දුප්පත් තරුණයා කෝටිපතියකු කළ මැණික් වාසනා සලකුණ

අගෝස්තු 23, 2024

මනුෂ්‍යයකුගේ භාග්‍යය ප්‍රකාශ කිරීමේදී රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන සප්ත ග්‍රහයෝම හුදෙක් ප්‍රධාන වෙයි. කෙනකුගේ හස්තයේ උත්පත්තියේදී රවි ආදී සප්ත ග්‍රහයන් ස්වක්ෂේත්‍රව - උච්චක්ෂේත්‍ර ගතවීම අනුව ඒ ඒ මණ්ඩල මනාව වර්ණවත්ව පිහිටන්නේය. මේවා පහත්වීම දුර්වර්ණවීම එහි අනිටු ප්‍රතිපලයන්ය.

මාපට ඇඟිල්ලේ මුල පුරුකේ ජීවන රේඛාවෙන් වෙන්ව තිබෙන ප්‍රදේශය (සිකුරු මණ්ඩලය) විශාලවීම නිරෝගී පුරුෂයකුගේ ලක්ෂණයයි.

ජීවන රේඛාව ගුරු මණ්ඩලය සමීපයේ අල්ලේ උඩ පෙදෙසින් පටන් ගෙන ඇති කල්හි එවැන්නෙක් ඉන්ද්‍රිය දමනයේ උච්චස්ථානයකට පිළිපන් අයෙකි.

ජීවන රේඛාව කැඩී ඇද්ද එතැන විපත්තියක ලකුණකි. එම රේඛාවට සම්බන්ධව හතරැස් කොටුවක් ඇඳේ ද එම විපතින් ඔහු හෝ ඇය මිදෙන්නේය.

මේ රේඛාවෙන් යම් රේඛාවක් ඉහළට ඇදී ගියේද එය භාග්‍යයයි.

ඔබේ උත්පත්තියේදි අල්ල තුළ ග්‍රහ මණ්ඩල පිහිටන්නේ උත්පත්ති වේලාවේදී ඒ ඒ ග්‍රහයින් ආකාශ තලයේ සිටි දුර ප්‍රමාණ අනුවය. රේඛාද ඇඳෙන්නේ ඔබ පෙර ආත්මවල කළ කර්ම අනුව එහි හේතුඵල ධර්මතාවයට යටත්වය. පෙර පින් පව් හෙවත් කුසල් අකුසල් අනුවය. කෙනෙක් රූමත් වන්නේත් විරූප වන්නේත් ඒ දහමට යටත්වය.

මෙය විශ්වයේ තිබෙන අපි තවම හඳුනා නොගත් මහා බලවේගයකි. ජීවිතයත් විශ්වයේ ආලෝකයක් පමණකි. අපි එයට ජීවය යයි කියන්නෙමු. සත්ත්වයකුගේ මරණය සිදුවන අවස්ථාවේදී මේ ජීවිතාලෝකය විශ්වයට පාවී යන්නේය. ඒ ආලෝකය කිසියම් මව්කුසක පැළ පදියම් වන්නේය. එය පව් පින් අනුව (කර්මාණුරූපව) සිදුවන කාන්දම් බලයකි.

ඡ්‍යොතිෂ්‍ය යයි කියන්නේ මේ ආලෝක විද්‍යාවටයි. සත්ත්වයකු ලොව ජනිත වන වේලාපත්කඩය ලියැවෙන්නේ මේ ආලෝක ධාරාවන් විවිධ ආකාශචාරී ග්‍රහයන්ගේ රටා අනුවය.

මනුෂ්‍යයන් වගේම ලෝක සත්ත්වයෝද යස - වස වශයෙන් කොටස් දෙකකි. ඒ දරුවන් සත් පුරුෂයෝ මෙන්ම අසත් පුරුෂයෝද වන්නේ උපත ලබන දෙමාපියන් පෙර කරන ලද කුසල් අකුසල් අනුවමය.

