අප්‍රේල් 29 සිට මැයි 06 දක්වා

අප්‍රේල් 29, 2022

මේෂ

තැන්පත් ධනය වැයවීමක්

පවුලේ කටයුතු වෙනුවෙන් විශේෂ කැපකිරීමක් සිදුකිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. මෙතෙක් තමාට හිතවත්ව සිටි කෙනකුගේ දුරස්වීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. තමාට හිමිවන්න තිබූ දේපලක් සම්බන්ධ මෙතෙක් පැවැති ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි. ඥාති හිතවතුන් අතර කැපී පෙනෙන සතියකි. තමා කරගෙන ආ වැඩපිළිවෙළක් සාර්ථක වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. නොසිතූ ලෙස තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට මග සැලසෙන සතියකි. මවු පස ඥාතියකු වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. ගනුදෙනුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවන බවක් පෙන්වයි. සෙම් රෝග, හිසේ ආබාධ බහුල කාලයක් බැවින් වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. පවුලට අලුත් සාමාජිකයෙක් සම්න්ධ විය හැකි සතියකි. සති අන්තයේ දී දරුවකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා


කටක

හදිසි මුදලක් හිමිකරයි

ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන ඔබට මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථානවලයි. නිතර ආගම දහමට ලැදිව කටයුතු

කරන සතියක් වන අතර ආගමික කටයුතු රැසක නියැලී කටයුතු කිරීමට ද අවස්ථාව උදාකරන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් අතහැර දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. මීට පෙර හිමිවන්න තිබූ මුදලක් හදිස්සියේ හිමිවන කාලයකි. නිතර තම අලංකාරය මෙන්ම ගේ දොර අලංකාරය පිළිබඳව ද වෙහෙසෙන බවක් පෙන්වයි. ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවන අතර යටි බඩ ආශ්‍රිත අබාධ තත්ත්වයක් හා සැර උෂ්ණ ආහාර පාවිච්චියෙන් අමාශ ගත අබාධයක් ද හට ගැනීමට ඉඩ ඇත. නිතර පදිංචිය පිළිබඳ ඇතිවන ගැටලුකාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුතු රැසකට සම්බන්ධවීමට කටයුතු සැලසුනත් ඒවා ඒතරම් දුරට සාර්ථක වන බවක් ද නොපෙන්වයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ලා තැඹිලි

සුබ දවස - සඳුදා


වෘෂභ

පරම්පරාගත දේපළ හිමිකමක්

අමතර ලැබීම්වලට හේතු ඇති කරමින් සතිය ආරම්භ කරන වාෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. රැකියාවේ කරදර බාධා වලින් නිදහස් වීමට අවස්ථාව සැලසෙන සතියකි. විවේකය අඩු වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි. දේශපාලන අංශ වලට සම්බන්ධ වූවන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබේ. ආර්ථික අතින් ඒතරම් යහපත් කාලයක් නොවුණත් යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙයි. නිතර වන්දනා ගමන්වලට සහභාගි වීමට අවස්ථාව උදාකරයි. ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වූ අයට එතරම් යහපත් කාලයක් නොවන අතර පරම්පරාගත දේපළක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. නිතර තමාට ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන අන්දමේ සැලසුම් කීපයක් යෙදේ. විදේශ ලැබීම් කීපයක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේ දී ඉතා උසස් අන්දමේ විභාග ජයක් හිමිවන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා


සිංහ

විභාග ජය

සිංහ ලග්න හිමි ඔබට මේ සතිය උදාවත් සමඟ අමතර මුදල් රැසක් වියදම් වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථාන වලයි. මවු පාර්ශවයේ කෙනකු වෙතින් තම අනාගතය වෙනුවෙන් සැලසුම් කීපයකට යොමු කරවයි. අලුත් සැලසුමකට මුදල් ආයෝජනය කිරීමට අවස්ථාව උදා කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා ඇතිවන ගැටලුකාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. අවිවාහකයන්ට සුබදායක සතියක් වන අතර මෙතෙක් නොවිසදූ ගැටලුවක් විසඳාගැනීමට මඟ සැලසේ. මීට පෙර තමා මුහුණ දුන් විභාගයකින් නොසිතූ ජයග්‍රහණයක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. ආර්ථික අතින් එතරම් යහපත් සතියක් නොවනු ඇත. මෙතෙක් තමා සතුව තිබූ දේපලක් අන්සතු වන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. සතිය මැද කාලයේදී මවුපියන් වෙනුවෙන් යොදාගෙන තිබූ සැලසුමක්‌ වෙනසකට ලක් කරයි. වාහන ගනුදෙනුවක් හේතුවෙන් වෙනදාට වඩා අතමිට සරුවන බවක් ද පෙන්වයි.

