මාර්තු 11 සිට මාර්තු 17 දක්වා

මාර්තු 11, 2022

මේෂ-දරුවකු පිළිබඳ සතුටක්

පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇතිකරමින් ආරම්භ කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 3,4,5 යන භාවස්ථාන වලයි. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් පවුලේ අය අතර ඇතිවන ගැටලුකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. අලුත් පදිංචියක් පිළිබඳ ඇතිව තිබූ බලාපොරොත්තුවක් වෙනස් කිරීමට සිදුවෙයි. සෙම් රෝග, උදරාශි‍්‍රත ආබාධ ඇතිවන කාලයක් බැවින් පරිස්සම් වීම වැදගත් වේ. පවුලේ ළඟම ඥාතියකුට අපල සහගත කාලයකි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් වෙනදා වඩා ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරි වන්න.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

සිංහ -සෙම් රෝග

මිශ්‍රපලදායක ලෙස උදාවන මේ සතියේ ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථානවලයි. පවුලේ වැඩි වගකීම් ප්‍රමාණයක් තමා වෙත පැවරෙන සතියකි. වෙනදාට වඩා ගත සිත වෙහෙස කටයුතු කිරීමට සිදුවේ. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. පිය පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ.

දරුවකු වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවන අන්දමේ කටයුත්තක් යෙදේ. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. එමෙන්ම සෙම් රෝග බහුල කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වීම වැදගත් වේ. අඹුසැමි විශ්වාසය බිඳවැටීමෙන් ගැටලුවක් දුරදිග යයි.

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ණය - ලා දම්

සුබ දවස - බදාදා

 

ධනු - දේපලක් හිමිකරයි

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ අයගේ ප්‍රශංසා මැද කටයුතු කීපයක් සිදුකරන සතියකි. එහෙත් වරින්වර පදිංචියෙන් පිට වාසියට හේතු ඇති කරයි. සතිය මැද කාලය වන විටදී ශාරිරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

වරින් වර ඇතිකරන වාත වේදනාවකින් පීඩා විදින සතියකි. මව්පස ඥාතියකුගේ දේපලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. අඹුසැමි මතභේදකාරි බවක් සමතයකට පත්වන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවේ පැවැති ගැටලු කීපයක් මඟහැරී යන සතියකි.

අය 06- වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ-අමතර ලැබීමක්

හදිසි ගමනකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථාන වලයි. සහෝදරියක සමඟ සිදුකළ ගණුදෙනුවක් හේතුවෙන් ඇතිවන මතභේදකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. විශේෂ සැලසුමකට අත ගැසුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි.

සතිය මැද කාලය වන විටදී යටපත් වූ අසනීපකාරි බවක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරි වීම වැදගත් වේ. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුවන සතියක් බව පෙන්නුම් කරයි. අමතර ලැබීමකට මඟ සැලසෙන කාලයකි.

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා -විවාහ ගිවිසුමකට ආශිර්වාද

රැකියාවේ මතුව ඇති ගැටලුවක් සමතයකට පත්වන අන්දමේ කටයුත්තක් සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථාන වලය. වරින්වර මතුකරන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. විවාහ ගිවිසුමකට දෙපාර්ශ්වයේ ආශිර්වාදය හිමිවන කාලයක් වන අතර අමතර වෙහෙසීම් ද වැඩිකරයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක බලාපොරොත්තුවක් ඇතිකර ගත හැකි සතියකි. සතිය මැද කාලයේදී ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. සති අන්තය වන විටදී තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන අතර, වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන බවක් පෙනේ.

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

මකර -තැන්පත් ධනය වැයවීමක්

 වගකීම් බහුල වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුකරන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ගතට සිතය පීඩා ඇති කරයි. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර හදිසි විවාහ යෝජනාවකට ද මඟ සැලසේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි.

සතිය මැද කාලය වනවිටදී තම දේපලක් සම්බන්ධ ගැටලුදායක තත්වයක් මතුකරයි. හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් පවුලේ මතභේදකාරි බවක් ඇති කරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇතිකරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියක් වන අතර තැන්පත් ධනය වැයවීමක් ද සිදුකරයි.

