ගුරු,ශනි යෝගවීම හා ගුරුගේ මාරුව ලග්නවලට බලපෑම මේ ආකාරයට විග්‍රහ වෙයි

නොවැම්බර් 20, 2020

මේෂ – ශාරිරික සැප උතුරා යයි

යෝග රැසකගේ දෘෂ්ටින් ලබමින් රස මුසු අහර දී අනියමින් කලක සිට තිබූ සිතැඟියාවන් මල්ඵල ගැන්වෙන රසාස්වාදාත්මක දිවි ගමනකට මඟ සැළසෙයි. සබඳතා අධ්‍යාපනය, රැකියා ආදායම් මාර්ග, උසස්වීම්, ලාභ ප්‍රයෝජන ගලා එයි. කර්මස්ථානයෙහි ගුරු ශනි යෝගය මෙන්ම ගජකේශරී යෝගය සංසාරික නැඹුරුව පැවැති මානසික අභිමතාර්ථයන් සිතුපැතූ සම්පත් රැස තිවෘත කෙරෙණ මංගල යෝග 07 වැන්නේ බුධ ශුක්‍ර බලය තුළින් සාර්ථකත්වය දැඩි ලෙස මුවහත්ව සක්‍රිය වෙන ප්‍රාර්ථනා මුදුන්පත්වීමේ භාග්‍යය උදාකරයි.

වෘෂභ – ප්‍රභූ ජනයා මෙන්ම පොදුවේ හමුවීම් මතුවෙයි.

යටපත් කෙරුණ ප්‍රාර්ථනාවන් ජයග්‍රහණය කෙරෙන ඉඩකඩ අසීමිත වෙයි. ආර්ථික ප්‍රතිලාභ සුළඟින් සේ ළඟාවෙයි. ගැළපීම් නොගැලපීම් කෙසේ වෙතත් සිතන පතනවාටත් ඉහළින්ම ඉටුවෙයි. මානසිකව කැකෑරෙන අරමුණූ අභිප්‍රායන් මත සිදුවෙයි. 7 වන්නේ රවි කේතු මෙන්ම 8 වැන්නවූ මෘත්‍යු ස්ථානගත ප්ලූටෝ මානසික, ශාරිරික සැපත අඩු ලුහුඩුවකින් තොරව පස් වැන්නෙහි බුධ සිකුරු යෝග බලෙන් අරමුණු සඵල කරදෙනු ලබයි. ක්‍රියාකාරකම් සියල්ල කෙරෙහි හිතකර ග්‍රහ චලිතයක් වෘෂභ රාශියට ග්‍රහණය කෙරෙනු ඇත.

මිථුන- ගුරු ,ශනි, චන්ද්‍ර යෝගය ප්‍රාණවත් බවක් ගෙන දෙයි.

8 වැන්නෙහි යෙදෙන යෝග බලෙන් බාධක අවහිර දුෂ්කරතා අවම කෙරෙනු ඇත. ඉදිරිකාලීන රූප රාමු පූර්ණ බවට පත් කෙරෙයි. රැකියා ආදායම් මාර්ග ප්‍රමාදවූ මංගල කටයුතු ගෘහ ජීවිතයෙහි සිතැඟියාවන් සාර්ථක කර ගැනීම අසිරිමත් කාලපරාසයකි.

රසමුසු ආහාරපාන මෙන්ම කලක සිට මානසිකව වද දුන් ස්වකීය සිහින මාළිගා සැබෑ කෙරෙයි. උදාරතර සතුටුදායක වූ අතෘප්තිමත් කාමභෝගී සුව සම්පත් සැබෑ කෙරෙයි. නූතන ලෝකස්වාද උණුසුම් ප්‍රාර්ථනා මල්ඵල ගැන් වෙයි.

කටක – අසමතාර්ථ රැසක් සාර්ථකත්වයට පත් කෙරෙයි.

ගුරු, ශනි යෝගය මෙන්ම ගජකේශරී යෝගය 07 වැන්නෙහි උදාවද බුධ සිකුරු 04 වැන්නෙහි යෙදීමද රවි කේතු 05 වැන්නෙහි තැම්පත්වීමද සිතැඟියාවන් දෙගුණ තෙගුණ කෙරෙමින් නොසිතූ ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙයි. මානසික ශාරීරික සුව සම්පත් ඉහවහ යන අසිරිමත් හිතකර කාල පරාසයකි. සැබෑ ලෝකය තුළඅසීමිත සැනසුම, සතුට මතු කෙරෙනු ඇත. රසමුසු ආහාරපානද දෛනික දිවිගමනෙහි ප්‍රාර්ථනා නොසිතූ අයුරින් මල්ඵල ගැන්වෙන පැතු සිහින මාළිගා සැබෑවෙන අසීමිත තෘප්තිය මානසික සුවය නිරතුරුවම රසාස්වාදාත්මකව ළඟා කෙරෙයි.

සිංහ – උදාරතර ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙයි.

