වාසනාවන්ත වෘෂභ ලග්න හිමි ඔබ ගැනයි...

අගෝස්තු 23, 2024

දෛවය හරි පුදුම දෙයක්. ජීවිතයේ වාසනාව අවාසනාව තීරණය කරන්නේ අප විසින්ම ලබා ගත් අපේ දෛවයි. යම් යම් අවස්ථාවලදී පුද්ගලයා මුහුණ දෙන දේවල් බැඳීලා තියෙන්නේ මේ දෛවයත් එක්ක. මිනිස් වාසය ඇරඹූ දා පටන් මිනිසුන්ගේ විශ්වාසයන් අතර ඉහළම තැනක් ඡ්‍යොතිෂ ශ්‍රාස්ත්‍රයට හිමිවෙනවා.

එහිදී පුද්ගලයාගේ ඉරණම තීරණය කිරීමට බලපාන එක් සාධකයක් තමයි ලග්න කියන්නේ. ලොව ප්‍රකට පුද්ගලයන්ගේ ජනප්‍රියත්වයට බලපෑ ලග්න ගැන කතා කිරීමේ දී වෘෂභ ලග්නයට ලැබෙන්නෙත් ප්‍රමුඛ තැනක්.

වටකුරු මුහුණකින් හෙබි වෘෂභ ලග්න ජන්ම ලාභීන් ප්‍රියමනාප පුද්ගලයන්ය. යමක් ස්ථීර වෙන තුරු කරගෙන යාමට සමත් ඔවුන් ඉතා සුළු දේවල් පවා හොඳීන් මතක තබා ගැනීමට දක්ෂය. ස්ත්‍රී රාශියක් වන වෘෂභ ජන්මලාභීන් ලේඛනයට, සංගීතයට ඇලුම් කරන ගුණවත් ඇත්තන්ය. උසස් ඉගෙනීමක් ලබා ගන්නට වාසනාව ඇත. මේ වෘෂභ ලග්නය හිමි දෙස් විදෙස් ප්‍රකට පුද්ගලයන් ගැනයි.

ක්‍රි.ව. 1926 අප්‍රේල් 21 වැනි දා ඉපදුණු ලොව පතළ සුවිශේෂී චරිතයක් වන බ්‍රිතානයේ දෙවන එළිසබෙත් රැජින තාරකා ශාස්ත්‍රඥයින්ට අනුව වෘෂභ රාශී තැනැත්තියක බව සඳහන් වෙනවා. ඔවුන් පවසන්නේ ඇගේ ජීවිතයේ වාසනාව තීරණය කිරීමට තිර රාශියක් වූ වෘෂභ ලග්නය ඉවහල් වුණ බවයි. වෘෂභ ලග්න හිමිකාරිනියක සතු විය යුතු ගුණාංගවලින් පිරිපුන් වූ ඇයගේ ජන්ම පත්‍රය අතිශය බලසම්පන්න එකක්. ලෝකයේ රාජ්‍ය සමූහයක්ම යටත් කරගත් හිරු නොබසින අධිරාජ්‍යයේ රැජින ලෙස වරම් ලබන්නට වෘෂභ ලග්නය ඇයට වාසනාව ගෙන දුන් බව නිසැකයි.

අපරදිග ශෘංගාරාත්මක නිර්මාණ කලාවේ ප්‍රමුඛයා ලෙස හඳුන්වන විලියම් ශෙක්ෂ්පියර් උපත ලබා ඇත්තෙත් වෘෂභ ලග්නයෙන්. ශෘංගාරය හා ශෝකාන්තය පිරි ලොව පතළ රෝමියෝ ජුලියට් නාට්‍ය හිමිකරුවා මොහුයි. මැක්බත්, ඔතෙලෝ, හැම්ලට් ද එවැනිම ඔහුගේ රසාලිප්ත නාට්‍ය වෙනවා. සිකුරු ග්‍රහයා යටතේ පාලනය වන වෘෂභ ලග්න හිමියන්ගේ වඩාත් සංවේදී බව එතුමාගේ නිර්මාණ තුළින් ද දකින්නට ලැබෙනවා.

බොලිවුඩයේ සම්මානලාභී තරුණ හදවත් වශී කළ සිනමා තරුවක් මධුරි ඩික්සිත්. 90 දශකයේ තරුණ තරුණියන්ගේ හදවත් කුල්මත් කළ රසාලිප්ත ගීත රාශියක් අඩංගු සාජන්, දිල්, බෙටා, දේව්දාස් වැනි සිනමාපටවල ඇගේ රංගන ප්‍රභාව දැක ගන්න පුළුවන්. වෘෂභ ලග්නයෙන් උපන් ඇය තුළ වෘෂභ ලග්න හිමිකාරිනියක සතු කරුණාව, සමබරතාව, නොපසුබට උත්සාහය, අරමුණක් ඇතිව කටයුතු කිරීමේ හැකියාව සිනමාවේදීත්, සාමාන්‍ය ජීවිතයේත් කැපී පේනවා. ඇගේ මේ ජයග්‍රාහී ගමනට වෘෂභ රාශිය බලපෑ බව ජ්‍යොතිෂකරුවන් අනාවැකි පවසනවා. ඉන්දීය සිනමා තරු අතර තවත් දිදුළන නිළියක් අනුෂ්කා ෂර්මා. ඇය ඉන්දීය ප්‍රකට ක්‍රිකට් නායක විරාත් කෝලිගේ ජීවන සහකාරියයි. උපතින් ලැබුණු වෘෂභ ලග්නය ඇගේ ජීවන ගමන සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බව ඔබ අසා ඇති. පීකේ, සුල්තාන්, සීරෝ වැනි ජනප්‍රිය සිනමාපට රාශියකට ඇගේ රංගන දායකත්වය මේ වන විටත් ලැබී තියෙනවා.

