ඔබේ අත්්ලෙන් හදිසියේ මතුවන ධන රේඛා

අගෝස්තු 9, 2024

ඇතැමුන් දුප්පත් වන්නේ, සල්ලි හම්බ කරන වැඩවලට අත නොගසන්නේ තමන් විසින්ම ඔළුවේ දමාගෙන සිටින වැරැදි මත ආකල්ප ආදිය නිසාය. සමහරු කේන්ද්‍රවල ආකල්පවලට යටවෙලාය. ඔබ මෙලොවට එන විට උපදින්නේ තමන්ගේ හිස් අත මිට මොලවා ගෙනය. ඔබේ අල්ල නිදහස්ය. මොලාවට එන්නේ පෙර සංසාරයේ හුරු පුරුදුකම් මිට මොලවා ගෙනය. යම් අලුත් දෙයක් ලොවට කරන්නටය. ඒ ඔබේ උපන් වේලාපත්කඩය ඇඟිලි පුරුක්වල ද සඟවාගෙන ය.

අල්ලේ මහපට ඇඟිල්ල තුළ ඔබ එඩිතරද යන්න ලියැවී තිබේ. තනියම ක්‍රියාවක් කරන්න නිදහස් මනසක් තිබේදැයි නිශ්චය කරන්නේ එහි පිහිටීම අනුවය. එහි මාපට ඇඟිල්ලේ යව ඇටය පිහිටියහොත් ඔබ උපතින්ම වාසනාව ධනය රැගෙන ආ අයෙකි. (අංක 11) එහි දෙවැනි පුරුකේ දම්වැල් රේඛාවක් තිබුණොත් ඔබ පළමු ආදරයෙන් වෙන්ව දෙවැනි විවාහයකට යන්නේ ය.

ඔබේ වැරැදි සිතුවිලිවලට බලපාන්නේ සමාජයේ වැරැදි ආකල්ප ය. කේන්ද්‍රයේ ග්‍රහයින් හතර දෙනෙකු සිටීම නිසා හෝ ඊට වැඩි ගණනක් සිටීම නිසා ගිහි ජීවිතයේ කටයුතුවලට සමහරු අත පෙවීමට මැළිකමක් දැක්වීමට කදිම නිදර්ශනයකි මේ.

මට මොනවා කළත් හරියන්නේ නෑ. බිස්නස් එකක් කළත් අතර මගදී කඩා වැටෙයි යන බියෙන් මොහු පසුවිය. බොහෝ දෙනා ඔහුට පැවිදි වන ලෙස උපදෙස් දී තිබිණි. ඔහු පැවිදි වීමට කැමති නැත. ගිහි ජීවිතයකට ආශා කළේ ය.

එවැනි කෙනෙකුගේ අල්ලේ මණිබන්ධ රේඛා අතර මත්ස්‍ය ලකුණත් චන්ද්‍ර මණ්ඩල සිකුරු මණ්ඩල අතර වැටී තිබුණොත් දේශ දේශාන්තරවලින් ධන සම්පත් ලබා මහා ධනවතෙකු වන්නේ ය. (අංක 4)

යම් හස්තයක ශනි මණ්ඩලයට යාබද මැදඟිල්ල මුල (අංක 1) කෙටි රේඛා වැටීම ධන සම්පත් රේඛා අල්ලේ වැටුණොත් මහත් සැප සම්පත් ඇති අයෙක් වේ. අල්ලේ ප්‍රධාන ඇඟිලි පුරුක් අතර මල් - ධජ පුන්කළස් කුඩ තෝමර ආදී රේඛා වැටීම යහපත්ය. අල්ලක ඇඟිලි පුරුක් අතර ඉණිමං තෝමර වැටීම ධන සම්පත් ලබන වාසනා ලකුණ ය.

ඔබේ අල්ල තුළ ඇති විවිධ ධන රේඛා බොහෝ ය. නොසිතන වේලාවක විවිධ ධන සම්පත් මතුකර දීමට සමත් ය. කේන්දරේ හදිසි පල දීම් සිදුවන්නා සේය. ඒ ආකාශචාරි ග්‍රහයන්ගේ ක්‍රියවන් ය.

