ජන. 06 සිට ජන. 12 දක්වා

ජනවාරි 6, 2023

මේෂ-සෙම් රෝග බහුල වෙයි

උදාවූ නව වසර ආරම්භයත් සමඟ මේෂ ලග්න හිමි ඔබට මෙතෙක් පැවති අවිවේකී බවින් නිදහස්වීමට කටයුතු සැලසුණත් වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. මනසට පීඩා ගෙනදුන් ගැටලුකාරී බවකින් නිදහස්වීමට ද අවස්ථාව සැලසේ. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසු වන්න. සති අන්තයේ දී පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්නට ලැබේ. එමෙන්ම අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට මඟ සැලසෙන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ -ගේදොර අලුත්වැඩියාවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතිය ඔබට මිශ්‍රපලදායක බවක් පෙන්නුම් කරයි. සඳු ග්‍රහයා මේ සතියේ 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. දරුවකුගේ කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්නට ලැබේ. නිතර තමාට අපවාද චෝදනා එල්ලවිය හැකි කාලයක් බැවින් නෑදෑ හිතවතුන් ඇසුරේදී පරිස්සම් වන්න. ගේදොර අලුත්වැඩියාවක් කෙරෙහි සිත යොමු කරන කාලයකි. සහෝදරයකුට උපකාරයක් කිරීමට හැකි වන බවක් පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකට මග සැලසෙන අතර මුදල් සම්බන්ධ කටයුතුවලට අතගැසීමේ දී කල්පනාකාරී වන්න.

අය 07 - වැය 02

ජය අංකය - 04

ජය වර්ූණය - ළා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු -පවුලේ අයගෙන් උදව් උපකාර

අලුත් බලාපොරොත්තු ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7, 8, 9 යන භාවයන්වලයි. අන්සතු ලාභයක් හිමිවන කාලයක් වන අතර වෙනදාට වඩා පවුලේ අය අතර විශේෂ හිතවත්කමකටද කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ කටයුත්තකට අතහිත දීමට අවස්ථාව සැලැසේ. එමෙන්ම මවුපස ඥාතීන්ගෙන් උපකාරද හිමිවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විට දී වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කිහිපයක් යෙදෙයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ-පවුලේ අලුත් සැලසුමක්

මේ සතිය උදාවත් සමඟ පවුලේ වගකීම් කිහිපයක් තමා වෙත පැවරෙන කාලයක් වන අතර සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. හදිසි ලැබීමක් සිදු වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් තාවකාලිකව කරගෙන ගිය වැඩ කටයුතු කිහිපයක් ස්ථීර ලෙස කර කරගෙන යාමට අවස්ථාව උදා කරයි. පවුලේ කටයුතු සම්බන්ධ අලුත් සැලසුම් කීපයක් ඇති කරගනියි. සහෝදර මත ගැටුමක් දුරදිග යාමට ඉඩ ඇති බැවින් එකිනෙකා ඇසුරේ දී මෙන්ම වචන පාවිච්චියේදී සැලකිලිමත් වන්න. අතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට සිදුවන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

කන්‍යා - ගනුදෙනු වාසියක්

සැලසුම් කීපයක් සම්මත කර ගැනීමට හැකි වන සතියකි. සඳු ග්‍රහයා මේ සතියේ 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වරප්‍රසාද කිහිපයක් හිමි කරයි. අලුත් රැකියා ලාභ ද පෙන්නුම් කරන කාලයකි. සෙම් රෝග බහුල කාලයක් වන අතර උගුර ආශ්‍රිතව ඇතිවන ආබාධ තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සතිය මැද කාලයේ දී හදිසියේ සිදුවන වාහන ගනුදෙනුවකින් විශේෂ වාසි කීපයක් අත්කරයි. නිතර තමාට පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. වරින්වර ගුප්ත කටයුතුවලින් ද පිහිට පතන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මකර -හිතවත්කම් අලුත් කරයි

