මැයි 13 සිට මැයි 19 දක්වා

මැයි 13, 2022

මේෂ-අමතර ලැබීමකට බාධා

වරින්වර මතුකරන අසනීපකාරි බවක් හේතුවෙන් කටයුතු කීපයක වෙනස්කම් රැසක් සිදුකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථානවලයි. අලුත් බලාපොරොත්තු ඇති කරන සතියකි. එමෙන්ම වෙනදාට වඩා වගකීම් බහුල වන බවක්ද පෙන්නුම් කරයි. අවිවාහක අයට විවාහ යෝජනා සාර්ථක වන අතර මවුපිය විරෝධතාවය මත ගෙන ගිය පෙම් සබඳතාවයකට ආශිර්වාදය ද හිමිවන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් ගෙන තිබූ හදිසි තීරණ කීපයක් අතර මඟ නවතා දැමීමට සිදුවන බවක් පෙන්වයි.

නීති කටයුතුවලට සම්බන්ධ වූවන්ට සුබදායක ලෙස එම ගැටලු විසඳී යන බවක් පෙනේ. ආර්ථික අතින් නොසිතූ පාඩුවක් සිදුවන කාලයක් වන අතර මෙතෙක් පැවැති අමතර ලැබීමකට බාධාකාරි ලෙස කටයුතු කීපයක් සිදුකරයි. දරුවන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. සති අන්තයේදී වරින් වර ඇති කරන උගුරේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ-විශ්වාසය බිඳවැටීමක්

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථානවලය. දරුවන්ගේ කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු සතියක් වන අතර විවිධ චෝදනා අපවාදවලට ද ලක්වීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට පවුලේ අයගෙන් අත හිත ලැබෙන කාලයකි. ළඟම හිතවතකු වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු සැලසේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයක් වන අතර නිතර අමතර වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. හදිසි තීරණයක් හේතුවෙන් මතුවන ගැටලුකාරි බවක් දුරදිග යයි. එමෙන්ම විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරයක පැටලීමට ඉඩ ඇත. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සැලසුම් සහගත කටයුතු කීපයකට අතගැසීමට මඟ සැලසෙන සතියකි. සතිය මැද කාලය වන විටදී වරින් වර ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. දුර ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන-හදිසි තීරණයක්

ගෘහ ජීවිතයේ මතුවන ගැටලුකාරී බවක් හේතුවෙන් පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි. තරමක පීඩාකාරි කටයුතු කීපයකට මුහුණ පෑමට සිදුවුවත් නිතර ආගම දහමට ලැදිව කටයුතු කිරීමෙන් සැනසිලිදායක බවක් ළඟාකර ගත හැකිවේ. නිවසට පැමිණෙන අමුත්තකු නිසා වැඩපිළිවලක වෙනස්කම් කීපයක් සිදුකරයි. රැකියාවේ කටයුතු පිළිබඳ සතුටුදායක බලාපොරොත්තුවක් ඇතිකර ගත හැකි බවක් පෙන්වයි.

එමෙන්ම විදෙස් ඇරැයුමකට ද හිමිකම් ඇති කාලයකි. එහෙත් නිකරුනේ ගමන් බිමන් යෑම හේතුවෙන් අනවශ්‍ය කරදරවලට පැටලීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී පවුලේ අය වෙනුවෙන් භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කර ගනී.

හදිසි ජයග්‍රහණයක් හේතුවෙන් වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇත. සහෝදර පක්ෂය සමඟ ඇතිවන ගැටලුකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. හදිසි තීරණ ගැනීමෙන් පවුලේ අය අතර නොසන්සුන්තාවයක් ඇති කරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. ළඟම හිතවතකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - ලාකොළ

සුබ දවස - බදාදා

 

කටක-ප්‍රමාද වූ ණය ගනු දෙනුවක් හිමිකරයි

මෙතෙක් යොදාගෙන තිබූ සැලසුමක් වෙනසකට පත්කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් නොසිතූ ලෙස වැයපස අධික කරයි. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති ණය ගනුදෙනුවක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. විශේෂ තරඟ විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. නිතර පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවක් පෙනේ. පරම්පරාගත දේපළක් සම්බන්ධ මෙතෙක් පැවැති අවහිරතා කීපයක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් ගත මිතුරකුගෙන් උපකාරයක් හිමිවන සතියකි. නිතර තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. එමෙන්ම පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. අලුත් රැකියා අපේක්ෂිතයන්ට එතරම් සුබදායක කාලයක් නොවුනු ඇත. ප්‍රභූ අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන කාලයක් වන අතර ඇසුරු කරන අය පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරි වීමද වැදගත් වේ.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

