අගෝස්තු 06 සිට 12 දක්වා

අගෝස්තු 6, 2021

මේෂ-දුර ගමන් බහුලයි

මෙතෙක් අහිමිව තිබූ දේපලක් සම්බන්ධ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකි වෙමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථාන වලයි. ආගමික වැඩ සටහනක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර දුර ගමන්ද බහුල වන බවක් පෙන්නුම් කරයි. නිතර පවුලේ අයගෙන් වෙන්ව කවයුතු කිරීමට සිදුවෙයි. සතිය මැද කාලයේදී වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසින් වැඩි කාලයක් යොදවයි. පැරණි හිතවතකු තමා සොයාගෙන පැමිණීමෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. සති අන්තයේදී දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

සිංහ -ශාරීරික වෙහෙසීම්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ කලබලකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නනේ 11,12,1,2 යන භාවස්ථාන වලයි. නිතර ඇවිදිලි වැඩි කරන සතියක් වන අතර ගේ දොර කටයුතු වල වෙනස්කම් රැසක් ද සිදුකරයි. පවුලේ වැඩිමහල් දරුවකු පිළිබඳ වෙහෙසීම් ද වැඩිකරයි. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. නිතර යන ඒන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ශාරීරික වෙහෙසීම් වැඩි කරන සතියක් වන අතර ගතට සිතට පිඩාකාරී බවක් ද ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් අමතර මුදලක් ද වැය කිරීමට සිදුවන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු -හිතවතකු සමඟ මුදල් හුවමාරුවක්

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. තනතරු මාරුවක් වෙනුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. නිතර අලුත් දේ ඉගනීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. ළඟම හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් කර ගැනීමට මඟ සැලසෙන සතියකි. සතිය මැද කාලය වන විට දී යටපත් වූ කොන්දේ අමාරුවක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව සැලසෙන කාලයකි. සති අන්තයේදී වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 08 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ- උත්සවයක් වෙනුවෙන් අමතර මුදලක්

දරුවකුගේ කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථාන වලයි. අමතර වගකීම් බහුල කාලයක් වන අතර සහෝදර පක්ෂය සමඟ ඇති වන බහින් බස්වීමක් දුර දිග යන ලකුණු ද පෙන්නුම් කරයි. නිතර ඥාතීන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන සතියකි. ගේ දොර අඩුපාඩු කම් මඟහැරී යන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. මුදල් වියදම් වැඩිවන සතියක් වන අතර උත්සව අවස්ථාවක් වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවේ. සතිය මැද කාලයේදී ණය ගනුදෙනුවකින් නිදහස් වීමට මඟ සැලසේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා -විදෙස් ලැබීමක්

ශාරීරික වෙහෙසීම් වැඩිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 10,11, 12, 1 යන භාවස්ථානවලයි. විශේෂ සැලසුමක් වෙනුවෙන් ගත සිත වෙහෙසන සතියකි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. මවට හෝ මව් පස ඥාතියකුට අපල සහගත බවක් පෙන්නුම් කරයි. හදිස්සි වී ගන්නා තීරණයක් හේතුවෙන් නොසිතූ අවුලක් සිදුකරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති සතියක් බැවින් යටපත් වූ බලාපොරොත්තු කීපයක් ඉටුකර ගැනීමට මඟ සැලසේ. දරුවන්ගේ කටයුතු හේතුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන සතියකි. නිතර තමා හමුවට එන කෙනෙකු පිළිබඳ සැලකිලිමත් වන්න. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසෙන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

මකර -දේපල ගනුදෙනුවක්

වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි.පවුලේ වැඩිමහල් සහෝදරියක වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට කටයුතු සැලසෙන කාලයකි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සමි විය යුතු බවක් පෙනේ. නොසිතූ රැවටීමකට හසුවිය හැකි බැවින් මුදල් පරිහරනය කිරීමේදී සැලකිලිමත් වන්න. විදෙස් ඥාතියකුගෙන් ද උපකාරයක් හිමිවිය හැකි බවක් පෙනේ. සතිය මැද කාලයේදී නොසිතූ ලෙස දේපල ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත.සති අන්තය වන විටදී හිතුවක්කාරී ලෙස කටයුතු සිදුකරන කාලයක් වන අතර ඒ පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වේ.

