දෙසැ. 02 සිට දෙසැ. 08 දක්වා

දෙසැම්බර් 2, 2022

මේෂ - පවුලේ වගකීම් වැඩි කරයි

ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1, 2 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා දුර ගමන් යෙදෙන අතර හදිසි මුදල් වැය වීම්වලටද මුහුණදීමට සිදු වෙයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ හදිසි තීරණ ගැනීමෙන් වළකින්න.

යටපත් වූ හිසේ වේදනාවක් නැවත මතුවිය හැකියි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයක් වන අතර, පවුලේ වගකීමක් තමා පිට පැවරෙන බවක් ද පෙන්නුම් කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 02 ජය

වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ - අඹුසැමි විශ්වාසය බිඳවැටේ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8, 9, 10 යන භාවස්ථානවලයි. වරින් වර ඇති වන අතක ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. අඹුසැමි විශ්වාසය පලුදු වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මවට හෝ මවුපස ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරන අන්දමේ සිදු වීමක් වීමට ඉඩ ඇත. රාත්‍රී ගමන් බහුල කාලයක් වන අතර, ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. දරුවකුගේ අනාගතය වෙනුවෙන් නව පියවර කීපයක් ගැනීමට සිදු වෙයි.

අය 07 - වැය 08

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු - ගනුදෙනුවක් සාර්ථකයි

හදිසි ආදායම් මාර්ග කීපයකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4, 5, 6 යන භාවස්ථානවලයි. ගේ දොර කටයුතු පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කරයි. පැරැණි ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. දරුවකුගේ විදෙස්ගත වීමේ සැලසුමක් වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදු වේ. රැකියාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග බලා කටයුතු කිරීම වැදගත් වේ. සති අන්තය වන විට දී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇති කරන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

අය 07 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ- ගුප්ත කටයුතුවලින් පිහිට

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11, 12, 1 යන භාවස්ථානවලයි. පවුලේ කටයුතු සම්බන්ධව විශේෂ උනන්දුවක් දක්වන සතියකි. නිතර මුදල් සම්බන්ධ කටයුතුවලට සම්බන්ධවීමට සිදුවීමෙන් ගැටලුවකට මුහුණපෑමට සිදු වේ. විදෙස්ගත වීමක් පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටි අයගේ අදහස් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර ආගම දහමට ළැදිව කටයුතු කරන අතර, ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන බවක් පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්නට ලැබේ.

අය 06 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

කන්‍යා -ණය ගනුදෙනුවකින් නිදහස්

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති කරන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේ දී ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 7, 8, 9 යන භාවස්ථානවලයි. සහෝදර බැඳීම් වැඩිදියුණු වන අන්දමේ කටයුතු කීපයකට මඟ සැලසෙන සතියකි. එහෙත් හදිසි තීරණයක් හේතුවෙන් මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වේ. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසෙන සතියකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. දරු ලාබ හිමිකම් ඇති අය වෙනදාට වඩා පරිස්සම් විය යුතු බවක් පෙන්වයි.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මකර -කොන්දේ වේදනාවක්

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ලැබීම්වලට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සහෝදර සිත් අමනාපකමක් දුරදිග යාමෙන් ගැටලු කීපයක් මතු කරයි. නිතර නිවෙසට යන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. මවට හෝ මවුපස ඥාතියෙකුට අපලදායක කාලයකි. ගෘහ ජීවිතයේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර, යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි බවක් ද පෙන්නුම් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන-ප්‍රභූ උපකාරයක්

මිශ්‍රපලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12 යන භාවස්ථානවලයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට අවස්ථාව උදාකරන කාලයකි.

සතිය මැද කාලය වන විට දී පාදයේ ආබාධයකට හෝ හදිසි වැටීම් තැළීම් වැනි අනතුරු දායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇත. නිතර මනස වෙහෙසා කරන කටයුතු අධික කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ප්‍රභූ කෙනෙකුගේ උපකාරයක් හිමි කරන කාලයකි.

අය 07 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

තුලා - උරහිසේ ආබාධයක්

මෙතෙක් පැවැති ගැටලු කීපයකින් නිදහස අත්කරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු වීමට ඉඩ ඇත. උරහිස ආශි‍්‍රත ඇති වන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදු වේ. විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටු කරන කාලයක් වන අතර, හදිසි විවාහ යෝජනා එල්ලවිය හැකි බවක් ද පෙන්නුම් කරයි. පියපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදු වන කාලයකි. සති අන්තය වන විටදී හදිසි වැටීම් තැළීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බැවින් අවධානයෙන් පසුවන්න.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - සිකුරාදා

 

කුම්භ -අලුත් දැන හැඳුනුම්කම්

පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් පැවැති කලබලකාරී ගතිපැවැතුම් මඟහැරී යන කාලයක් වන අතර, අලුත් දැන හැඳුනුම්කම්වලට කටයුතු සැලසෙන බවක් ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී වරින් වර ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු යෙදේ. එමෙන්ම අලුත් රැකියා මාර්ගවලටද හිමිකම් ඇති කාලයකි. දරුවකුගේ කටයුත්තක් හේතුවෙන් හදිසි මුදල් වැය වීමක් සිදු කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු කාලයකි. වරින් වර ආගමික වැඩසටහන් සඳහා දුර පළාතකට යාමට සිදු වේ.

අය 08 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

කටක - නොගැළපෙන ඇසුරක්

පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. නොසිතූ ලෙස විවාහ ගැටලුවකට මුහුණ දීමට සිදුවන සතියකි. රැකියා කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවක් සිදු වීමට ඉඩ ඇත. එමෙන්ම නොගැළපෙන ඇසුරකට සිත යොමු වීමෙන් ගැටලු කීපයක් මතු කරයි.

සතිය මැද කාලය වන විටදී පවුලේ දරුවන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික-විදෙස් ලැබීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතිය ආරම්භය ඔබට සුබදායක වනු ඇත. සඳුගේ ගමන සිදු වන්නේ 5, 6, 7 යන භාවස්ථානවලයි. අලුතින් දැන හඳුනාගත් කෙනකු නිසා අලුත් සැලසුම් කීපයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාකරයි. එමෙන්ම පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන බවක් ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේ දී රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසීම් සිදු කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. සති අන්තයේ දී නිතර යෙදෙන දුර ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ළා දම්

සුබ දවස - බදාදා

 

මීන-නීති ගැටලුවක්

මානසික අසහනකාරී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරයි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසෙන සතියකි. වෙහෙසකාරී කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව උදාකරයි. නිතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදු වෙයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරන කාලයකි. සතිය මැද කාලයේදී අඹුසැමි විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුත්තක් සිදු කරයි. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා කල්පනාවෙන් පසු වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ගත හැකි කාලයකි. සති අන්තයේ දී නීති ගැටලුවකට පැටලීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.