අය 08 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා


මිථුන

දරුවකුගේ දියුණුවක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12,1 භාවස්ථාන වලයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සි‌තේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා ගැටලු කීපයක් ඇති කරයි. දුර ගමන් වලට මග සැලසෙන සතියකි. ගිවිසුම්වලදී මුලා වීම් වලට හසුවිය හැකි කාලයක් බැවින් ඒකිනෙකා ඇසුරේදී මෙන්ම ගනුදෙනුවලදී වෙනදාට වඩා කල්පනාකාරී වන්න. උෂ්ණාධික රෝග පීඩාවලට ලක් වන කාලයක් වන අතර නිතර ආහර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න. දරුවකුගේ දියුණුවක් පිළිබඳ සතුටට පත් විය හැකි අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පෙම්වතුන් අතර මත ගැටුම් බහුල කාලයක් වන අතර නිතර වැඩිහිටි උපදෙස් මත කටයුතු කිරීමෙන් සිතට සහනයක් ළඟා කර ගත හැකිවේ. සතිය මැද කාලය වන විට දී පරම්පරා ගත දේපලක් හිමි වන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටින අයට බලාපොරොත්තු ඉටු කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - ඉරිදා


කන්‍යා

ඉදිරි සැලසුමකට පියවර

යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථාන වලයි. දරුවන්ගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් නව පියවර කීපයක් ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. ඉක්මන් කලබලකාරී ගති පැවැතුම් තමාට පාඩු කීපයක් සිදු කරයි. දරුවකු වෙනුවෙන් කැපවී කටයුතු කරන්න සිදුවන බවක් පෙන්නුම් කරයි. වරින් වර තමා යොදාගත් සැලසුමක් වෙනසකට ලක් කරයි. වෙනදාට වඩා නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්වයි. ආගමික නායකයකුගේ සහය පතන කාලයකි. නීති ගැටලුවකට මැදවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු වලදී කල්පනාකාරී විම වැදගත් වේ. එමෙන්ම වාහන ගමන්වලින් පරිස්සම් වීමද වැදගත් කරයි. නිතර තමා සොයාගන එන කෙනකු නිසා ඇතිවන ගැටලුවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවේ. දරුවකු වෙනුවෙන් සතුටු වීමට හේතු ඇති කරන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා


තුලා

දරු ලාභ හිමිකම්

අන්සතු වස්තු ලාභයකට හේතු ඇති කරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි. යටපත් වෙමින් පැවැති අසනීපකාරී බවක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. මෙතෙක් මඟහැරී තිබූ කටයුතු

කීපයක් නැවත ආරම්භයට අවස්ථාව උදාකරයි. කලා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට නව සැලසුම් කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයක් වන අතර නිතර මවු පක්ෂයේ ඥාතීන්ගෙන් උදවු උපකාර ද හිමි කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. දුර ගමනක් යෙදෙන සතියකි. වෙළඳ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වුවන්ට වාසිදායක සතියක් වන අතර තැනපත් ධනය තර කිරීමක් ද සිදුකරයි. ඔබ විවහ අපේක්ෂාවෙන් සිටි අයකු නම් මෙතෙක් ප්‍රමාදතා ඇති කල යෝජනා ස්ථිර වීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී හදිස්සියේ සිදුවන වහන ගනුදෙනුවක් හේතුවෙන් අතමිට සරු වන බවක්ද පෙන්වයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා


මකර

ඥාති උපකාරයක්.

අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථාන වලයි. මෙතෙක් තමා සතුව තිබූ දෙයක් අහිමිවීමට ඉඩ ඇති බැවින් බඩුබාහිරාදිය පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. එමෙන්ම ගේ දොර කටයුතුවලද වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර කේන්ති යන කාලයක් බැවින් පවුලේ අය මෙන්ම ඥාති හිතවතුන් ඇසුරේදී සැලකිලිමත් වීම වැදගත් වේ. පවුලේ කටයුතුවලදී

