මේෂ, සිංහ, ධනු ලග්නවලින් උපන් අයට ජූලි 06 වැනිදා ශුභ මුහුර්තයක්

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා
ජූලි 5, 2024

මේෂ, සිංහ, ධනු යන ලග්නයකින් උපත ලබා ඇති ජන්මීන්ට ජූලි 06 වැනිදා, සෙනසුරාදා උදේ 09.24සිට 09.28 දක්වා පහත සඳහන් කටයුතු සඳහා සුබ මුහුර්තයක් උදා වේ. අදාළ ලග්නවලින් උපන් අයට හමුදා සේවයට බැඳීමට, මුද්‍රණ යන්ත්‍රාල ස්ථාපිත කිරීමට, යන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තය පිළිබඳ අධ්‍යාපන ලැබීමට, කම්හලක් හෝ මෝටර් කර්මාන්තයක් ආරම්භ කිරීම, ආත්ම ආරක්ෂක සටන් ක්‍රම පිළිබඳ පුහුණුවක් ලැබීම යන කටයුතු ආරම්භ කිරීමට මේ මුහුර්තය සුදුසු වන්නේය.

ඒ එදින පංචාංග ශුද්ධියක් පවතින දිනයක් වන අතර, ගුරු හිමි පුනාවස නැකත උදාව පවතින හෙයිනි. එම නැකැතට සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී ලෙස සීහෙන නැකැතකින් උපත ලබා ඇති, උත්පත්ති කේන්දරයේ අඟහරු හෙවත් කුජ ග්‍රහයා මේෂ, සිංහ, ධනු යන රාශියක තැන්පත්ව ඇති අයට මෙය වඩාත් සුදුසුය. එසේම අඟහරුගේ මහ දශා, අතුරු දශා ගෙවන අයට ද මේ නැකැත සුබ ගෙනෙ දේ.

මෙකී වේලාවට සිංහ තත්කාල ලග්නය උදාව ලග්නාධිපති රවි 11 වැන්නේ ද සූක්ෂ්ම කාල හෝරා අධිපති අඟහරු නවවැන්න ගජකේසරී යෝගය උදා පවතින හෙයින් මෙකී මුහුර්තය ඉතා බලවත් වන්නේ ය. ඒ අනුව මෙකී මුහුර්තයෙන් වැඩ කටයුතු ආරම්භ කරන විට රතු වස්ත්‍රයකින් සැරසී, කතරගම දෙවියන්ට පහනක් තබා දකුණ බලා වැඩ කටයුතු ආරම්භ කිරීම මැනවි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.