සතියේ පඤ්චාංගය

දෙසැම්බර් 13, 2024

ශක වර්ෂ 1946ක් වූ වෘශ්චික රවි 28 භාග උඳුවප් පුර තෙළෙස්වක තිථිය ලත් කිවිදින සිට ධනු රවි 04 භාග උඳුවප් අව ජලවක තිථියලත් ගුරුදින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - වෘශ්චික (15 දා රාත්‍රී 10.11 ධනු)

කුජ - කටක (වක්‍ර)

බුධ - වෘශ්චික (නිවෘත)

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - මකර

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ වක්‍ර (13දා දවල් 11.20 මේෂ)

නැප්චූන් - මීන (නිවෘත)

ග්‍රහයෝ ග්‍රහ නැකැත්

රවි - දෙට (15 දා රාත්‍රී 10.11 මුල)

කුජ - පුෂ

බුධ - අනුර

ගුරු - රෙහෙන

ශුක්‍ර - සුවන

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

දෙසැම්බර් 14 සෙනසුරාදා සවස 05.02න් පුර පසළොස්වක ලබා 15 ඉරිදා සවස 02.36න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්.

චන්ද්‍ර චාරය

13 දා දහවල් 01.21 වෘෂභ

15 දා සවස 03.09 මිථුන

17 දා සවස 06.55 කටක

දිනූ තත්ත්ූවය

දෙසැම්බර් 13 සිකුරාදා

වෘශ්චික රවි 28 භාග උඳුවප් පුර තෙළෙස්වක තිථිය හා තුදුස්වක ලත් කිවිදින. ඉර උදාව 06.13. ඉර බැසීම 05.56 බෙරණ නැකත උදේ 07.51න් ගෙවී කැති නැකත ලබයි. උඳුවප් පුර තෙළෙස්වක තිථිය රාත්‍රී 07.42න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබයි. ශිව යෝගය දහවල් 11.55න් ගෙවී සිද්ධ යෝගය ලබයි. කෞලවකරණය උදේ 09.05න් ගෙවී තෛතිලකරණය තෛතිලකරණය ලබා එය රාත්‍රී 07.42න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කන, ඇස

අමෘත කලාව - බැම, නළල

මරු - ගිනිකොන

යෝගිනී - දකුණ, බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

දෙසැම්බර් 14 සෙනසුරාදා

වෘශ්චික රවි 29 භාග උඳුවප් පුර පසළොස්වක ලත් ශනිදින. ඉර උදාව 06.13 ඉර බැසීම 05.57 කැති නැකත උදේ 05.49න් ගෙවී රෙහෙන නැකත ලබයි. උඳුවප් පුර තුදුස්වක තිථිය සවස 05.02න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබයි. සිද්ධ යෝගය උදේ 08.28න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. ගරජකරණය උදේ 06.20න් ගෙවී වණිජකරණය ලබා එය සවස 05.02න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - හිස්මුදුන

මරු - නැඟෙනහිර

යෝගිනී - වයඹ

සුබ දිශාව - දකුණ

දෙසැම්බර් 15 ඉරිදා

වෘශ්චික රවි 30 භාග උඳුවප් පුරපසළොස්වක අව පෑළවිය ලත් රවිදින. ඉර උදාව 06.14 ඉර බැසීම 05.57. රෙහෙන නැකත අලුයම 03.56න් ගෙවී මුවසිරස නැකත ලබයි. උඳුවප් පුර පසළොස්වක තිථිය දහවල් 02.36න් ගෙවී උඳුවප් අව පෑළවිය තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය අලුයම 05.08න් ගෙවී ශුභ යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 03.45න් ගෙවී බවකරණය ලබා එය දහවල් 02.36න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය, ගෙල

අමෘත කලාව - හිස්මුදුන, හිස

මරු - උතුර

යෝගිනී - වයඹ, නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

දෙසැම්බර් 16 සඳුදා

ධනු රවි 01 භාග උඳුවප් අව පෑළවිය ලත් සඳුදින. ඉර උදාව 06.14 ඉර බැසීම 05.58. මුවසිරස නැකත අලුයම 02.23න් ගෙවී අද නැකත ලබයි. උඳුවප් අව පෑළවිය තිථිය දහවල් 12.33න් ගෙවී අව දියවක තිථිය ලබයි. ශුභ යෝගය අලුයම 02.06න් ගෙවී ශුභ්‍ර යෝගය ලබා එය රාත්‍රී 11.27න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. බාලවකරණය අලුයම 01.29න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 12.33න් ගෙවී තෛතිලකරණය ලබා එය එදින රාත්‍රී 11.42න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - වයඹ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

දෙසැම්බර් 17 අඟහරුවාදා

ධනු රවි 02 භාග උඳුවප් අව දියවක ලත් කුජදින. ඉර උදාව 06.15. ඉර බැසීම 05.58. අද නැකත අලුයම 01.17න් ගෙවී පුනාවස නැකත ලබයි. උඳුවප් අව දියවක තිථිය දහවල් 11.02න් ගෙවී අව තියවක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය රාත්‍රී 09.16න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. ගරජකරණය දහවල් 11.02න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 10.32න් ගෙවී විෂ්ටිකරණය ලබා පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - බටහිර යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

දෙසැම්බර් 18 බදාදා

ධනු රවි 03 භාග උඳුවප් අව තියවක තිථිය ලත් බුධදින. ඉර උදාව 06.15. ඉර බැසීම 05.59 පුනාවස නැකත අලුයම 12.49න් ගෙවී පුෂ නැකත ලබයි. උඳුවප් අව තියවක තිථිය දහවල් 10.12න් ගෙවී පුර ජලවක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය රාත්‍රී 07.40න් ගෙවී වෛධෘති යෝගය ලබයි. විෂ්ටිකරණය දහවල් 10.12න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 10.05න් ගෙවී බාලවකරණය උදාවෙයි.

විෂ කලාව - ළැම

අමෘත කලාව - බැම

මරු - උතුර

යෝගිනී - ගිනිකොන

සුබ දිශාව - නැඟෙනහිර

දෙසැම්බර් 19 බ්‍රහස්පතින්දා

ධනු රවි 04 භාග උඳුවප් අව ජලවක ලත් ගුරුදින. ඉර උදාව 06.16 ඉර බැසීම 05.59. පුෂ නැකත අලුයම 01.03න් ගෙවී අස්ලිස නැකත ලබයි. උඳුවප් අව ජලවක තිථිය උදේ 10.08න් ගෙවී අව විසේනිය තිථිය ලබා පවතී. වෛධෘති යෝගය සවස 06.40න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. බාලවකරණය උදේ 10.08න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 10.26න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - තනය

මරු - දකුණ යෝගිනී - නිරත

සුබ දිශාව - උතුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.