මැයි 07 මැයි 13 දක්වා

මැයි 7, 2021

මේෂ - අමතර ආදායම්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර වගකීම් බහුල කරන අතර, දුර ගමනක් වෙනුවෙන් කාලයත්,ශ්‍රමයත් කැප කරයි. නිතර නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. යටපත් වූ සෙම් රෝගී තත්වයක් නැවත මතු වීමට ඉඩ ඇති බැවින් කෑමෙන් බීමෙන් මෙන්ම ජලයෙන් ද පරිස්සම්වීම වැදගත් වේ. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට දවසෙන් වැඩි කාලයක් ගත කරයි. සහෝදරයකු සමඟ ගැටලුකාරි බවක් මතුවිය හැකි කාලයකි. සති අන්තයේදී අමතර ආදායම් මාර්ග කීපයකට ඉඩ සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

සිංහ - මුදල් ගනුදෙනුවක් සාර්ථකයි

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. වෙනදාට වඩා උදාසීන බවක් ඇති කරන සතියක් වන අතර වැඩකටයුතු කීපයක් අතපසු කරගැනීම ද සිදුවේ. එහෙත් පවුලේ කෙනකු නිසා තමාට දෝෂාරෝපණයකට ලක්වීමට සිදුවේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු බවක් පෙනේ. අලුත් සැලසුමකට අතගැසීමට අවස්ථාවක් උදා කරන සතියක් වන අතර, මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති මුදල් ගනුදෙනුවක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධනු  - පාදයේ ආබාධයක්

මෙතෙක් පැවැති ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳුගේ ගමන 3,4,5,6 යන භාවස්ථානවල සිදුවනු ලබයි. විශේෂ සැලසුමකට අතගැසීමට සිදුවන සතියකි. එහෙත් ළඟින් ඇසුරු කරන අයකු නිසා සිත් කලකිරීමක් හට ගනී. සතිය මැද කාලයේදී ගේ දොර අලුත්වැඩියාවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි. එමෙන්ම හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්වයකට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වන්න. සති අන්තයේදී පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරන කාලයකි. වගකීම් බහුල සතියක් වන අතර, නිතර පදිංචියෙන් පිට වාසයට ද කරුණු සැලසේ.

අය 08 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ - විශේෂ සැලසුමක්

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී කල්පනාකාරිවන්න. විශේෂ සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට මඟ සැලසේ. නිතර ගමන් බිමන් බහුල කරන කාලයකි. එමෙන්ම අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ඇරඹීමට මඟ සැලසේ. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. සති අන්තය වන විටදී ශාරිරික වෙහෙසගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ණය ගනුදෙනුවක් විසඳා ගැනීමට මඟ සැලසෙන සතියකි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කන්‍යා - අලුත් සාමාජිකයෙක්

අලුත් කටයුතු කීපයක් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කරමින් උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථානවල ගමන් කරයි. මෙතෙක් ඇසුරු කළ අයෙකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ආගමික සහන මෙන්ම ගුප්ත කටයුතුවලින් ද පිහිට පතන කාලයකි. ණය ගනුදෙනුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ.

නිතර වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සති අන්තයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකි බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

මකර - දරුවකුගේ ජයග්‍රහණයක්

අවිවේකී වුවත් යොදාගත් වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, සඳුඟේ ගමන 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. නැතිවූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන සතියකි. එමෙන්ම අත්වැරදීමක් හෝ කටවැරදීමක් හේතුවෙන් පවුලේ ගැටලු කීපයක් දුරදිග යයි.

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. දරුවකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි කාලයක. සති අන්තයේදී පවුලේ දානමය කටයුත්තත් පිළිබඳ වෙහෙසීම් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මිථුන - විශ්වාසය බිඳවැටීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. පියපස ඥාතියකුගෙන් උපකාරයක් සැලසෙන කාලයකි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරි විය යුතු බවක් පෙනේ. සතිය මැද කාලයේදී උරහිසේ හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. එමෙන්ම විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි කාලයකි.

නිතර නිවසට යන එන අයකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. හදිසි ආදායම් මාර්ග කීපයකට ඉඩ සැලසෙන සතියකි.

අය 08 - වැය 03

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

තුලා - දේපළ අලුත්වැඩියාවක්

විශේෂ සැලසුමකට අතගසමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳුග්‍රහයා මේ සතියේ 5,6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයාබැලීමක් කළ යුතු කාලයකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විවාහ යෝජනාවකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරයි. සතිය මැද කාලයේදී පියාගේ හෝ පියපස ඥාතියකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන සතියක් වන අතර, විශේෂ සැලසුමකට ද අතගැසීමට කටයුතු සැලසේ. සති අන්තයේදී දේපළ අලුත්වැඩියාවක් වෙනුවෙන් ද වෙහෙසීමට සිදුවෙයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් ද හිමිකරයි.

අය 08 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කුම්භ - හදිසි මුදල් වැයවීමක්

වගකීම් බහුල කරන සතියක් වන අතර, මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සතිය මැද කාලය වන විටදී යටපත් වූ මූත්‍රා ආබාධයක් නැවත මතුවිය හැකිය. සහෝදරයකු සමඟ මුදල් ගනුදෙනුවක් සිදුකර ගැනීමට මඟ සැලසේ. ඉක්මන් කෝපය තමාට අවාසිදායක බවක් ඇති කරයි. දුර ගමන්වලින් පරිස්සම් විය යුතු කාලයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි කරන අතර, හදිසි මුදලක් වැයවීමක් සිදුවීමට ද ඉඩ ඇත.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

කටක - රැකියාවේ වගකීම් බහුලයි

අවිවේකී බවක් ඇති කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. එමෙන්ම පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු බවක් පෙනේ. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල කරන සතියක් වන අතර, ස්ථාන වෙනස්කමකට ද කටයුතු සැලසේ. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන කාලයකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් වගකීම් බහුල කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික - ආගමික සහන

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. නීති ගැටලුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, පවුලේ ගැටලු කීපයක් දුරදිග යන බවක් ද පෙන්නුම් කරයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇතිවන ලකුණු පෙන්නුම් කරයි. වරින්වර ආගමික සහන පතා දුර පළාතකට යාමට කටයුතු සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බව හේතුවෙන් මානසික අසහනකාරි බවක් ඇති කරයි. සති අන්තය වන විටදී වරින්වර ඇතිවන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - රතු

සුබ දවස - බදාදා

 

මීන - විවාහයට වැඩිහිටි ආශිර්වාදය

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳුගේ ගමන 12,1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. ශාරිරික වෙහෙසිම් ගෙන දෙන කාලයකි. වාහන ගමන් දුර ගමන්වලින් පරිස්සම් වන්න. දේපළ ගනුදෙනුවක් සම්බන්ධ කටයුත්තක් ප්‍රමාදතාවයක් සිදු කරයි. පවුලේ වැඩිහිටියකු සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති යෝජනාවකට වැඩිහිටි ආශිර්වාදය හිමිකරයි. සතිය මැද කාලයේදී විදෙස් ලාබ හිමිකරන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. මෙතෙක් බාධාගෙන දුන් මුදල් ගනුදෙනුවක් ඉටුවන අන්දමේ කරුණු කීපයක් සැලසේ. උත්සව අවස්ථාවක් ප්‍රමාද කරන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.