සිංහ -අඹුසැමි සිත් නොහඳකමක්

වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථානවලයි. ඥාති හිතවතුන් අතර පැවැති මතභේදකාරි බවක් දුරු කිරීමට මහත් වෙහෙසක් ගත යුතු කාලයකි. නිතර තමාට චෝදනා අපවාද වැනි නොසිතූ ගැටලු කීපයකට ද මුහුණපෑමට සිදුවෙයි. අඹුසැමි සිත් නොහඳකමකට තුඩුදෙන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. තම සහකරුවා පිළිබඳ ඇතිවන අවිශ්වාසය හේතුවෙන් පවුලේ අයගෙන් දුරස්ව සිටීමට හේතු ඇතිකරයි . වෙනදා පැවැති උනන්දුව උත්සාහය අඩුවන කාලයකි. මේ සතියේ වැඩි කාලයක් පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

ඔබ විවාහ වන වයසේ පසුවන අයකු නම් හිතුවක්කාර තීරණයක් විවාහ ගිවිසුමකට බාධාකාරි බවක් ඇති කරයි. නිතර ඇතිවන පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආගමික සැලසුමක් වෙනුවෙන් දුර පළාතකට යාමට කටයුතු සැලසේ. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළැකීම යහපත් කරයි. සති අන්තයේදී තමාගේ එදිනෙදා කටයුතු ඉතා ආරක්ෂාකාරීව කිරීම වැදගත් වේ.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

කන්‍යා -පොරොන්දු ගිවිසුමක් කල්දමයි

වැය පස අධික කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථානවලයි. අමතර ආදායම් මාර්ග කීපයකට හිමිකම් ඇති වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්වයි. තනි තීරණයක් හේතුවෙන් මත ගැටුම් කීපයක් පැන නැඟේ. පවුලේ වැඩිහිටියකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විදෙස් ලැබීම් වලට හිමිකම් ඇති කාලයකි. මව්පස ඥාතියකුගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. සතිය මැද කාලයේදී දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරන කාලයකි. වරින්වර ඇතිවන උදරාබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. දරු ලාබ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. පොරොන්දු ගිවිසුමක් කල්දැමීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා මානසික අසහනයෙන් කටයුතු කරන බවක් පෙන්වයි.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

තුලා -විශේෂ සැලසුමක්

හදිසි ලැබීමකට ඉඩකඩ ඇති සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12, 1,2,3 යන භාවස්ථානවලයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මාර්ග පෑදෙන සතියකි. එමෙන්ම විශේෂ සැලසුමකට අත ගැසීමේ මාර්ගය පෑදෙන බවක් පෙන්නයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවකු පිළිබඳ සතුටු පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ.

මේ සතිය තුළදී අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට හැකිවෙයි. පෙම්වතුන් අතර විශ්වාසය බිඳවැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

මෙතෙක් තමාට උරුමවන්න තිබූ දේපළක් සම්බන්ධ ගැටලුවක් නිරවුල් ලකුණු පෙන්නුම් කරයි. විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. විශේෂ සැලසුමකට අත ගැසීමට අවස්ථාව උදාකරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. රැකියාව පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී.

අය 08 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික-විශේෂ වරප්‍රසාද

හදිසි ගමනක් යෙදීමෙන් වැඩකටයුතු කීපයක වෙනසක් කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල ගමන් කරයි. යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු බවක් පෙන්වයි. උදරාශි‍්‍රත ආබාධ තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගත යුතු කාලයක් වන අතර වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත්වන්න. දරුවකුගේ හිතුවක්කාර ක්‍රියාපිළිවෙළක් හේතුවෙන් නීතිමය පියවර කීපයක් ගැනීමට සිදුවේ. වෙනදාට වඩා ගතට සිතට පීඩාකාරි බවක් ඇති කරයි.

