අගෝස්තු 05 බුධ වක්‍රයෙන් ලග්න නවයකට ජය සතුට

ජූලි 26, 2024

ලග්න දහයකට සුබ පල උදා කරමින් එළැඹෙන අගෝස්තු 05 වැනි සඳු දින පෙරවරු 10.27ට බුධ වක්‍රය සිදු වන්නේය.

ඒ අනුව මේෂ, ධනු, මීන ලග්න ත්‍රිත්වයට මිශ්‍ර පල ද අනෙක් සියලු ලග්නවලට ජය හා සතුට ද ලබා දෙමින් අගෝස්තු 29 දා නිවෘත වීම දක්වා බුධගේ බලපෑම ඇති කෙරේ.

ග්‍රහයෙකු වක්‍රවීමෙහිදී එකී ග්‍රහ වස්තුවෙහි බලය ජවය වර්ධනය වීමෙහි න්‍යායක්ද ඡ්‍යොතිෂයේ කියැවෙයි.

ඒ අනුව නව නිර්මාණ, නිෂ්පාදන රැසක් සමාජගත වන්නේය. පීඩිත ජනතා කොටස් තුළ වෙළෙඳ සහ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම, අවබෝධය සමඟම සතුටුදායක බවක් ගනු ලබයි. ජාතික සංස්කෘතික, සභ්‍යත්වය බොහෝදුරට ගුණාත්මක බවකට පාත්‍ර විය හැකිය. ඇතැම් රාජ්‍යය නායක පිරිස් ජනාදරයට මෙන්ම විශ්ව කීර්තියටද පත් කිරීමට බලපාන ග්‍රහ පිහිටීමකි. දුර්වල යල්පැන ගිය නීති රීති ප්‍රතිසංස්කරණය වෙමින් ලොව පුරා නිදහස් මානසික තත්ත්වයක් විද්‍යමාන කෙරෙයි.

කාර්මික කෘෂිකාර්මික නවෝදයක් නිර්මාණය වීමෙහිලා කඩිනම් දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් දිවයින පුරා ව්‍යාප්ත වීම ප්‍රබලව දැකිය හැකි වෙයි. ජන ජීවිතය සුඛිත මුදිත කිරීමෙහිලා ද අවශ්‍ය දෙස් විදෙස් උපකාර ලැබීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. ඇඟළුම් සංකල්ප මෙන්ම කෘෂි කාර්මික ජනජීවිතය කෙරෙහි නව අණපනත් සංශෝධන විය හැකිය.

එහෙත් මෙකී බුධ වක්‍රය මත සමාජ විරෝධී ක්‍රියා මෙන්ම ශෝකාකූල සිදුවීම් දෙස් විදෙස් පුරා ඉස්මතු විය හැකි කාල පරාසයකි.

මුද්‍රිත මාධ්‍යය කෙරෙහි මෙන්ම ලේඛක ලේඛිකාවන්, කටහඬින් ප්‍රයෝජන ගන්නන් කෙරෙහි අවහිර බාධක දුෂ්කරතා උදාවිය හැකිය. බුධ වක්‍ර කාලය තුළ බිහිවන දරුවන්ට කථන දෝෂ ඇති විය හැකිය. බාල මහලු තරුණ අපචාර කෙරෙහිද නැඹුරුවක් ඇති විය හැකි කාලයක් බැවින් අවධානයෙන් කටයුතු කළ යුතුය.

ගමනාගමනය, අධ්‍යාපනය, සෞඛ්‍ය නාවික, ගුවන්, මහාමාර්ග, දුම්රිය, රේගු මහා සාගර ක්ෂේත්‍ර කෙරෙහි මෙන්ම පාරිසරික විපත් කෙරෙහි දැඩි අවධානයකින් කටයුතු කළ යුතු කාලයකි.

 

මේෂ ලග්නය

පදිංචි නිවාසය, වෙළෙද ව්‍යාපාරය ගොඩමඩ ඉඩකඩම් ආශි‍්‍රත අලුත් වැඩියා කරලීම් උත්සව සමාරම්භකව ක්‍රියා ආදිය ද සිදුවිය හැකි කාලපරාසයකි. ප්‍රභූ ජනයා ඇසුරට ලැබෙයි. එහෙත් තැන්පත් දේපොළ වස්තුව ආදායම් මාර්ග මෙන්ම දැඩි මානසික නොසංසුන්බවක් විද්‍යමාන කෙරෙනු පෙනී යයි.

 

වෘෂභ ලග්නය

තුන්වැන්න වූ වික්‍රමස්ථානය අලෝක ග්‍රහ යුවළකින් ශක්තිමත් වීම නිසා උනන්දුව උත්සාහයද ප්‍රබලතම වෙයි. වෘෂභ ලග්න ගත අඟහරු වක්‍ර සතුරු ගුරු සමඟ සිංහාසන ගතවෙයි.

හදිසි තීරණ තීන්දු ගැනීමෙන් වැළකිය යුතු කාල පරාසයකි. 10 වැන්නෙහි සස යෝග බලය ක්‍රියාත්මකව වීමෙන් සතුටුදායක වර්තමානයක් හිමිවනු ඇත.

 

මිථුන ලග්නය

වක්‍ර බුධ මිත්‍රශීලිව සතුරු සිකුරු සමඟ සංයෝගව වික්‍රමස්ථාන ගතව ඇත. ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වක්‍ර සෙනසුරු භාග්‍යස්ථානගතවීමද රවි චන්ද්‍ර ආලෝක ග්‍රහ සංයෝගය ධනස්ථානගතවද අඟහරු සමව 12 වැන්නෙහි තැන්පත්ව ඇත. මේ අනුව ධනය, බලය, කීර්ති ප්‍රශංසා ගලා එන කාල පරාසයකි. නිවාස, ව්‍යාපාර ගොඩමඩ ඉඩකඩම් සශ්‍රීක බවට පත්වෙයි.