අය 07 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

මිථුන - ශාරීරික වෙහෙසීම්

පවුලේ කටයුතු කෙරෙහි වෙහෙසීම් වැඩි කරමින් සතිය ආරම්භ වන මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි ගමන් කීපයක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවලක් වෙනස් කිරීමට සිදුවේ. නිතර රැකියාවේ කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති වන බවක් පෙනේ. පවුලේ ආධිපත්‍ය තමා වෙත හරවා ගැනීමට හැකිවන සතියකි. නිතර ශාරීරික වෙහෙසීම් වැඩි වන බවක් පෙනේ. මෙතෙක් තමාට ඒල්ල වූ චෝදනාවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. චර්ම ගත ආබාධ සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. නිතර තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

තුලා -ණය මුදලක් හිමිකරයි

හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි. පවුලේ ඉදිරි සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර ගෘහ ජීවිතයේ කටයුතු වලදී තමාට මූලිකත්වයක් ගැනීමට ද සිදුවෙයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු විය හැකියි.ප්‍රමාද වූ විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. කල් ගත වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී අතක හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර ප්‍රතිකාර ලබා ගැනීමට දුර පළාතකට ද යාමට සිදුවේ.නිතර ජලයෙන් පරිස්සම් විය යුතු සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ -වැඩිහිටි උපකාරයක්

මතභේදකාරී ලෙස සතිය ආරම්භ වන කාලයක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථාන වලයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිත නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ද විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙි. නිතර අතමිට මුදල් ගැවසුනත් වැය පස අධික වන බවක් පෙනේ. සතිය මැද කාලයේදී අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසෙන අතර පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් ද හිමි කරයි. නිතර යන ඒන ගමන් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. සති අන්තයේදි ළඟින් ඇසුරු කළ අයකු සමග සිත් නොහඳකමට කටයුතු සැලසේ.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - ඉරිදා

 

කටක - ප්‍රභූ ඇසුරක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. නිතර සමාජ සේවා කටයුතු බහුල කරන සතියක් වන අතර ප්‍රභූ ඇසුරකට ද මඟ සැලසේ. දරුවකුගේ කටයුතු හේතුවෙන් සතුටට පත්විය හැකි කාලයකි. සතිය මැද කාලයේදී නිතර හට ගන්නා යටිබඩේ ආබාදයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසක් දැරීමට සිදුවන සතියකි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අන්සතු වස්තු ලාබයකට ද හිමිකම් ඇති කරයි. එහෙත් හදිසි වියදමක් දැරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර අඹුසැමි මත භේදකාරී බවක් හේතුවෙන් සිතේ කනස්සල්ලෙන් පසු වෙයි.

අය 07 - වැය 06

ජය අංකය - 06

ජය වර්ූණය - ලා දම්ි

සුබ දවස - ඉරිදා

 

වෘශ්චික -දරුවකුගේ ජයග්‍රහණයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. නොසිතු ලෙස නීති ගැටළුවකට මැදිවීමට සිදුවන සතියක් වන අතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමටද සිදුවෙයි. නිතර වාහන ගමන් වැඩි කරන සතියකි. දුර ගමන් යාමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වීම ද වැදගත් වේ. නිතර විනෝදයට බරව කටයුතු කරන කාලයකි. විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සැලසුම් වන කාලයකි.‍ අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා නිවසට යන එන අය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සඳුදා

 

මීන-හදිසි වැටීම් තැලීම්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි.ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. මෙතෙක් අතරමඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. අලුත් ගේ දොර ඉදි කිරීමකට කටයුතු සැලසෙන කාලයක් වන අතර පවුලේ කටයුතු වල දී මූලිකත්වක් ගැනීමටද සිදුවෙයි. සතිය මැද කාලයේ දී පාදයේ අබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.