සතියේ පඤ්චාංගය

අගෝස්තු 23, 2024

 

ශකවර්ෂ 1946ක් වූ සිංහ රවි 07 භාග නිකිණි අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 13 භාග නිකිණි අව එකොළොස්වක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - සිංහ

කුජ - වෘෂභ (26 දා සවස 03.23 මිථුන)

බුධ - කටක

ගුරු – වෘෂභ

ශුක්‍ර - සිංහ ( 25 දා අලුයම 01.16 කන්‍යා)

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - මා ( 30 දා සවස 03.45 පුවපල්)

කුජ - මුවසිරස

බුධ - අස්ලිස

ගුරු - මුවසිරස

ශුක්‍ර - උත්‍රපල්

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

අගෝස්තු 26 සඳුදා අලුයම 03.42න් අව අටවක ලබා 27 අඟහරුවාදා අලුයම 02.23න් ගෙවේ. 26 සඳුදා සිල්

චන්ද්‍ර චාරය

23 දා රාත්‍රි 07.59 මේෂ

25 දා රාත්‍රි 10.35 වෘෂභ

28 දා අලුයම 03.44 මිථුන

දිනූ තත්ත්ූවය

අගෝස්තු 23 සිකුරාදා

සිංහ රවි 07 භාග නිකිණි අව ජලවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.22 රේවතී නැකත රාත්‍රි 07.59න් ගෙවී අස්විද නැකත ලබයි. නිකිණි අව ජලවක තිථිය රාත්‍රි 10.43න් ගෙවී අව විසේනිය තිථිය ලබයි. ශුල යෝගය උදේ 09.34න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. බවකරණය අලුයම 12.14න් ගෙවී බාලවකරණය ලබා එය උදේ 10.43න් අවසන් වී කෞලවකරණය උදාවී එදින රාත්‍රි 09.17න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - කන

මරු - ගිනිකොන

යෝගිනී - නිරිත

සුබ දිසාව - උතුර

අගෝස්තු 24 සෙනසුරාදා

සිංහ රවි 08 භාග නිකිණි අව විසේනිය හා සැටවක තිථිය ලත් ශනිදින ඉර උදාව 06.04 ඉර බැසීම 06.22 අස්විද නැකත සවස 06.11න් ගෙවී බෙරණ නැකත ලබා පවතී. නිකිණි අව විසේනිය උදේ 07.55න් ගෙවී අව සැටවක ලබා පවතී. ගණ්ඩ යෝගය උදේ 06.10න් ගෙවී වෘධි යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.55න් ගෙවී ගරජකරණය ලබා එය සවස 06.44න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව-ලිංග, යෝනි / දණහිස

අමෘත කලාව - කන / ඇස

මරු - නැඟෙනහිර

යෝගිනී - නිරිත / දකුණ

සුබ දිසාව - උතුර

අගෝස්තු 25 ඉරිදා

සිංහ රවි 09 භාග නිකිණි අව සතවක තිථිය ලත් රවිදින ඉර උදාව 06.04 ඉර බැසීම 06.21 බෙරණ නැකත සවස 04.50න් ගෙවී කැති නැකත ලබයි. නිකිණි අව සැටවක තිථිය අලුයම 05.32න් ගෙවි අව සතවක තිථිය ලබා පවතී. වෘධි යෝගය අලුයම 03.09න් ගෙවී ධෘම යෝගය ලබයි. වණිජ කරණය අලුයම 05.32න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.37න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - උතුර යෝගිනී - වයඹ

සුබ දිසාව - නැඟෙනහිර

අගෝස්තු 26 සඳුදා

සිංහ රවි 10 භාග නිකිණි අව අටවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.21 කැති නැකත සවස 04.01න් ගෙවී රෙහෙණ නැකත ලබයි. නිකිණි අව සතවක තිථිය අලුයම 03.42න් ගෙවී අව අටවක තිථිය ලබා පවතී. ධෘම යෝගය අලුයම 12.32 න්ගෙවී ව්‍යාඝාත යෝගය ලබා එය රාත්‍රි 10.21න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. බව කරණය අලුයම 03.42න් ගෙවී බාලවකරණය ලබා එය සවස 03.01න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - වයඹ යෝගිනී - ඊසාන

සුබ දිසාව - දකුණ

අගෝස්තු 27 අඟහරුවාදා

සිංහ රවි 11 භාග නිකිණි අව නවවක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.04 ඉර බැසීම 06.20 රෙහෙන නැකත සවස 03.43න් ගෙවී මුවසිරස නැකත ලබා පවතී. නිකිණි අව අටවක තිථිය අලුයම 02.23න් ගෙවී අව නවවක තිථිය ලබයි. හර්ෂණ යෝගය රාත්‍රි 08.35න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. කෞලවකරණය අලුයම 02.23න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 01.58න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ළැම

මරු - බටහිර

යෝගිනි - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

අගෝස්තු 28 බදාදා

සිංහ රවි 12 භාග නිකිණි අව දසවක තිථිය ලත් බුධදින ඉර උදාව 06.04 ඉර බැසීම 06.20 මුවසිරස නැකත සවස 03.58න් ගෙවී අද නැකත ලබයි. නිකිණි අව නවවක තිථිය අලුයම 01.37න් ගෙවී අව දසවක තිථිය ලබයි. වජ්‍ර යෝගය රාත්‍රි 07.16න් ගෙවී සිද්ධි යෝගය ලබයි. ගරජකරණය අලුයම 01.37න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 01.28න් ගෙවී විෂ්ටිකරණය ලබා පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - නිරිත යෝගිනි - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

අගෝස්තු 29 බ්‍රහස්පතින්දා

සිංහ රවි 13 භාග නිකිණි අව එකොළොස්වක තිථිය ලත් ගුරුදින ඉර උදාව 06.04 ඉර බැසීම 06.19 අද නැකත සවස 04.44න් ගෙවී පුනාවස නැකත ලබයි. නිකිණි අව දසවක තිථිය අලුයම 01.24න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබයි. සිද්ධි යෝගය සවස 06.21න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.24න් ගෙවී බවකරණය ලබා එය දහවල් 01.30න් ගෙවී බාලවකරණය උදාවෙයි.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - දකුණ

යෝගිනි - ගිනිකොණ

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.