ජූලි 02 ජූලි 08 දක්වා

ජූලි 2, 2021

මේෂ - නොසිතූ ගැටලුවක්

විදෙස් ගත ලැබීමක් කෙරෙහි වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. ආර්ථික අතින් යහපත් සතියක් වන අතර අමතර වියදම් වැඩි වන කාලයක් බව ද පෙන්නුම් කරයි.

පවුලේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළයුතු බවක් පෙනේ. එමෙන්ම නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි. හිතවතකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාල‌යේදී යටපත් වූ උදරාබාධයක් නැවත මතුවිය හැකි කාලයක් වන අතර ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

සිංහ - අලුත් දේපල මිලදී ගැනීමක්

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසෙන කාලයකි. පවුලේ අය සමඟ ඇතිවන බහින්බස්වීමක් දුර දිග යාමට ඉඩ ඇත. සතිය මැද කාලය වන විට ඇවිදිලි වැඩි කරන අතර තුනටියේ හට ගන්නා ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මුදල් ගනුදෙනුවක් සිදු කර ගැනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ.ළඟම ඥාතියකුගේ අසනීපකාරී බවක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.අලුත් දේපල මිලදී ගැනීමකට සිත යොදවන සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

ධනු - දේපල ගනුදෙනුවක්

වෙනදාට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් දැරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 4,5,6 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. පවුලේ කටයුතු නිසා නොසන්සුන්තාවයකින් කටයුතු කරන කාලයකි. අඹුසැමියන් අතර සිත් කලකිරීම් ඇති කරයි. නොසිතූ ලෙස දේපල  නුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත. සමේ අසාදිතතාවයක් හේතුවෙන් ප්‍රතිකාරලබා ගැනීමට සිදුවේ.  විදෙස් උපකාරයක් හිමි වීමෙන් කටයුතු කීපයක වෙනසක් සිදු කරයි. නිතර ආගමික සහන පතන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ- ආගමික සැලසුමක්

අවිවේකී වුවත් වැඩකටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට හැකි වන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 11,12,1 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. මෙතෙක් අතරමග නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට හැකිවන සතියකි.

ආගමික සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් වැය කිරීමට සිදුවෙයි.ගෘහ ජීවිතයේ කටයුතු මඟහැරී යන බවක් පෙනේ.

සතිය මැද කාලයේදී මෙතෙක් හිමිවන්න තිබූ මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. අඹුසැමි ගැටලුවක් දුර දිග යන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

කන්‍යා - සහෝදර මතභේදයක්

මිශ්‍ර ඵලදායක ලෙස උදාවන මේ සතියේ කන්‍යා ලග්න හිමි ඔබගේ සඳුගේ ගමන 7,8,9 යන භාවස්ථාන වල සිදුවෙයි. ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් වුවත් යොදා ගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි.

මේ සතියේ ජලයෙන් පරිස්සම් විය යුතු කාලයක් බැවින් ඒ් සම්බන්ධ කටයුතු වලින් ඈත්වී සිටීම වැදගත් වේ. සතිය මැද කාලයේදී පවුලේ වැඩිමහල් සහෝදරයකු නිසා ඇති වන මතභේදකාරී බවක් දුර දිග යාමට ඉඩ ඇත.

සති අන්තයේදී ඇතිවන බඩේ දැවිල්ලක් හේතුවෙන ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

මකර - තනතුරු වෙනසක්

පැරණි ගනුදෙනුවක් සාර්ථක කරමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. යොදාගත් සැලසුම් කීපයක් වෙනසකට ලක් කරන සතියකි. පවුලේ වැඩිහිටියකු ‌වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙනේ.

