මහා බලගතු කන්දකුමාර වශී යන්ත්‍රය

අගෝස්තු 9, 2024

“සුබසෙත” පාඨක පින්වත් ඔබ වෙත මේ ලිපිය මගින් අද අප පැවසීමට අදහස් කරන්නේ ජීවිතයේදී අත්වන පීඩා සහ කරදර නිසා කලබලයෙන් වැරදි පුද්ගලයන් වෙත පිහිටපතා ගොස් මුදලුත් කාලයත් ජීවිතයේ ගෞරවයත් විනාශ කර ගනිමින්, තිබූ විපත් අතරට අලුතින් කරදර රාශියක් එකතු කරගෙන පීඩාවට පත් නොවී ජීවිතයේ ඇතිවන බොහෝ ප්‍රශ්න සහ කරදරවලට ඉමහත් පිහිටක් සහ ආරක්ෂාවක් ළඟා කරගෙන, දියුණුවේ ගිනිපෙත්තටම ඔබව රැගෙන යනු ලබන මහානුභාව සම්පන්න “කන්දකුමාර” යන්ත්‍ර රාජයා පිළිබඳවයි.

දෙස්-විදෙස් බොහෝ බැතිමත්හු නිරතුරු තම ජීවිතයේ පිහිට ආධාරය බලාපොරොත්තුවෙන් කන්ද කුමාර හෙවත් කතරගම දිව්‍යරාජයාණන් වෙත පුද පෙළහර පැවැත්වීම සහ භාරවීම සිරිතක් ලෙස පවත්වාගෙන යති. කතරගම දිව්‍ය රාජයාණන්ගේ ආකර්ෂණය ඔබ වෙත නිතැතින්ම ළඟා කරගත හැකි මහානුභාව සම්පන්න කන්ද කුමාර මහා වශී යන්ත්‍රය පුරාණයේ සිටි බැතිමතුන් මහා ගෞරවයෙන් භාවිත කළ බව අසා තිබෙන කරුණකි. නිවැරැදි මහා කන්ද කුමාර වශී යන්ත්‍රය මෙතෙක් කිසිවකු විසින් ලබාදී නොමැත.

අප ඔබ වෙත තිළිණ කරනු ලබන මේ උතුම් යන්ත්‍ර රාජයා කතරගම මහා දෙවොලෙහි අදටත් තැන්පත්ව ඇති අතර සියලු තේවාවන් සහ පුද පූජා පවත්වනු ලබන්නේ මේ උතුම් යන්ත්‍ර රාජයාට බව විශ්වාසයයි. කතරගම මහා දෙවොල සාදා ඇත්තේ බීජාක්ෂර සහිත වූ මේ යන්ත්‍රය 108ක් මතුයෙහිය.

කන්ද කුමාරයාණන් වල්ලි මාතාව විවාහ කරගෙන ලක්දිව වසන කාලයෙහි ස්වකීය රටට කැඳවාගෙන යාමට පැමිණි යෝගියා ජපකර මතුරන ලද්දේ මේ යන්ත්‍රයට බවත්, මේ යන්ත්‍රයේ අහනුභාවයෙන් වල්ලි මාතාව හැරදමා භාරතයට යාමට සැරසුණු කන්ද කුමාරයාණන් යළි මෙහි නවතාගත හැකි වූයේ යෝගියාගෙන් මේ යන්ත්‍රය වල්ලි මාතාව විසින් ලබාගත් පසුව බවත් විශ්වාස කෙරෙයි.

මේ යන්ත්‍රය රිදී හෝ රත්තරන් තහඩුවක ඇඳගත යුතු අතර එසේ නොමැති කල තඹ තහඩුවක ඇඳ එය රත්තරන් වතුරේ දමා සකස් කර ගැනීම ඉතාමත් බලසම්පන්න දෙයකි. මෙය ජපකර ගැනීමට අඳීන විට මෙහි සඳහන් ආකාරයෙන්ම බීජාක්ෂර සටහන් කරගත යුතුය. මෙහි අංක 1,2,3,4 ඇති තැන්වල ඉලක්කම් නොයොදා පිළිවෙලින් 1. ගනේෂ 2.ශිව 3.උමා 4.කන්දකුමාර යනාදී මන්ත්‍ර සටහන් කළ යුතුය. කන්දකුමාර යන්ත්‍ර නමින් විවිධාකාර යන්ත්‍ර ඇතත් අපට ඉතා විශ්වාසවන්ත ඇයුරින් ලැබෙන මේ යන්ත්‍ර රාජයා ඉතාමත් විශ්වසනීය මහා කන්ද කුමාර වශී යන්ත්‍ර රත්නයයි.