වෙනදාට වඩා උත්සහවන්තව කටයුතු කරන සතියකි. සතිය මැද කාලය වන විටදී නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණ ගැනීම තමාට අවාසිදායක තත්වයක් ඇති කරයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු කාලයකි. සති අන්තයේදී විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා කලකිරීමක් සිදුකරන අතර වැඩකටයුතු ද අධික වන බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා


වෘශ්චික

නීති ගැටලුවකට මැදිවේ

දරුවකු පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් ඉටු වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථානවලයි. නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන කාලයක් වන අතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක්ද පෙන්නුම් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදා තරම් සොයා බැලීමට නොහැකි වන අතර දුර ගමන් යෙදෙන කාලයක් බව ද පෙනේ. යටපත් වූ අසනීපයක් නැවත මතු කරන කාලයක් වන අතර වෙනදාට වඩා කෑමෙන් බීමෙන් ද පරිස්සම් වන්න. පවුලේ කෙනකු නිසා අමතර මුදලක් වැය වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. අසල්වැසි සිත් අමනාපයක් දුර දිග යන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.සතිය මැද කාලය වන විටදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අමතර මුදලක් මෙන්ම

කාලයත් වැය කිරීමට සිදුවේ. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.සති අන්තයේදී වැඩිහිටි සහය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මග සැලසේ. නිවසින් බැහැරව වාසය කිරීමට හේතු යෙදෙන සතියකි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා


කුම්භ

ණය ගනුදෙනුවක ප්‍රමාදයක්

අවිවෙකී සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථාන වලයි. ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර අමතර මුදල් වැය වීමක් ද සිදු කරන බවක් පෙන්නුම් කරයි. නිතර තමාට චෝදනා අපවාද අසන්න ලැබෙන කාලයකි. දරුවකුගේ හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ කටයුතුවල වෙනසක් සිදු කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසෙන සතියකි. අමතර ලැබීම් හිමි වුවත් ඒවා ඒතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. මෙතෙක් තමාට හිමිවන්න තිබූ ණය ගනුදෙනුවක් ප්‍රමාද වන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ අවධානයක් යොමු කරන සතියකි. සතිය මැද කාලයේදී

රැකියාවේ ගැටලුකාරී බවක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. අඹුසැමියන් අතර සිත් නොහඳතාවයට හේතු ඇති කරන සතියකි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. හදිස්සියේ ඇති වන අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.නිතර

තමා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසෙන සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා


ධනු

හදිසි ලැබීමක්

ගේ දොර කටයුතු පිළිබඳ පැවැති අවිවේකී බව මඟ හැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි.වෙනදාට වඩා දුර දිග සිතා බලන සතියක් වන අතර සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට ද මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. හදිසි ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරන කාලයක් බැවින් ඒ පිළිබඳ කල්පනාකාරීව කටයුතු කරන්න. පවුලේ වැඩිහිටියකු සමඟ ඇති කරගත් මතභේදකාරී බවක් මඟ හැරී යන කාලයකි. එමෙන්ම මවුපස ඥාතියකුගෙන් උපකාරයක් ද හිමි වන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. හදිසි තීරණයක් හේතුවෙන් පවු‌ලේ ඇතිවන අර්බුදකාරී බවක් දුර දිග යන බවක් පෙන්නුම් කරයි. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට වෙහෙසක් දැරිය යුතු

සතියකි. හදිසි ලැබීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු වන කාලයකි. එමෙන්ම ඥාති හිතවතුන්ගෙන් පැසසුම් ලබන අතර උපකාර ද හිමිකරයි. සති අන්තය වන විට දී මෙතෙක් යටපත්ව පැවැති කොන්දේ අමාරුවක් නැවත මතු වන ලකුණු පෙන්නුම් කරයි.

අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


මීන

ගනුදෙනුවක් සාර්ථකයි

මෙතෙක් පැවැති අසහනකාරී කටයුතු කීපයකින් නිදහස් වීමට කරුණු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථානවලයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන සතියකි. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන බවක් පෙන්වයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට කටයුතු සැලසේ. රැකියාවේ කටයුතුවලට අමතර

ලැබීම් වලට හේතු ඇති කරයි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. හදිස්සියේ සිදුවන වාහන හුවමාරුවකින් වාසි කීපයක් සැලසේ. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. ගේ දොර අලුත් වැඩියාවකට හෝ අලුත් කොටසක් එකතු කිරීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නම් කරයි. විදෙස් ගත ලැබීමකට හිමිකම් ඇති සතියකි. සති අන්තයේදී මවුපිය උරුමයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.