නිරතුරුව කැකෑරුන රැකියා ආදායම් මාර්ග, ගොඩමඩ ඉඩකඩම් හා සාර්ථක පසුබිමද ගෘහ ජීවිතයෙහි යටත්ව පැවැති කරුණු කාරණා සඵලවෙමින් අීථිකය මංගල යෝජනා දූදරු අනාගතය, සාර්ථකත්වයට පාත්‍ර කෙරෙයි. බෙ ාහෝදුරට වික්‍රමස්ථානගත බුධ, ශුක්‍ර යෝග බලය මානසික ශාරිරික වූ සැප සම්පත් කෙරෙහි තුඩුවෙමින් සවිබල සම්පන්න සිතිවිලි සාර්ථකත්වය කරා පමුණුවනු ලබයි. ඤාති හිතෛෂිකම් වර්ධනය කෙරෙණ උත්සව පි‍්‍රය සම්භාෂණ යෙදෙහි අඩුලුහුඩුකකම් පිළිබඳ සිහින මාළිගා කෙබඳු ආකාරව හෝ මල්ඵල ගැන්වෙන කාල පරාසයක් මතු කෙරෙනු ඇත.

කන්‍යා – ධන සම්පත් වර්ධණය කෙරයි.

කලක සිට සිත සිතිවිලි සැබෑවෙමින් සාමාන්‍යතත්වයෙන් පැවතුන මුත් අධිවේග ග්‍රහ චලිතය මගින් පස්වැන්න හෙවත් පුත්‍රකාරක ස්ථානීය වර්ධනයක් නිරායාසයෙන්ම ඉෂ්ඨවෙයි. කොයිකා අතරත් කැපී පෙනෙන සමාජගත දැඩි ඇසුරක් විද්‍යමාන කෙරෙන ගොඩමඩ ඉඩකඩම් ලාභ මතුකෙරෙන පෙර පින් ඵලදෙන අසිරිමත් විචිත්‍ර කාල වකවානුවෙකි. එසේම දැඩි අපහසුකම් ස්වයංක්‍රීයව පහවෙන ලෞකික දිවි ගමනෙහි බලපොරොත්තු මල්ඵල ගැන්වෙන සතුටුදායක තත්ත්වයකි. අසල්වැසියන්ගේ නොමද සහයෝගය පි‍්‍රය සම්භාෂණයන් කෙරෙහි විශේෂ අවධානය පහළ කෙරෙනු ඇත.

තුලා – අසිරිමත් ජයග්‍රහණයන් මල්ඵල ගැන්වෙයි.

බුධ ,ශුක්‍ර සංයෝගය ලග්නයේද හතර වැන්නෙහි ගුරු චන්ද්‍ර ගජකේශරී යෝග බලයද ගුරු, ශනි යෝගයද මකර රාශිගතව යෙදීම නොසිතූ අයුරින් සතුට සැනසුම උදාකෙරණ පි‍්‍රයජනක වූ රසාස්වාදය තීවෘතිමත් වෙන කාල පරාසයකි. ස්වකීය ගෘහ ජීවිතය මෙන්ම මානසික ශාරිරික සැප සම්පත්ද නොසතු ලෙස ඉටුවෙන යුගකාලීන වුවෙකි. විනෝදය අලංකාරය සැපත සතුට උතරා යන උදාර දිවි ගමනක සමාරම්භය මතුකෙරන රසස්වාදාත්මක අසිරිමත් පසු බිමක් නිර්මාණය කෙරෙයි. රැකියා ලාභ, මංගල යෝග උදා කෙරෙයි. ආර්ථිකයෙහි විශිෂ්ඨතම ප්‍රවණතාවයක් ග්‍රහණය වෙයි.

වෘශ්චික – සැනසුම සතුට උතුරා යන කාලපරාසයක් අප්‍රතිහත උත්සාහය මත යටපත්ව තිබූ අරමුණු රැසක්ම ක්‍රියාත්මක වෙන අසීමිත තාප්තියක් ළඟා කෙරෙණ භාග්‍යවත් කාලපරාසයකි.

 

සිතෙහි සිතිවිලි සැබෑ කරගනිමින් දෛනික දිවි පෙවෙත රසාස්වාදාත්මකව මෙන්ම සිහින මාලිගා සැබෑ කර ගනිමින් රැකියා ආදායම් මාර්ග, අධ්‍යාපනික සංවිධානාත්මක අරමුණූ එකින් එක සාර්ථකත්වය කරා ගමන් කෙරෙන අතෘප්තිමත් අවස්ථා උදා කෙරෙයි. දූදරු ප්‍රශ්න, විසදෙමින් අසල්වැසි ඥාති හිතෛෂි සංග්‍රහයන් පහළ වෙන අපූර්වාත්මක කාල පරිච්ඡේදයකි. ව්‍යාපාරික කටයුතු වර්ධනය වෙයි. ධනය බලය තර කෙරෙන වැදගත් විනෝදකාමී සමයක් උදාකෙරෙයි.