සිනමා තරු ගැන කතා කිරීමේ දී ශ්‍රී ලංකාවද අමතක කළ නොහැකියි. සිංහල සිනමාවේ දක්ෂ ජනප්‍රිය නළුවෙකි රවීන්ද්‍ර රන්දෙණිය. ඔහුගේ සාර්ථකත්වයටත් වෘෂභ ලග්නය හේතු වෙලා තියෙනවා. ඔබ ඔහුගේ ලග්නය පිළිබඳ විවිධ මත ඉදිරිපත් වුණත්, ඔහුගේ දේහ ලක්ෂණ අනුව ඔහුට තිබිය හැක්කේ වෘෂභ ලග්නය බව සුබසෙතට වඩා සමීප ඡ්‍යොතිෂවේදියෙක් වන උදම් පෙරේරා මහතා පවසනවා.

වෘෂභ ලග්නයට අනුව, රවීන්ද්‍ර රන්දෙණිය මහතා කුඩා අවධියේ සිට කලාවට යොමු වීමට හේතු වූ ග්‍රහචාර සැකසී තිබෙන බව ඔහු වැඩි දුරටත් පවසනවා. දඩයම, සුර බිඳෙන, කෙළි මඩල, අනන්ත රාත්‍රිය, ආදර හසුන, සෙයිලම, සිරිමැදුර වැනි සම්මානනීය සිනමාපටවලට ඔහුගේ දායකත්වය ලැබුණා. එක් කලෙක මේ ග්‍රහචාරය ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දක්වාම රැගෙන ගියා.

ඔබට තවත් රහසක් කියන්න ද? ලොවට ජනප්‍රිය සාර්ථක ක්‍රීඩකයන් බිහි කළ තරු ලකුණු අතර වෘෂභ රාශියත් වෙනවා. ක්‍රි.ව. 1996 සිට 2009 දක්වා එඑඡ්, එඑජ් හි තරඟ කළ මල්ලවපොර ක්‍රීඩක“ ඊඩඥ අධජඬ” ලෙසින් ප්‍රසිද්ධියට පත් ඩිවේන් ජොන්සන් වෘෂභ ලග්න ලාභියෙක්. වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙක් වූ මොහු පසුකාලීනව නළුවෙකු, ව්‍යාපාරිකයෙකු ලෙසින් ජීවිතයේ විවිධ කඩඉම් සාර්ථක කරගැනීමට වෘෂභ ලග්නය බලපෑ බව ඔහුගේ විශ්වාසයි.

වෘෂභ ලග්න හිමියන් ස්වාභාවයෙන් ම ඕනෑම දේකට ඔරොත්තු දීමේ හැකියාව ඇති අරමුණක් කරා ඉවසිල්වන්තව ගමන් කරන පුද්ගලයන් වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාටව කොන්දේසි විරහිතව ආදරය කරන බෙහෝ පුද්ගලයන් අපි අතර ඉන්නවා. ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මා ද වෘෂභ ලග්න ජන්ම ලාභියෙක්. ජාත්‍යන්තර ක්‍රිකට්වල වැඩිම හයේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයන් අතර මොහු ද වෙනවා. හිට්මන් ලෙසින් ජනතා ආකර්ෂණය ලබන රෝහිත් ෂර්මා අතිශයින් සංවේදී, බුද්ධිමත්, ගෞරවයට පත් වන පුද්ගලයෙක් වන බවට ඡ්‍යොතිෂවේදීන් අනාවැකි පළ කරලා තියෙනවා.

අද අපි බොහෝ දෙනා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනවා. ඒ අතර මුහුණු පොතේ ( ජ්චජඥ ඕධධඬ) උඩ පහළ නොයෙන කෙනෙක් නැති තරම්. මානව ඉතිහාසයේ අන් කවරදාකටත් වැඩිය සැලකිය යුතු මට්ටමකින් බොහෝ දෙනා මුහුණු පොත භාවිත කරනවා අප දකිනවා. මේ සමාජ මාධ්‍ය සෑදීමට මුල් වුණ මාර්ක් සකර්බර්ග් ද පඨවි රාශියක් වන වෘෂභ ලග්න හිමියෙක්. ලග්න වාසනාව මත ධනවත්, බලවත් වීමට අවැසි ග්‍රහ රටාවන් ඔහුගේ ජන්ම පත්‍රෙය් ඇති බවට ජ්‍යොතිෂවේදීන් පවසනවා.

ආකර්ෂණීය ලෙසින් අඳීන්නට පළඳීන්නට අප කවුරුත් කැමතියි. ඒ අතර වෘෂභ ලග්න හිමියන් ඉදිරියෙන් ම ඉන්නවා. සුප්‍රසිද්ධ අමෙරිකානු නිරූපිකාවක් වන ගිගි හැඩිඩ් ද වෘෂභ ලග්න හිමිකාරිනියක්. කුඩා අවධියේ සිටම තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය ලොව ඉහළම වැටුප් ලබන නිරූපිකාවක්.

අලංකාරත්වයට, සුන්දරත්වයට නෑකම් කියන වෘෂභ ලග්නය ඇගේ ජීවිතයේ සාර්ථක වීමට බලපෑ බව ඇගේ විශ්වාසයයි.

ඔබේ ජීවිතයේ සැලකිය යුතු බලපෑමක් කරන වෘෂභ ලග්නය ගැන අධ්‍යනයෙන් ඔබ ගැන ගැඹුරු අවබෝධයක් ඔබටම ලබා ගන්න පුළුවන්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.