අල්ල බලන්න. දබරැඟිල්ල මුල ගුරු මණ්ඩලයයි. එහි කතිර ලකුණ හදිසි ආදරයයි. කතිර ලකුණ වැටීම විවාහය සිදුවන කාලය පෙන්වයි. කතිර කිහිපයක් වැටීම හදිසියේ ධනයක් හිමි වන ලකුණකි. (අංක 3)

ඡ්‍යොතිෂයෙහි ග්‍රහයන් සත්දෙනා රාශි හතක සිටි විට එක එක රාශිවල පිහිටීමෙන් සංඛ්‍යා යෝග හතක් ගැන ඡ්‍යොතිෂයෙහි කියවේ. ග්‍රහයින් සත් දෙනා රාශි හතක සිටීමෙන් වල්ලකී යෝගයද, ග්‍රහයින් හත්දෙනා රාශි හයක සිටීම දාමිණි යෝගයද, රාශි පහක සිටීම පාස යෝගයද, ග්‍රහයින් හත් දෙනා රාශි හතරක සිටීම කේදාර යෝගයද, ග්‍රහයින් 7 දෙනා රාශි තුනක සිටීම ශූල යෝගයද, ග්‍රහයින් හත් දෙනා රාශි දෙකක සිටීම යුග යෝගයද ග්‍රහයින් 7 දෙනා එක රාශියක සිටීම ගෝල යෝගය ද යනුවෙන් ඡ්‍යොතිෂයේ නම් කර තිබේ.

ග්‍රහයින් පස් දෙනෙක් එක රාශියක තැන්පත් වූ විට ධනය හා අනිකුත් ලැබීම් දුර්වල කොට අවාසනාවන්ත ජීවිතයක් උරුමකර දෙන බව ඇතැම්හු කියති. නමුත් එම පිහිටීම තුළින් විවිධ සම්පත් උදා කරන්නේ යයි සමහරු අදහස් කරති.

ග්‍රහයින් හය දෙනෙකු හෝ හත් දෙනාම එකම රාශියක තැන්පත් වූ විට දිළිඳු වීම, බුද්ධිය හීන වීම, ශරීරය අපිරිසුදුවීම, අනුන්ගේ පිළිකුලට භජනය වීම, තැන තැන ඇවිද දුක්බර දිවි ගෙවීම, වැනි අශුභ ඵල ගෙන දෙන බව පොත පතෙහි සඳහන් වුවත් ඒ ප්‍රතිඵල ඵලසින්ම අත්කර නොදෙන බව උගත් ඡ්‍යොතිර් විද්‍යාඥයින්ගේ මතයයි.

හස්ත රේඛාවේ සඳහන් විවිධ ලකුණුවලින් මේ ග්‍රහචාර දැක්වේ. ඒ ග්‍රහ මණ්ඩල එකතු කරමින් වැටෙන සියුම් රේඛාවන්ය.

දිනෙන් දින ඔබේ අල්ලේ වැටෙන රේඛා වෙනස් වේ. අල්ලේ වැටෙන විවිධ සලකුණු වෙනස් වේ. නිර්ධන අත් යයි සැලකෙන මනුෂ්‍යයින්ගේ අත්වල හදිසි ධන යෝග රේඛා මතුවෙයි.

ඔබේ අත්්ලේ ද විවිධ ධනයෝග රේඛා එලෙස මතු විය හැකිය. කුජ මණ්ඩලයේ සිට චන්ද්‍ර මණ්ඩලයට වැටෙන රේඛාව ඔබට නෑයෙකුගේ හදිසි ධනයකට උරුමකම් ලබාදෙයි. (අංක 13)

ඔබේ අල්ල තුළ සැඟවුණ ධන රේඛා රැසකි. අල්ලේ එක් මණ්ඩලයක සිට තවත් මණ්ඩලයකට හදිසියේ වැටෙන රේඛා බොහෝ ය.

මේවා නිර්ධන ඔබ ධනයට බලයට ගෙනෙන රේඛාවන් ය. මෙහි කෙටියෙන් ඒවා සඳහන් ය.

 

1. ශනි මණ්ඩලය (මැදඟිල්ල මුල) කර්මපල රේඛාවට සහාය කෙටි රේඛා වැටීම යම් අල්ලක දිස්වේද නොයෙක් සැප සම්පත් ඇති අයෙක් වේ.

2. කිසියම් අල්ලක ඇඟිලි පුරුක් මත මල්, ධජ, පුන්කලස්, කුඩ තෝමර, ඉණිමං ජාල ලක්ෂණ වැටීම උතුම් රාජ ලක්ෂණ යි.

