මේ සතියේ ඔබට

ඔක්තෝබර් 09 සිට ඔක්තෝබර් 15 දක්වා
ඔක්තෝබර් 9, 2020

 ගුප්ත කටයුතුවලින් පිහිට 

තනි තීරණයක් හේතුවෙන් මානසික අසහනය ඇති කරන කාලයක් වන අතර සඳු ග්‍රහයා 2, 3, 4, 5  යන භාවස්ථානවල  ගමන් කරනු ඇත. ශාරීරික වෙහෙසීම් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයකි. 

අලුත් ව්‍යාපාර කටයුත්තක් ඇරඹීමට මඟ සැලසේ. එහෙත් පවුලේ අය අතර මතභේදකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී වරින්වර ඇති කරන අසනීප තත්ත්වයක් හේතුවෙන් විවිධ පරීක්ෂණවලට භාජනය වීමට සිදු වේ. දරුවෙකුගේ අනාගතය පිළිබඳ විශේෂ තීරණ කීපයක් ගැනීමට මඟ සැලසේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. 

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස -  සිකුරාදා

හදිසි මුදල් ලැබීමක්

 ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි. විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවන අන්දමේ කරුණු කීපයක් සැලසේ. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදාකරයි. වරින් වර ඇති කරන කොන්දේ අමාරුවක් හේතුවෙන් පීඩාවට පත්කරන කාලයකි.

 සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. වැඩිමහල් සහෝදරයෙකු සමඟ ආරවුල්කාරී බවක් ඇති කර ගනී. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු කළයුතු අතර ස්ථාන මාරුවකට ද හිමිකම් ඇති කරයි. සති අන්තයේදී හදිස් මුදලක් ලැබීමේ භාග්‍ය උදා කරයි. 

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස -  සඳුදා

දේපළ ගැටලුවක් නිරවුල් 

නිතර ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවස්ථානවල සිදුවනු ලබයි. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මඟ සැලසෙන කාලයකි.

 පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන බවක් පෙනේ. තමා උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. 

පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සැලසෙන බවක් පෙනේ. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. විවාහ අපේක්ෂිතයන්ට සුබදායකයි. සති අන්තයේදී මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අතර මඟ නවතා දැමීමට සිදුවේ. 

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස -  බදාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.