 

කටක ලග්නය

ලග්නගත රවි චන්ද්‍ර ආලෝක ග්‍රහයන් වෙයි. අයස්ථාන ගත අඟහරු 11 වැන්නෙහිය. ආරම්භක කරුණු කාරණා දියුණුවට පත්වෙයි. ආරම්භක රැකියා ආදායම් මාර්ග සේවා උසස් දියුණුවට නැඹුරුවෙයි.

ප්‍රභූජනයා ඇසුරට පාත්‍රවෙයි.

සිංහ ලග්නය

07 වැන්නෙහි සසයෝග බලය ක්‍රියාත්මකව පවතිනු ලබයි. වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව යෙදී ඇත. කර්මස්ථානගතව අඟහරු සමවද රවි චන්ද්‍ර 12 වැන්නේ ශුභවාදිවද යෙදී ඇත. රැකියා ආදායම් මාර්ග සාර්ථකත්වයටද නිවාස පදිංචි භූමිය , ආශි‍්‍රතව උසස් ජීවන ගමන් මගකට ප්‍රවේශය ද ප්‍රභූජනයා ඇසුරද යෙදෙනු ඇත.

 

කන්‍යා ලග්නය

සමාජගත හිතමිතුරු ඇසුරුකම් සතුටුදායක වීමද සුබවාදීව යෙදී ඇත. තුරඟ තරග විභාග විජයග්‍රහණද උත්සව සාද ආදිය යෙදීමද නව මඟකට පිවිසීමද සිදුවන කාල පරාසයෙකි. පෙරළිකාර නව ජීවන ගමන් මඟක සමාරම්භය යෙදෙයි.

 

තුලා ලග්නය

අධ්‍යාපනය, සබඳතා, විවාහ මංගල, කටයුතු සාර්ථක බවට පාත්‍රවෙයි. දෙස් විදෙස් සංචාරක මෙන්ම උත්සව ආදියට ආරාධනා ලැබෙයි. දැන උගත් වියතුන් ඇසුරට ලැබෙනු ඇත. ප්‍රභූජන දැන හැඳිනගැනීම් යෙදෙයි. උසස් අධ්‍යාපනයකට මෙන්ම වාසනාවෙහි රුවන් දොරටුව විවර කෙරෙන කාලපරාසයකි.

 

වෘශ්චික ලග්නය

සස මහා යෝග බලය උදාව පවතිනු ඇත. ධනය, බලය, කීර්තිය, ප්‍රශංසාව, ජනප්‍රසාදය ලැබෙනු ඇත. උත්සව සභා සුහද හමුවීම් ආදි අවස්ථාවන්ට ආරාධනා ලැබෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. උසස්වීම් ගරු සැළකිලි සම්මාන ලැබෙයි.

 

ධනු ලග්නය

වික්‍රමස්ථානගතව ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වූ ශනි ග්‍රහයා වක්‍රව තැන්පත්ව ඇත. හදිසි තීරණ තීන්දු බොහෝ දුරට අවම කළ යුතුය. චිත්ත චෛතසික සිතුවිලි අතර ජවබල සම්පන්න බව වර්ධනය කෙරෙනු ඇත. 06 හා 08 වැන්නෙහි ආලෝක ග්‍රහ කිරණ මත මධ්‍යස්ථ ජීවන ගමන් මඟකට ආශිර්වාදය ලැබෙනු ඇත. ඉදිරි ගමන් මාර්ගය කෙරෙහි අවධානයෙන් කාලය ගෙවනු ලබයි.

 

මකර ලග්නය

ධනස්ථානය ජවබල සම්පන්න වී ඇත. 07 වැන්නෙහි රවි මිත්‍රශීලිව චන්ද්‍රයා ස්වක්ෂේත්‍රවීම සාමකාමී සහජීවනමය ගමන්මඟකට විද්‍යමාන කෙරෙයි. නිර්මාණශිලි ප්‍රබුද්ධ ගමන්මග වඩ වඩාත්ම ආශිර්වාදය පිණිසම හේතු සාධක වෙයි. ෙ ඍජුව අවංකව අනාගතය සුබවාදි කරගැනීමට උත්සාහ කරයි.

 

කුම්භ ලග්නය

වාසනාවෙහි රුවන් දොරටුව විවර කරමින් ලග්නගත ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වක්‍ර ශනි ප්‍රබලව යෙදී ඇත. 06 හා 04වැන්න ආලෝක ග්‍රහකිරණ නිසා භාග්‍යයක ගමන් මඟකි. ධනය බලය සහිත තිරසාර ජීවන ගමන්මඟක රසාස්වාදය දෝරේ ගලායන අසාමන්‍ය අසීමිත සැනසුමක් සතුටක් ඔබගේ මානසිකත්වය පුරා දස දිසාවටම දෝංකාර දෙයි.

 

මීන ලග්නය

බොහෝදුරට අවිහිංසාව අවංක බව පිරිසිදු චරිතය සත්‍යය වාදිබව යහපත් සුපිරිසුදු සංකල්පනා මත ජීවිතය පුරා ආලෝකය ගෙන දුන් පසුබිම වඩ වඩාත්ම ශක්තිමත් වෙයි. රැකියා ආදායම් මාර්ග උසස්වීම් විජයග්‍රහණ සම්මාන ගලා එන අසිරිමත් කාලපරාසයකි. සොදුරු ජීවන පාරාදීසය මොහොතින් මොහොත අගයයි.

10-01 අධිපති බ්‍රහස්පති වෘෂභයෙහි සතුරුවීම් මැදහත් ඵලවිපාක ගෙනදීමකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.