3. ගුරු මණ්ඩලය තුළ රේඛාවන් කිහිපයක් වැටීම රාජ තනතුරු ලැබී එයින් ධනවත් වන ලක්ෂණයකි.

4. මණිබන්ධ රේඛාවේ සිට චන්ද්‍ර මණ්ඩලයට මත්ස්‍ය ලාංඡන රේඛාවක් සටහන් වීම දේශ දේශාන්තරවලින් ධන සම්පත් ලබා එයින් ධනවත් වීම පෙන්වයි.

5. මාතෘ රේඛාව තුළින් කුජ ප්‍රකෘති මණ්ඩලයට අත්තක් වැටීම ශාස්ත්‍රානුකූලව කර්මාන්ත ආදියෙන් ධනවත් වේ.

6. මාතෘ රේඛාවෙන් බුධ මණ්ඩලය යටින් සිකුරු මණ්ඩලයට අතු රේඛාවක් වැටීම උසස් අදහස් සපල වී එයින් ධනවත් වන්නේ ය.

7. චන්ද්‍ර මණ්ඩලයේ මැද සිට ශනි මණ්ඩලයට රේඛාවක් විහිදීම මුලදී දිළිඳුව සිට මැද අග වයස්හි ධනවත් වන්නේ ය.

8. ජීවන රේඛාවට මැණික් කටුවෙන් රේඛා දෙකක් විහිදීම කර්මාන්තයෙන් රාජකාරියෙන් දියුණුව කාමාධිකව ජීවිත ගෙවයි. රාගාධික අයෙකි.

9. හෘදය ශීර්ෂ රේඛා දෙකට මැදිව වැටෙන අතිරේක රේඛාවක් යම් අල්ලක වැටේද එවැනි අය අනුන්ගේ බූදල්වලට උරුමක්කාරයෙක් වන්නේ ය.

10. ජීවන රේඛාවට සමානව රේඛාවක් වැටීම සෙනෙහෙවන්තව ශ්‍රේෂ්ඨ සිත් සහිතව ජීවත් වේ.

11. බුධ මණ්ඩලයේ සහ රවි මණ්ඩලයේ මේ ආකාරයට සමාන රේඛා දෙකක් වැටීම බොහෝ දෙනාට නායකත්වය දරා දියුණු වන්නේ ය.

12. සිකුරු මණ්ඩලයෙන් රවි ශනි මණ්ඩලවලට කරු රේඛාවක් වැටීම ස්ව උත්සාහයෙන් දියුණුවන කෙනෙකි.

13. කුජ මණ්ඩලයේ සිට චන්ද්‍ර මණ්ඩලයට රේඛාවක් වැටීම තමන්ගේ නෑයෙකුගේ මාර්ගයෙන් ධනවත් වේ.

14. කුජ මණ්ඩලයේ සිට අල්ල මැදට මෙවැනි රේඛාවක් රේඛා කපාගෙන වැටිම නොයෙක් ආකාරවලට මුදල් උපයා විනාශ කරන්නෙකි.

15. ශනි - රවි මණ්ඩලවලින් අතර හෘදය රේඛාවෙන් පැන නගින රේඛාවක් ශීර්ෂ රේඛාව කපාගෙන යාම බොහෝ කටයුතු අරමුණු කරනවා විනා එයින් පලයක් නොලබයි.

16. රවි මණ්ඩලය තුළ ධන රේඛා රවි රේඛාව ශිල්ප ධන රේඛාව රාජ්‍ය පාලන ධන රේඛාව යන ත්‍රිත්ව රේඛා වැටුණු විට රජුන්ගෙන් හා ඒ සමාන අයගෙන් බලය ධනය ලබා දියුණුව ලබයි.

17. මාපටඇඟිල්ලේ යව ඇට සටහන වැටුණ විට ධනවන්තයෙක් වන ලකුණකි.

18. රවි මණ්ඩලයේ සූරිය රේඛාවේ තාරකා ලකුණත් වැටීම අන්සතු ධනයක් ලබන අයෙකුට පිහිටයි. එසේම මේ රේඛාවේ කුරුස ලකුණක් වැටීම නොයෙක් දේවලින් ධනය උපයා ගන්නා බවට සලකුණකි.

 

 

හස්ත රේඛා පර්යේෂණ විද්‍යාඥ

මාතලේ එච්.ඩබ්ලිව්. අභයපාල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.