සතියේ පඤ්චාංගය

අගෝස්තු 30, 2024

ශකවර්ෂ 1946 ක් වූ සිංහ රවි 14 භාග නිකිණි අව දොළොස්වක තිථිය ලත් කවිදින සිට එම රවි 20 භාග බිනර පුර දියවක තිථිය ලත් ගුරු දින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

රවි - සිංහ

කුජ - මිථුන

බුධ - කටක (04 දා දවල් 11.40 සිංහ)

ගුරු – වෘෂභ

ශුක්‍ර - කන්‍යා

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ (වක්‍ර)

නැප්චූන් - මීන (වක්‍ර)

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - මා ( 30 දා සවස 03.45 පුවපල්)

කුජ - මුවසිරස

බුධ - අස්ලිස ( සැප්. 04 දා දවල් 11.40 මා )

ගුරු - මුවසිරස

ශුක්‍ර - උත්‍රපල් ( සැප්. 02 දා උදේ 05.21 හත)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

 

 

පෝය

සැප්තැම්බර් 02 සඳුදා අලුයම 05.23න් අමාවක ලබා 03 අඟහරුවාදා උදේ 07.27න් ගෙවේ. 02 සඳුදා සිල්.

 

චන්ද්‍ර චාරය

01 දා රාත්‍රි 09.52 සිංහ

04 දා උදේ 09.57 කන්‍යා

 

 

දිනූ තත්ත්ූවය

අගෝස්තු 30 සිකුරාදා

සිංහ රවි 14 භාග නිකිණි අව දොළොස්වක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.04 ඉර බැසීම 06.19 පුනාවස නැකත සවස 06.00න් ගෙවී පුෂ නැකත ලබයි. නිකිණි අව එකොළොස්වක තිථිය අලුයම 07.41න් ගෙවී අව දොළොස්වක තිථිය ලබයි. ව්‍යාතිපාත යෝගය සවස 05.50න් ගෙවී වාරියන් යෝගය ලබයි. බාලවකරණය අලුයම 01.41න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 02.03න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - ගිනිකොන

යෝගිනී - නිරිත

සුබ දිසාව - දකුණ

 

අගෝස්තු 31 සෙනසුරාදා

සිංහ රවි 15 භාග නිකිණි අව තෙළෙස්වක තිථිය ලත් ශනි දින, ඉර උදාව 06.03 ඉර බැසීම 06.18 පුෂ නැකත රාත්‍රි 07.43න් ගෙවී අස්ලිස නැකත ලබයි. නිකිණි අව දොළොස්වක තිථිය අලුයම 02.28න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. වාරියන් යෝගය සවස 05.41න් ගෙවී පරිඝ යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 02.28න් ගෙවී ගරජකරණය ලබා එය සවස 03.04න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - නැඟෙනහිර

යෝගිනී - දකුණ

සුබ දිසාව - උතුර

සැප්තැම්බර් 01 ඉරිදා

සිංහ රවි 16 භාග නිකිණි අව තුදුස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 06.03 ඉර බැසීම 06.18 අස්ලිස නැකත රාත්‍රි 09.52න් ගෙවී මා නැකත ලබයි. නිකිණි අව තෙලෙස්වක තිථිය අලුයම 03.43න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. පරිඝ යෝගය සවස 05.53න් ගෙවී ශිව යෝගය ලබයි. වණිජකරණය අලුයම 03.43න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.33න් ගෙවී ශකුණ කරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග / යෝනි

අමෘත කලාව - පතුල

මරු - උතුර යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

 

සැප්තැම්බර් 02 සඳුදා

සිංහ රවි 17 භාග නිකිණි අව අමාවක ලත් සඳු දින ඉර උදාව 06.03 ඉර බැසීම 06.17 මා නැකත දවස පුරාම යෙදී පවතී. නිකිණි අව තුදුස්වක තිථිය අලුයම 05.23න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. ශිව යෝගය සවස 06.23න් ගෙවී සිද්ධ යෝගය ලබයි. ශකුණකරණය අලුයම 05.23න් ගෙවී චතුෂ්පාද කරණය ලබා එය සවස 06.23න් ගෙවී නාගකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - වයඹ

යෝගිනී - ඊසාන

සුබ දිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 03 අඟහ.

 

සිංහ රවි 18 භාග බිනර පුර පෑලවිය ලත් කුජදින ඉර උදාව 06.03 ඉර බැසීම 06.16 මා නැකත අලුයම 12.23න් ගෙවී පුවපල් නැකත ලබයි. නිකිණි අව අමාවක තිථිය උදේ 07.27න් ගෙවී බිනර පුුර පෑලවිය තිථිය ලබා පවතී. සිද්ධ යෝගය රාත්‍රි 07.07න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. නාගකරණය උදේ 07.27න් ගෙවී කිංස්තුංග කරණය ලබා එය රාත්‍රි 08.37න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - බටහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

සැප්තැම්බර් 04 බදාදා

සිංහ රවි 19 භාග බිනර පුර පෑලවිය හා දියවක ලත් බුධදින ඉර උදාව 06.03 ඉර බැසීම 06.16 පුවපල් නැකත අලුයම 03.12න් ගෙවී උත්‍රපල් නැකත ලපයි. බිනර පුර පෑලවිය තිථිය උදේ 09.49න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය රාත්‍රි 08.04න් ගෙවී ශුභ යෝගය ලබයි. බවකරණය උදේ 09.49න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රි 11.05න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව - ළැම / තනය

අමෘත කලාව-මාපටැඟිලි / පතුල

මරු - නිරිත

යෝගිනී - නැඟෙනහිර / උතුර

සුබ දිසාව - දකුණ

 

සැප්තැම්බර් 05 බ්‍රහස්.

සිංහ රවි 20 භාග බිනර පුර දියවක ලත් ගුරුදින ඉර උදාව 06.03 ඉර බැසීම 06.16 උත්‍රපල් නැකත උදේ 06.16න් ගෙවී හත නැකත ලබයි. බිනර පුර දියවක තිථිය දවල් 12.23න් ගෙවී පුර තියවක තිථිය ලබයි. ශුභ යෝගය රාත්‍රි 09.09න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. කෞලවකරණය දවල් 12.23න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - දකුණ යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.