අය 07 වැය 08

ජය අංකය - 02

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන-ආගමික සැලසුමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1 ,2,3 යන භාවස්ථාන වලයි. මෙතෙක් පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන කාලයකි.

ආගමික සැලසුමක් වෙනුවෙන් කාලය මෙන්ම ශ්‍රමයත් වැයකිරීමට සිදුවන අතර නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක්ද පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී අත්වැරදීමක් හේතුවෙන් පාඩුවක් සිදුකරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අත ගැසීමට සිදුවන සතියකි.

මවට හෝ මව්පස ඥාතියකුට ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදාකරයි. හදිසි ලැබීමකට ද හිමිකම් ඇති කාලයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

තුලා -දුරගමන්

නිතර පවුලේ කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන සතියකි.

ගේ දොර කටයුතු අධික වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට මඟ සැලසේ. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි.

සතිය මැද කාලයේදී පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්වයි. දුර ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. සති අන්තයේදී දරුවකුගේ කටයුතු හේතුවෙන් නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - සිකුරාදා

 

කුම්භ -ගුප්ත කටයුතුවලින් පිහිට

සැනසිලිදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර දරුවකුගේ කටයුතුවලට මැදිහත්වීමට සිදුවන සතියක් වන අතර දරුවකු පිළිබඳ ආඩම්බරයට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. දුර ඥාතියකු තමා සොයාගෙන එන කාලයක් වන අතර අලුත් ඥාති සබඳතාවලටද මඟ සැලසෙන බවක් පෙන්නුම් කරයි. ගේ දොර අලුත්වැඩියාවක් සම්බන්ධ කටයුතු හේතුවෙන් එදිනෙදා කටයුතු අධික කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන ලකුණු පෙනේ. කලකින් නොදුටු හිතවතකුගේ හමුවීමක් සිදුකරයි. වෙනදාට වඩා වියදම් පක්ෂය අධික කරන කාලයකි. වරින්වර ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක් පෙනේ.

අය 07 - වැය 06

ජය අංකය - 09

ජය වර්ණය -කහ

සුබ දවස - ඉරිදා

 

 කටක -විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක්

එදිනෙදා කටයුතු වලට අවහිරතා ගෙනදෙමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර ලැබීමක් හේතුවෙන් කරගෙන ආ වැඩ පිළිවෙලක් වෙනසකට ලක්කරයි. එහෙත් වැයපස අධිකවන කාලයක් බැවින් වියහියදම් කටයුතුවලදී කල්පනාකාරි වන්න.

සතිය මැද කාලයේදී විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුකරයි. ගනුදෙනුවක් පියවා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවන සතියක් වන අතර ඇසුරු කරන්නවුන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න.

රැකියා ස්ථානය සම්බන්ධ මතුකරන අවිවේකි බව හේතුවෙන් හදිසි තීරණයක් ගැනීමට සිදුවේ.

අය 07 - වැය 04

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික-හිතවත්කම් අලුත්කරයි

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. හිතුවක්කාර ලෙස කරන කටයුත්තක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. මව්පස ඥාතියකු පිළිබඳ ඇතිවන සිතකලකිරීමක් හේතුවෙන් වැඩ කටයුතු අඩාල කරයි. පැරණි හිතවත්කමක් අලුත්වන කාලයකි. තමා ළඟින් ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයක් බව පෙනේ.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස - ඉරිදා

 

මීන-ව්‍යාපාර කටයුත්තකට ආරම්භයක්

 හදිසි ගනුදෙනුවක් වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන කාලයක් වන අතර මේ සතියේ සදු ග්‍රහයා 4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර ලැබීම් වලට ඉඩකඩ සැලසෙන සතියක් වන අතර හදිසි ගනුදෙනුවක් පියවා ගැනීමටද මඟ සැලසේ. දවසින් වැඩි කාලයක් ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වැය කරයි. පවුලේ මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැර යන ලකුණු පෙනේ. සතියේ මැද කාලයේදී අතක ආබාදයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙළද ව්‍යාපාර කටයුත්තකට අත ගසන කාලයකි. පවුලේ ආගමික වැඩසටහනකට කටයුතු සැලසේ. එමෙන්ම පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ නොසන්සුන්කාරි කටයුත්තක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.