ජූලි 19 බුධ සිංහයට එයි

ජූලි 12, 2024

 

කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්න හිමියන්ට ධන මාර්ග විවර වෙයි

කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි සතරට පංච මහා පුරුෂයෝග අතරින් සසයෝග බලය පවතිද්දී ජූලි 19 වැනිදා බුධ ග්‍රහයා රවි හිමි සිංහ රාශියට සංක්‍රමණය වීම එම ලග්න හිමියන්ගේ මෙන්ම ශ්‍රී ලාංකේය ආර්ථිකයෙහි රුවන් දොරටුව විවර වන පිහිටීමකි.

ඥානකාරක බුධ ලංකා කේන්ද්‍රය හිමි කුම්භ රාශියෙහි 07 වැන්නෙහි තැන්පත්වීම 03, 07,11 ලෞකික කාම කෝණය සහ 02,06,10 අර්ථකෝණය ජවබලයෙන් අනූන වීමෙකි. එය රාජ්‍ය ආර්ථිකය ශක්තිමත් බවට පරිවර්තනය වීමේ විශේෂ පිහිටීමකි.

කෘෂිකාර්මික, කාර්මික සංවර්ධන ව්‍යාපෘති ආරම්භයට මඟ සැලසෙයි. ජාතික ආදායම් නිෂ්පාදන ධාරිතාව ප්‍රාණවත් වෙයි. ආනයන අපනයන ව්‍යාපාරික ආයෝජන සාර්ථක විය යුතු කාලපරාසයකි.

බුද්ධිය විකාශනය කොට ව්‍යාපාරික ආයෝජන ක්‍රියාවලිය දිරිමත් කිරීමේ ක්‍රමෝපාය නිර්මාණය වීමක් බුධ සිංහයට ප්‍රවේශයෙන් සිදු විය හැකිය.

ශ්‍රී ලංකා දිවයිනට කටක රාශිය ජලරාශියක් බැවින් ජලාශ පිරී ඉතිරීයාම, ජල ගැලීම් ඇති වීමේ කාලගුණික, දේශගුණික රටාවෙහි වර්ධන වේගයක් නැවත මතුවිය හැකි බව ද විද්‍යමාන වෙන්නේය. විදෙස් රටවල ද දැනටමත් මෙකී ජල විපත් සහ පාරිසරික හැලහැප්පිලි ද සිදුවෙමින් පවතින බව දැකිය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.