සතියේ පඤ්චාංගය

අගෝස්තු 9, 2024

 

දිනූ තත්ත්ූවය

ශකවර්ෂ 1946ක් වූ කටක රවි 25 භාග නිකිණි පුර විසේනිය තිථිය ලත් කිවිදින සිට එම රවි 31 භාග නිකිණි පුර එකොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කටක

කුජ - වෘෂභ

බුධ - සිංහ

ගුරු - වෘෂභ

ශුක්‍ර - සිංහ

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - අස්ලිස

කුජ - රෙහෙන

බුධ - මා

ගුරු - රෙහෙන

ශුක්‍ර - මා ( 11 දා දවල් 11.12 පුවපල්)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

පෝය

අගෝස්තු 12 සඳුදා උදේ 07.55න් පුර අටවක ලබා 13 අඟහරුවාදා උදේ 09.30න් ගෙවේ. 12 සඳුදා සිල්.

 

චන්ද්‍ර චාරය

10 දා සවස 04.18 තුලා

13 දා අලුයම 04.15 වෘශ්චික

15 දා දවල් 12.49 ධනු

 

දිනූ තත්ත්ූවය

අගෝස්තු 09 සිකුරාදා

කටක රවි 25 භාග නිකිණිපුර විසේනිය තිථිය ලත් කිවිදින ඉර උදාව 06.05 ඉර බැසීම 06.27 හත නැකත දවස පුරාම යෙදී පවති. නිකිණිපුර ජලවක තිථිය අලුයම 12.39න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවති. සිද්ධ යෝගය දවල් 01.46න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 12.39න් ගෙවී බවකරණය ලබා එය දහවල් 01.57න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව -

ලිංග, යෝනි

මරු - ගිනිකොන

යෝගිනී - දකුණ

සුබ දිසාව - උතුර

අගෝස්තු 10 සෙනසුරාදා

කටක රවි 26 භාග නිකිණිපුර සැටවක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.27 හත නැකත අලුයම 02.46න් ගෙවී සිත නැකත ලබයි. නිකිණිපුර විසේනිය තිථිය අලුයම 03.16න් ගෙවී පුර සැටවක තිථිය ලබයි. සාධ්‍ය යෝගය දවල් 02.52න් ගෙවී ශුභ යෝගය ලබයි. බාලවකරණය අලුයම 03.16න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 04.32න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකණිය

මරු - නැඟෙනහිර

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

අගෝස්තු 11 ඉරිදා

කටක රවි 27 භාග නිකිණි පුර සතවක තිථිය ලත් රවි දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.27 සිත නැකත අලුයම 05.50න් ගෙවී සා නැකත ලබයි. නිකිණි පුර සැටවක තිථිය අලුයම 05.47 න් ගෙවී පුර සතවක තිථිය ලබයි. ශුභ යෝගය සවස 03.47න් ගෙවී ශුභ්‍ර යෝගය ලබා පවතී.

තෛතිලකරණය අලුයම 05.47න් ගෙවී ගරජකරණය ලබා එය සවස 06.53න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - ළැම

මරු - උතුර

යෝගිනී - වයඹ

සුබ දිසාව - දකුණ

අගෝස්තු 12 සඳුදා

කටක රවි 28 භාග නිකිණිපුර අටවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.05 ඉර බැසීස 06.27 සා නැකත උදේ 08.33න් ගෙවී විසා නැකත ලබයි. නිකිණිපුර සතවක තිථිය උදේ 07.55න් ගෙවී පුර අටවක තිථිය ලබයි. ශුභ්‍ර යෝගය සවස 04.23න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. වණිජකරණය උදේ 07.55න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රි 08.46න් ගෙවී බවකරණය ලබා පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - වයඹ

යෝගිනී - ඊසාන

සුබ දිසාව - නැඟෙනහිර

අගෝස්තු 13 අඟහරුවාදා

කටක රවි 29 භාග නිකිණිපුර නවවක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.26 විසා නැකත උදේ 10.42න් ගෙවී අනුර නැකත ලබයි. නිකිණිපුර අටවක උදේ 09.30න් ගෙවී පුර නවවක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය සවස 04.30න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. බවකරණය උදේ 09.30න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රි 10.01න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව - හිස්මුදුන

අමෘත කලාව - ගෙල

මරු - බටහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

අගෝස්තු 14 බදාදා

කටක රවි 30 භාග නිකිණිපුර දසවක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.05 ඉර බැසීම 06.26 අනුර නැකත දහවල් 12.09න් ගෙවී දෙට නැකත ලබයි. නිකිණිපුර නවවක තිථිය උදේ 10.21න් ගෙවී පුර දසවක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය සවස 04.01න් ගෙවී වෛධෘති යෝගය ලබයි. කෞලවකරණය උදේ 10.21න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රි 10.28න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - නිරිත

යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

අගෝස්තු 15 බ්‍රහස්පතින්දා

කටක රවි 31 භාග නිකිණි එකොළොස්වක තිථිය ලත් ගුරුදින ඉර උදාව 06.05 ඉර බැසීම 06.25 දෙට නැකත දහවල් 12.49න් ගෙවී මුල නැකත ලබයි. නිකිණිපුර දසවක තිථිය උදේ 10.24න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. වෛධෘති යෝගය දහවල් 02.54න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. ගරජකරණය උදේ 10.24න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රි 10.05න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - දකුණ

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.