ධනු – යටපත් වූ භාග්‍යය පෙර පින් මතු කෙරෙයි.

දෙවැන්න වූ ධන ස්ථානගත ගුරු ශනි යෝගය මෙන්ම ගුරු චන්ද්‍ර ගජකේශරී යෝගයද 11 වැන්න වූ අයස්ථානගත බුධ – ශුක්‍ර යෝග බලයද 04 වැන්නෙහි අඟහරුගේ තැම්පත්වීමද ඔබගේ ප්‍රෞඪත්වය පෞරුෂය පෙර ආත්ම කුසල් අවධිවෙන තීවෘතව ක්‍රියා කෙරෙණ අසිරිමත් කාලපරාසයකි. උදාරතර දිවිගමනක අභිමානවත්වූ කුසලතා නිපුනතා වර්ධය වෙන පින් බලැති ජවබල සම්පන්න භාග්‍යමත් යෝග බලය සබඳතා විවාහ , රකියා ලාභ, උසස්වීම්, විජයග්‍රහණ මතු කෙරෙනු ඇත. සිහින මාළිගා සැබෑ කෙරෙයි. සැනසුම උදාකරයි. ධනය, බලය තර කෙරෙයි. කීර්ති, ප්‍රශංසා මතුකෙරෙයි.

මකර – ක්‍රියාන්විත ජීවන සටන සැබෑ කෙරෙයි.

දිගු කාලීනව පැවැති උණුසුම් සිතැඟියාවන් ආශ්‍රීතවූ සිහින මාලිගා සැබෑ කරගනිමින් ජීවන ගමන් මග සාර්ථකත්ව කරා රැගෙන යාමේ ප්‍රවණතාවය ආරෝහණය වෙයි. සත්‍ය යමක් ධර්මතාවයන්ගේ සතර මහා භූත පංච න්‍යාම ධර්මයන්ගේ යථා ස්වභාවය උරගා බලමින් සතුටුදායක පි‍්‍රතිමත් වූ මානසික සුවය තීව්‍ය කෙරෙන කාලවකවානුවෙකි. එසේම උත්සාහය, උනන්දුව තිවෘත කෙරෙණ අයුතු අසාධාරණකම් පිටු දකින සැබෑ ලොවක යථාර්ථය අවබෝධ ඤාණ සයුරම ප්‍රවිශ්ෂ කරගනු ලබන නිපුනතා කුසලතා මතු කෙරෙන කාලයකි.

කුම්භ – ස්වකීය අභිමතාර්ථ මල්ඵල ගැන්වෙයි.

තිරසාර හැගීම් සමුදායක් ඉටුවෙන ගොඩමඩ ඉඩකඩම් ලාභ උදාවන දරු දැරියන්ගේ අධ්‍යාපනික සහ ධනය ,බලය සුරක්ෂිත කෙරෙන සුබසාධක රැසක්ම ක්‍රියාත්මක කළ හැකි දැඩි මුවහතක් වීමක් ගෙන දෙයි. සෞරග්‍රහ මණ්ඩලයෙකි.

අනන්ත පිහිටාධාර ලබන මධ්‍යස්ථ සැප සම්පත් චිරාගත අයුරින්ම ප්‍රාර්ථනා කෙරෙන භාග්‍යමත් කාලයකි. 12 වැන්නේ ගජකේෂරී යෝගය මෙන්ම ගුරු ශනි යෝගය ඔබහට උසස් ජීවන ගමනට මහත් පිටුවහලෙකි. සසර පුරුදු කුසලතා නිපුනතා වර්ධනය කෙරෙයි. රැකියා ආදායම් රාශි සබඳතා විවාහ මංගල කටයුතු සාර්ථක කෙරෙයි.

මීන – අස්ථාවර පැතිකඩ අවබෝධ කෙරෙයි.

දිගුකාලීන ගවේෂණයන්ගේ ප්‍රතිඵල 11 වැන්න අයස්ථානගත ගුරු ශනි යෝගයද ගුරු චන්ද්‍ර ගජකේශරීයෝගයද තළින් මානසික උදාරතම අසිරිමත් ක්‍රියාකාරකම් සඵල කරගනු ලබයි. මානුෂික ගුණාත්මක මෙන්ම ධනාත්මක ශුභවාදී ක්‍රියාකාරකම් සියල්ල ප්‍රාණවත් කෙරෙයි. නිර්ණාමික නාමික සතුරන් අභිබවා ප්‍රසිද්ධිය කීර්තියද වර්ධනය වෙයි. පංච මහා භූත චලිත ස්වභාවය මනාව අවබෝධ කර ගනු ලබයි. ගෘහ ජීවිතයෙහි අභිමතාර්ථයන් මල්ඵල ගැන්වෙයි. උසස් ජීවන ගමනකට පවතින පසුබිම අවබෝධ කරගනු ලබයි. ඤාණමාත්‍රයක්වත් කම්පාවට පත් නොවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.