අඟහරුවාදා හෝ සිකුරාදා දිනෙක සුබ මොහොතක මේ යන්ත්‍ර රාජයා ඇඳගත් තහඩුව මල් ආසනයක් මත තැන්පත් කරගන්න බුලත් කොළ විසි එකක් අතුරා ඒ මත රත්කෙහෙල්, බෙලි, උක්දඩු සහිත පලතුරු වර්ග පහක්, තෙලින් බැදගත් කැවිලි වර්ග පහක්, තැඹිලි ගෙඩියක්, බෙලි කොළ ස්වල්පයක්, රතු පාට වනමල් තබා පහනක් දල්වා, සුවඳ දුම් පතුරවා, පන්සිල් සමාදන්ව තෙරුවන් වන්දනා කරන්න. මෙහි ඇති මහා කන්ද කුමාර ජීවමෙන් 1108 වතාවක් ඉතා බැතිබරව ජීවම් බල පිහිටුවා කතරගම දෙවරාජයාණන්ට පින් දී ජීවම අවසන් කරගන්න. පහන් දල්වා වතාවත් කරන ස්ථානයක සේප්පුවක, මුදල් ලාච්චුවක නිවෙසේ, ව්‍යාපාරික ස්ථානයේ, වාහනයේ මේ වැදගත් යන්ත්‍ර රාජයා තැන්පත් කර වතාවත් කරන්න. කතරගම දිව්‍ය රාජයාණන්ගේ ජීවමාන බලය ලැබී ඔබ නොසිතූ සාර්ථකත්වයක් කරා ගමන් කරනු ඇත.

 

ගණෙශගායත්‍රී මන්ත්‍රය

 

තත්පුරුෂායවිද්මහේ

වක්ත්‍රතුණ්ඩායයී මහී

තනො තන්ජි ප්‍රචෝදයාත්

ශිවගායත්‍රි මන්ත්‍රය

 

තත්මහේෂාය විද්මහේ

වාක් විශුද්ධා යයි මහී

තනො ශීව ප්‍රචෝදයාත්

 

උමාගායත්‍රි මන්ත්‍රය

 

තත්මහේශ්වරී විද්මහේ

සවමාතාචධී මහී

තනො ශිව ප්‍රචෝදයාත්

 

කන්ද කුමාර ගායත්‍රි මන්ත්‍රය

 

තත්කුමාරයා විද්මහේ

ශ්‍රී කුමාරා යයි මහී

තනොක ප්‍රචෝදයාත්

 

කන්ද කුමාර සකලජන

වශී මන්ත්‍රය

ඨං ශක්ති මහා ශක්ති ආදි ශක්ති පරා ශක්ති ශිව ශක්ති විෂ්ණු ශක්ති වේලා ඕ හරහර නමශිවාය ගුරුවරා මශිවායන ගුරුවරා ශිවාය නම ගුරුවරා වයනමශි ගුරුවරා යනම සිවා ගුරුවරා ආදි ගුරුවරා අනාදී ගුරුවරා ආනන්ද රූපා ඕ සරවණභවා, රවණ භවසා, වණ භව සරා, ණභවසරවා, භවසරවණා, වසරවණභා.

 

ඕ සාං සණ්මුඛා කාර්තිකෙයා, කාදම්බා කෝමාරා කන්දාගාං- ගේයා, සූර සම්භාරා සුබ්‍රමනියා මයිල් වාහනා වාවා ආදිශක්තියානේ වාවා පරා ශක්තියානේ වාවා සකල පාපන් ගළුම් සකළ දොෂන් ගළුම් ආරී හාරී අරහර ඕ කාරමායි ආංකාරමායි සංසං සිංසිං සුංසුං සෞවුං අවුං චෞවුං ශිවාය රාජයෝගම් දේවයෝගම් රාජ වසියුම් දෙවව සියුම් සකල භාග්‍යමුම් සකල ඓශ්චර්යයමුම් වාවා සර්ව යක්ෂ භූත ප්‍රෙත පිසාවුං ගල් අන්චි ඕඩිංකි අප්පිර කාර මාග නික්කශිවා ඨං අං අං ඉං රිං ඌ ඌ එං එං මං ලං.

 

ඕ ගුරුවර එංමුගම් කණ්ඩ සර්වජීව පේනු කලුම් උන්මුගමෙන් ඩෙක්ති එන්නුඩ කිල්වන්නගි තික්කශිවා.

 

ඕ සරවණභවා ඨං රිං ක්ලීයුම් ලිං ලං වං ශිවා.

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම

රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ

භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.