නිතර නිවසට යන ඒන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මිථුන - වාහන ගනුදෙනුවකින් වාසි

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. එදිනෙදා කටයුතු සම්බන්ධ වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු කාලයකි. දරුවකුගේ නොසන්සුන්කාරී කටයුතු කීපයක් හේතුවෙන් පීඩාවට පත් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී වාහන ගනුදෙනුවකින් වාසිදායක බවක් ඇති කරයි. නිතර නිවසට යන ඒන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පැවැති අසනීපකාරී බවකින් සුවය ලැබෙන කාලයකි.විවාහ අපේක්ෂාවෙන් සිටි අයට සුබදායක කාලයකි.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

තුලා - ව්‍යාපාර ලාභ

සැලසුම් සහගත කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් සතිය ආරම්භ කරන මේ සතියේ සඳුගේ ගමන 6,7,8 යන භාවස්ථාන වල සිදුවෙයි.

නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර හිතවතකුගේ කටයුතු වෙනුවෙන් දුර පළාතකට ද යාමට සිදුවෙයි.

ගනුදෙනු වලදී කල්පනාකාර‍ි විය යුතු අතර වංචා ප්‍රයෝගයකට ද හසුවීමට ඉඩ ඇත. වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් නොසිතූ ලෙස ලාබ ගෙන දෙන බවක් පෙනේ.

ණය මුදලක් ප්‍රමාද වීමෙන් කලබලකාරී බවක් ඇති කරයි. ඇසුරු කරන අයගෙන් පරිස්සම් විය යුතු කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

කුම්භ - කටයුතු කීපයක් සාර්ථක කරයි

වෙනදාට වඩා ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 2,3,4 යන භාවස්ථාන වල සිදුවෙයි. කලක සිට ප්‍රමාද තාවයක් සිදු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන ලකුණු පෙන්නුම් කරයි.

ඒහෙත් කලබලකාරී ගති පැවතුම් තමාට අවාසිදායක බවක් ඇති කරයි. නෑදෑ හිතවතුන් නිසා සිත් කලකිරීමක් ඇති විය හැකි සතියකි.

නිතර යෙදෙන එදිනෙදා ගමන් අඩු කල යුතු කාලයකි. සති අන්තයේදී ආගමික නායකයකු හා ඒක්ව කටයුතු කිරීමට මඟ සැලසේ

අය 08 - වැය 07

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

කටක - රැකියාවේ ගැටලු

පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි ගෙන දෙන කාලයක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. රැකියාවේ ඇති වන ගැටලුකාරී බවක් හේතුවෙන් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවේ. නිතර යන ඒන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. සතිය මැද කාලයේදී දතක ආබාධයක් හේතුවෙන ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

උසස් අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් ඇතිවන ගැටලුකාරීබවකට වැඩිහිටි පිහිට පැතීමට සිදුවේ. ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික- තැන්පත් ධනය වැය කරයි‍

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති කාලයකි. සමාජ ‌‌සේවා කටයුතු වලට සම්බන්ධ වීමෙදී කල්පනා කාරි විය යුතුය.

කලකින් නොදුටු හිතවතකු හමුවීමට අවස්ථාව උදාකරයි. සතිය මැද කාලය වන විටදී වෙනදාට වඩා වියදම් කටයුතු වැඩි වන බවක් පෙන්වයි.

රැකියාවේ තනතුරු ලාභයක් හිමිවන ලකුණු පෙනේ . සති අන්තයේදී තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

අය 07 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

මීන - නීති ගැටලුවක්

හදිසි ගමන් කීපයක් යෙදෙමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 1,2,3 යන භාවස්ථන වල සිදුවෙයි. නිතර රාතී‍්‍ර ගමන් බහුල කරන කාලයකි.

සමාජ සේවා කටයුතු වල වැඩි කාලයක් නිරත වෙයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි බවක් පෙනේ. නීති ගැටලුවකට මැදීවීමෙන් සිතේ නොසන්සුන්තායක් ඇති කරයි.

සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන අසනීපකාරී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර වයසින් අඩු අය හා ඇසුරට අවස්ථාව උදා කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - ඉරිදා

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.