අවිවේකී ලෙස උදාකරන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන්වලයි. නිතර මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරන සතියකි. වරින්වර නොසිතූ ගැටලු කීපයකට ද මුහුණ පෑමට සිදුවේ. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට සැලසුමක් ඇති කරගනී. අලුත් හිතවත්කම් වලට මග සැලැසෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධව වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. සතිය මැද කාලයේ දී වාහන ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තකට අත ගැසීමට සිදුවෙයි. නිතර නිවසට යන එන කෙනකු පිළිබඳ කල්පනාකාරී වන්න.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මිථුන-මවුපස ඥාතියකුට අපලයි

පැවති අවිවේකී බව මගහැරී යන සතියක් වන අතර මේ සතිය ආරම්භයේ දී සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3 යන භාවස්ථානවලයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. මවට හෝ මවුපස ඥාතියකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වීමක් සිදු කරයි. ගේදොර කටයුතු පිළිබඳ විවිධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇත. විවාහය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. සති අන්තය වන විට දී මෙතෙක් පැවති අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - සඳුදා

 

තුලා -විවාහ ගිවිස ගැනීමකට බාධා

වෙනදාට වඩා අතමිට සරුකරන කාලයක් වන අතර තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10, 11 යන භාවස්ථානවලයි. නිතර දනට පිනට කාලයත් ශ්‍රමයත් වැය කරන කාලයකි. ප්‍රමාද වෙමින් පැවති සැලසුම් කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන අතර ආගමික කටයුතු සම්බන්ධව දුර පළාතකට ද යාමට කටයුතු සැලැසේ. විවාහ ගිවිස ගැනීමක් සම්බන්ධව නොසිතූ බාධා ගැටලුවලට මුහුණ පෑමට සිදු වන සතියකි. සති අන්තයේ දී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත හට ගැනීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කුම්භ -ශරීර සෞඛ්‍ය ගැටලු

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන්වලයි. දරුවකුගේ විශේෂ දක්ෂතාවයක් ඉස්මතු කරන කාලයකි. කලබලකාරී ගති පැවතුම් තමාට පාඩු කිහිපයක් සිදුකරයි. නොසිතූ ලෙස මානසික පීඩාවලට ද ලක් වීමට ඉඩ ඇත. දුර ගමනකට සහභාගී වීමට සිදුවන සතියකි. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. පරම්පරාගත දේපළක් සම්බන්ධව ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදාකරයි. උරහිස් ආශ්‍රිතව ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

කටක - විශේෂ වරප්‍රසාද

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2 යන භාවස්ථානවලයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්කාරීතාවයක් ඇති කරන සතියකි. එමෙන්ම ගේ දොර කටයුතු පිළිබඳ පැවති උනන්දුව අඩුවී යන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමෙන් විශේෂ වරප්‍රසාද කිහිපයක් හිමි කරයි. ප්‍රමාදතා සිදු කළ විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තු තියා ගත හැකි කාලයකි. සතිය මැද කාලයේදී අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට කටයුතු සැලැසේ. දරුවන් පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

අය 05 - වැය 03

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

වෘශ්චික- අලුත් ඥාතීන් දැනහඳුනා ගැනීමක්

පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙහෙස මහන්සියක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. ඇසුරු කරන අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට ද කටයුතු සැලසෙන කාලයකි. හදිසි ආදායම් මාර්ග හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී මවුපස ඥාතියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට කටයුතු සැලැසේ. වංචාසහගත කටයුත්තකට හසුවීමට ඉඩ ඇත. සති අන්තය වන විට දී වරින්වර ඇතිකරන දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

මීන-තැන්පත් ධනය වැයවීමක්

අලුත් ගේදොර පදිංචියක් සම්බන්ධව පැවති ගැටලු කිහිපයකින් නිදහස සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. වගකීම් බහුල වන සතියකි. නිතර අලුත් ඥාති හිතවතුන් දැන හඳුනා ගැනීමට මඟ සැලැසේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත්වීම යහපත් කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී කොඳු නාරටිය සම්බන්ධව ඇතිකරන අසනීප තත්ත්වයක් නිසා ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම තැන්පත් ධනයක් වැය වීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. තරඟ විභාගවලට සම්බන්ධ වූ අයට සුබදායක සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.