හදිසියේ සිදුවන වාහන ගනුදෙනුවක් හේතුවෙන් අතමිට මුදල් ගැවසෙන කාලයකි. සමාජ සේවා කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන කාලයකි. එමෙන්ම දවසින් වැඩි කාලයක් ඒ පිළිබඳ වෙහෙසීමට ද සිදුවේ. සති අන්තය වන විටදී රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

ධනු -හදිසි ගමනක්

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක වෙනස්කම් කීපයක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 යන භාවස්ථානවලයි. නිතර ගත සිත වෙහෙසන කරන කටයුතු අධික කරන කාලයකි. යටපත් වූ උරහිසේ වේදනාවක් නැවත මතුකරයි. පවුලේ ගැටලුකාරි බවක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවලක් වෙනස් කිරීමට සිදුවෙයි. නිතර ගැටුම්කාරි කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. වරින් වර ප්‍රභූ අයගේ උපදෙස් පැතීමටද හේතු ඇතිකරයි. වෙනදාට වඩා දරුවන් පිළිබඳ සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයකි.

මවගේ අසනීපකාරි බවක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. ළඟම හිතවතකුගේ හමුවීමක් සිදුවීමෙන් සැලසුම් කීපයක් වෙනස් කරයි. නිතර යෙදෙන දුර ගමන් හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි කාලයකි. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. හදිසි ගමනකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

මකර - විභාග ජයග්‍රහණයක්

වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් ඇති කරමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ වැඩිහිටියකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුලාභ බලාපොරොත්තු වන අයට ඒ පිළිබඳ සුබදායක කාලයක් බැවින් වගකීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. සහෝදර පක්ෂය පිළිබඳ අවධානයෙන් පසුවන්න. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් මතුවන අර්බුධකාරි තත්ත්වයක් දුරදිග යන ලකුණු මතුකරයි. විදෙස්ගතවීමක් පිළිබඳ ඇතිකරගත් බලාපොරොත්තුවක් බිඳවැටෙන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි.

උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට මඟ සැලසේ. විශේෂ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවෙයි. රැකියා ස්ථානයේ ඇතිව තිබූ පීඩාකාරි තත්වයක් මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. අතර මඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. තරඟ විභාගයකින් ජය හිමිවන ලකුණු පෙන්නුම් කරයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවීමෙන් පීඩාකාරි බවක් ඇතිකරන සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

කුම්භ -ප්‍රභූ අය හා ඇසුරට

අවිවේකී වුවත් සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන කාලයක් වන අතර මෙතෙක් ඉල්ලුම් කළ ණය ගනුදෙනුවක් ප්‍රමාද වන ලකුණු පෙන්නුම් කරයි. හදිසි ගමන් කීපයකට සහභාගි වීමට කටයුතු සැලසෙන කාලයකි. නිතර දූ දරුවන්ගෙන් දුරස්ව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන කාලයකි. නිතර අන් අයගේ කටයුතු වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවයි. ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධ වූවන්ට සුබදායක කාලයකි. අසල්වැසි සුහදතාවයකට මඟ සැලසේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කරන්න.

දරුවකුගේ විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවීමට අවස්ථාව උදාකරයි. මව්පස ඥාතියකුගේ අසනීප තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. වාහනයක අඩුපාඩු කීපයක් සපුරාගැනීමට වෙහෙසක් දැරිය යුතු කාලයකි. අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති සිතේ නොසන්සුන්තාවය මඟහැරී යයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

මීන-විදෙස් ඥාතියකුගෙන් උපකාරයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථානවලයි. අවිවාහක අයට සුබදායක ලෙස බලාපොරොත්තු ඉටුකරන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති යෝජනා ස්ථිරවීමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම පරම්පරාගත දේපළ ආරවුලකට නීතිමය පිහිට පැතීමට සිදුවන බවක් පෙන්වයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති වුවත් ඒවා එතරම් දුරට සාර්ථක වන බවක් නොපෙන්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිව තිබූ ගැටලුකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අයහපත උදාකරයි. එදිනෙදා කටයුතු පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරී වන්න. ගෘහජීවිතය කටයුතුවලින් මඳක් ඈත්වී සිටීමට කරුණු යෙදේ. විදෙස් ගත ඥාතියකුගේ උපකාරයක් හිමිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරන කාලයක්වන අතර නිතර ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. සතිය මැද කාලය වනවිටදී පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට අවස්ථාව උදාකරයි. සති අන්තයේදී හදිසි ගමන් වාහනවලින් දුර ගමන් මෙන්ම උස් ස්ථාන ආශි‍්‍රත කටයුතු වලින් වැළැකී සිටීම යහපත් කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.