ජුනි 30 ඉරිදා ශනි වක්‍ර වෙයි

ජූලි මාසයේත් මහ වැසි වැටෙන ලකුණු
ජුනි 21, 2024

 

ජුනි 30 වැනිදා ඉරිදා රාත්‍රී 12.38ට ශනි කුම්භ ලග්නයේ වක්‍ර වෙයි. මෙකී සෙනසුරු ගේ වක්‍රයෙන් පසු එනම් ජූලි මස 7 වැනිදා ඉරිදා අලුයම 4.31ට සිකුරු ලංකා කුම්භ ලග්න කේන්දරයේ 6 වැන්නවූ කටක රැසට යෑමත් ඉන්පසුව ජූලි මස 12 වැනිදා සිකුරාදා සවස 06.58 ට අඟහරු ග්‍රහයා සිව්වැන්න වූ වෘෂභ රැසට යෑමත් ඉන්පසුව එනම් ජූලි මස 16 වැනිදා අඟහරුවාදා උදේ 11.18ට රවි ලංකා කේන්දරයේ 6 වැන්න වූ කටක රාශි ගතවීමත් යන ග්‍රහ ගෝචරයන් ගැන කරුණු විමසා බලන කල ජූලි මස මැදදී නිරිත දිග මෝසම් වැසි අධික ලෙස ලැබීම හේතු කොට ගෙන රට තුළ මහා ගංවතුරක් ඇති වන බව පෙන්නුම් කෙරෙයි. ඒ හේතු කොට ගෙන නාය යෑම් ඇතිවීම, දේපළ විනාශය වීම, මිනිස් ජීවිත හානි, භව භෝග විනාශවීම, මැලේරියාව, ඩෙංගු යන උණරෝග මෙන්ම පාචන රෝග පැතිරීයෑම වැනි දෑ මෙකී සෙනසුරු ගේ වක්‍රයත් සමඟ ඇති වීමට ඉහත කී අශුභ ග්‍රහ ගෝචරය හේතු වන්නේය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.