භූමිපුත්‍ර අඟහරු වෘෂභයට පොදු ජන අවහිරතා මඟහැරේ

ජූලි 5, 2024

 දේශපාලනඥයන්, ලේඛක ලේඛිකාවන්, පාසල් දරු දැරියන්, ලිපි ලේඛන සම්බන්ධ පිරිස්වලට තිබූ බාධක අවහිර දුෂ්කරතා දුරස්ථ වන කාලයකි. අවිහිංසාව, අවංකබව, පිරිසුදු චරිතය, සත්‍යයවාදී බව, යහපත් සංකල්පනා මත පදනම් වුණ චර්යා ධර්මතා ඇති අය උවදුරුවලින් මිදෙනු ඇත.

මෙයට හේතුව ජූලි 12 වැනිදා සිකුරාදා භූමිපුත්‍ර අඟහරු ග්‍රහයා පස්වරු 06.58ට වක්‍ර බ්‍රහස්පතිට සතුරුව යුරේනස්ට නීච සතුරුව සිකුරු හිමි වෘෂභ රාශියට සංක්‍රමණය සිද්ධ වීමයි.

එය රවි හිමි කැති නැකතෙහි 02, 03, 04 චන්ද්‍රයා හිමි රෙහෙණ නැකතෙහි 01, 02, 03, 04 අඟහරු හිමි මුවසිරසෙහි 01, 02 යන පාද නවයක් පුරා ගතකොට අගෝස්තු 26 සවස් භාගය දක්වා පවතී.

පොදු මහජනතාව ගුප්ත විද්‍යා, ඡ්‍යොතිර් විද්‍යා, ඉතිහාසගත අනාවැකි, ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන කාලයක් වෙයි.

අංජනම් එළි, පේන, විවිධ ශාස්ත්‍රඥානයන්ගේ බලයද අසීමිතව විද්‍යමාන වෙයි.

එහෙත් සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයින් මෙන්ම කුඩා ග්‍රහයින්ද රාශි චක්‍රයෙහි එක පේළියකට සිටියහොත් පෘථිවියට එයින් යම් බලපෑමක් ඇති වීමට ඉඩ ඇති බව ඡ්‍යොතිෂ මතයයි.

අඟහරු ග්‍රහයා සිය කක්ෂවාරයේ දී සූර්යයාගෙන් උපරිම දුරස්ථ ස්ථානයක ගමන් කෙරෙන අවස්ථාවක වෘෂභ, කන්‍යා, මකර යන ස්ථිර රාශියකට ප්‍රවිෂ්ට වීමේ දී මෙකී මහපොළොව දැඩි කම්පනයකට පාත්‍ර වීමට හැකි වෙයි. එවැන්නක් අඟහරු ග්‍රහයාගේ සූර්ය දුර්යේක්ෂය නමින් තාරකා විද්‍යාවෙහි හඳුන්වනු ලැබේ.

අඟහරු වෘෂභ රාශි ප්‍රවේශය භූකම්පන, ගිනිකඳු කඩා වැටීම, නාවික මහාමාර්ග රිය අනතුරු, කම්කරු අරගල, අනතුරු, ගිනිකඳු පිපිරීම්, ලාවා විසිරීම වැනි සිදුවීම්වලට හේතු වන බවක් පෙනී යන්නේ ය. සුළි සුළඟින් සහ වායුගෝලයෙන් අවහිර බාධක නායයෑම්, මහ ගංවතුර ආදී කාලගුණික, දේශගුණික බලපෑම් ඇති වීමට ද ඉඩ ඇත. අඟහරු, සෙනසුරු, ගුරු, කේතු වැනි ග්‍රහයන්ගේ සුවිශේෂ ලක්ෂණ අතර කඩා බිඳ දැමීම, මහා පෘථිවිය කම්පා වීම, හදිසි අනතුරු, මාරාන්තික වසංගත, මාරක සඳහන් වෙයි.

එබැවින් අගෝස්තු 16 සිට සැප්තැම්බර් 26 මධ්‍යහ්නය තෙක් නාවික, ගුවන්, මහාමාර්ග රිය අනතුරු වැනි ඉතා බිහිසුණු දේ සිදුවන කාල පරාසයක් විය හැකිය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.