විභාගයට සූදානම්වන දූ දරුවන්ට මහානුභාව සම්පන්න ගනේෂා ස්තෝත්‍රය

අගෝස්තු 16, 2024

සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත මේ ලිපිය මඟින් අප අද ලබාදීමට අදහස් කරන්නේ අධ්‍යාපනය ලබන තරග සහ විශේෂ විභාග ජය අපේක්ෂාවෙන් බොහෝ මහන්සි ගන්නා දූදරුවන්ට තමන්ගේ අධ්‍යාපන ජීවිතයේ ළඟා කර ගත හැකි සියලු ජයග්‍රහණයන්ට මහත් සේ උපකාර වන මහානුභාව සම්පන්න ගනේෂා ස්තෝත්‍රයයි වසර දහස් ගණනකටත් වඩා ඉපැරණි සේම බොහෝ උගත් යතිවරුන් මෙන්ම පුරාණ බැතිමතුන් තමන්ගේ සහ තම දූ දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා මහානුභාව සම්පන්න මේ ස්තෝත්‍රය භාවිත කර ඇත. මේ උතුම් ස්තෝත්‍රය නිතර නිතර සජ්ඣායනා කිරීම තුළින් නොසිතූ ලෙස ධාරණ ශක්තිය වර්ධනය වන අතර නිතර භාවිතයේදී මනස සමාධිගතව ශාන්ත මනසක් සකස්වීම තුළින් කිසිදු බියක් හෝ චකිතයකින් තොරව ඕනෑම විභාගයකට ඉදිරිපත් වීමට ආත්ම ශක්තිය ඇතිවේ. අලුතින් යමක් ඉගෙන ගැනීම හෝ අලුත් පොතක් කියවීම පාඩම් කිරීම වැනි අවස්ථාවක ඉතා බැතිබරව ගණදෙවියන් කෙරෙහි ආදරය සහ විශ්වාසය ඇති කරගෙන මෙය භාවිත කළ යුතුය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ගණ දෙවි පූජාවක් පැවැත්වීම කළ යුතු බව බොහෝ තැන්වලින් උපදෙස් ලබා දෙයි. එහෙත් පවතින ආර්ථික අපහසුතා මැද එවැනි පුද පූජා පැවැත්වීම ඉතා දුෂ්කර කටයුත්තකි. අප අද ඔබ වෙත ලබාදෙනු ලබන මේ ස්තෝත්‍රය ගෞරවයෙන් කියවා කරනු ලබන නමස්කාරය ගණේෂා දෙවියන් උදෙසා සිදුකරනු ලබන ඒකාත්මීය මහා පූජාවක් බව සිහිපත් කරනු කැමැත්තෙමි ඉතා පිරිසුදු මනසකින් යුතුව පංච ශීලයෙහි පිහිටා තෙරුවන් ගුණ සිහිකරවා බාහිර පාරිශුද්ධ භාවයද ශරීරයෙහි ඇති කරගෙන කුඩා ගණදෙවි රූපයක් හෝ පින්තූරයක් සොයාගන්න, හැකි පමණ පිරිසිදු වන මල් සපයාගන්න, ශ්‍රී ගණේෂා දෙවිඳුන්ගේ බලවත්ම නාමයන් දහසය (16) ඇතුළත් කර මහා ඍෂිවරුන් විසින් සකස් කර බල පිහිට වූ මේ ස්තෝත්‍රය කියවමින් ගණදෙවිරුවට මල් ඉසින්න. ඔබට හැකි වාර ගණනක් මේ ස්තෝත්‍රය කියවන්න. ගණ දෙවියන්ගේ අපමණ බැඳීම සහ ආදරය ඔබ වෙත ගලාගෙන එන බව ඔබට අවබෝධ වේ. ඔබගේ පොත්පත් පෑන් ආදි‍යද එම ආසනය මතම තබා මේ ස්තෝත්‍ර කියවා බලගන්වාගෙන භාවිත කරන්න. ගනේෂා දෙවියන්ගේ පිහිට දරුවන් කෙරෙහි අපමණ සෙනෙහසින් ලැබෙන බැවින් ඉතා බැතිබරව මෙය භාවිත කර අපමණ ප්‍රතිඵල ලබා ජයගන්න දිනපතා ගණදෙවියන් වන්දනා කරන, උන්වහන්සේ පිළිබඳ මහත් විශ්වාසය ඇතිකරගත් සහ භක්තියෙන් දිනපතා උන්වහන්සේ දකින අය හට නොසිතූ විරූ උපකාර ලබාදීම අත්දුටු සත්‍යයකි.

ශ්‍රී ගනේෂාය නම:
නාරද උවාච

ප්‍රණාම්‍ය ශිරසා දේවම්
ගෞරි පුත්‍රම් විනායකම්
භක්තාවාසම් ස්මරේත්‍රිත්‍යම්
ආයු: කාමාර්ථ සිද්ධයේ//

ප්‍රථමම් වක්‍ර තුංඩංච
ඒක දන්තම් ද්වීතීයකම්
තෘතීයම් ක්‍රිෂ්ණ පිංගාක්ෂම්
ගජවක්ත්‍රම් චතුර්තකම්
ආයු: කාමාර්ථ සිද්ධයේ

ලම්බෝධරම් පංචමංච
සශ්ටම් විකට මේවච
සප්තමම් විග්නරාජීන්ද්‍රම්
ධූම්ර වර්ණම් තදාෂ්ටමම්
ආයු: කාමාර්ථ සිද්ධයේ

නවමම් බාලචන්ද්‍රම්ච
දශමම් තු විනායකම්
ඒකාදශම් ගණපතිම්
ද්වාදශම් තු ගජානනම්
ආයු: කාමාර්ථ සිද්ධයේ

ද්වාදශා තානී නාමානී
ත්‍රිසන්ධ්‍යම් ය: පඨිනර:
නච විග්න භයම් තස්ය
සර්ව සිද්ධී කරම් ප්‍රභූ
ආයු: කාමාර්ථ සිද්ධයේ

විද්‍යාර්ථි ලභතේ විද්‍යම්
ධනාර්ථි ලභතේ ධනම්
පුත්‍රාර්ථි ලභතේ පුත්‍රාම්
මෝක්ෂාර්ථි ලභතේ ගතිම්
ආයු: කාමාර්ථ සිද්ධයේ

ජපීත් ගණපති ස්තෝත්‍රම්
ශඩ්භෛර්මාසේ
ෆලම් ලභේත්
සංවත්සරේන සිද්ධිංච
ලභතේ නාත්‍ර සංශ්‍යා
ආයු: කාමාර්ථ සිද්ධයේ

අෂ්ටභ්‍යෝ බ්‍රහ්මනී භ්‍රෂ්ට
ලිඛිත්වාය: සමර්පයේත්
තස්ය විද්‍යා භවෙත්සර්වා
ගණේෂස්‍ය ප්‍රසාදතා
ආයු: කාමාර්ථ සිද්ධයේ

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම

රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ

භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ

පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.