු ඇත.

කුම්භ ලග්නය

01, 05, 09 යන ධර්ම කෝණය ආශි‍්‍රතව ලග්නගත ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණගත සෙනසුරුගෙන් සස යෝගය බලය ප්‍රබලව යෙදී ඇති අතර ධර්ම කර්මාධිපති රාජ යෝගය ද යෙදී ඇත. ඉදිරි කාලීන ග්‍රහචාරයෙන් විශිෂ්ට යෝග ද මතුවෙයි. කෙසේ වෙතත් රෝග පීඩාදියෙන් පරෙස්සම් වන්න.

මීන ලග්නය

උසස් රැකියා ආදායම් මාර්ගයන්ට අවස්ථා උදාවනු පෙනී යයි. සුවිශේෂී අවස්ථා ජිවිතය පුරා උදාවෙයි. රැකියා ආදායම් මාර්ගවල දියුණුව මතු කෙරෙයි. කලක සිට තිබූ බාධක අවහිර දුෂ්කරතාවයන්ද මඟ හැරී යයි. බොහෝ දුරට සමාජගත නවතාවයකින් ඉදිරියට යා හැකි බවක් ද පෙනී යන්නේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.