තර්ජනී (දබරඟිල්ල) මධ්‍යමා (මැදඟිල්ල) අනාමිකා (වෙදඟිල්ල) කනිෂ්ටිකා (සුළැඟිල්ල) මේ ඇඟිලි හතරේ පුරුක් දොළස තුළ ඔබ උපන්නේ කවරකු ලෙසදැයි ලියාගෙන එන බව හස්තරේඛා විද්‍යාවේ එයි. මේ රේඛා ඇඟිලි පර්වත වෙන් කරයි. ඇඟිලි හතරට යටත් පිරිසෙයින් 12කි. මේ රේඛා 12 ඇති පුද්ගල තෙමේ ධනයෙන් හා භාග්‍යයෙන්ද යුක්ත වේ.

රේඛා 13ක් ඇත්තා දුක්ඛිතයෙකි. 14ක් ඇත්තා කාමුකය. රේඛා 15ක් ඇත්තා සොරෙකි. 16ක් වූයේ නම් දසුන ක්‍රීඩාවේ (සූදුකාරයෙක්) යෙදෙන අයෙකි. රැවටිලි කාරයෙකි. 17ක් වූයේ නම් පාප ක්‍රියාවේ ඇළුණ අයෙකි.

රේඛා දහඅටක් ඇඟිලි පුරුක්වල ඇත්ද ඔහු යහපත් ගුණවත් යුතුකම් ඉටුකරන මනුෂ්‍යත්වය සලකන්නා වූවෙකි. රේඛා 19ක් තිබීම සමාජයේ ගරු බුහුමන් ලබන්නෙකි.

රේඛා 20ක් ඇති අය තාපසයෙකි. රේඛා විසි එකක් වූයේද ඉතා වැදගත් මහෝත්තමයෙකි.

මේ ඔබ යම් පුද්ගලයෙකු ඇඟිලි පුරුක් රේඛා ගැන බලා පුද්ගලයෝ හඳුනා ගන්නා ක්‍රමයයි.

ඇඟිලි පුරුක දිග, පළල මත ඔබේ උපන් ලග්නය හඳුනා ගත හැකිය. ඒ අත්ලේ හැඩයත් සමඟය.

මනුෂ්‍යයන් උපදින්නේ කර්මපලයක් ඇතිවමය. කර්මය අල්ලේ රේඛාවල ද සටහන් වේ. ඇඟිලි පුරුක් මත ද ලියැ වේ.

පහත දැක්වෙන අල්ල හිමි වන්නේ ඉතාම දුප්පත් පවුලක ඉපිද වටිනා මැණික් වාසනාව මෑතදී හිමි කරගත් තරුණයකුටය.

මොහුගේ ලග්නයෙන් කියවෙන අධිපතියා බලවත්ය. පෙර ආත්ම භාවයේ ඉඩකඩම් නැති බැරි අයට දන් දුන් කෙනකු බව ඔහුගේ ජීවිතය ගැන නාඩි වාක්‍යය බැලීමේදී කියා තිබේ. ඔහුගේ වයස අවුරුදු විසි පහේදී ඒ පින් අහඹු ආකාරයට පළ දෙන බව නාඩි රේඛාවේදී කියවී ඇත. පෙර පාපයන් අනුව ඉතාම දුප්පත් පවුලක උපන් ඔහු ඉතා කුඩා කාලයේදී මව ළඟ තනිකර සිය පියා වෙනත් කාන්තාවක් සමඟ වාසයට ගියේය.

මේ අම්මාත්, පුතාත් බාල සහෝදරයන් රකින්නට කුලී වැඩ කළහ.

ලග්ගල පළාතේ පුංචි ඉඩම් කැබැල්ලක් රැගෙන පදිංචියට ගියහ.

පසුව මැණික් ව්‍යාපාරිකයකුගේ පතලක කුලීකරුවකුව තරුණ ළාබාල වයසේ සිට මැණික් ගැරුවේය. ඒ පතලය තුළින් වටිනා මැණික් ලැබූ මුදලාලි ඔවුන් රැගෙන කලකට පෙර ඉන්දියාවේ වන්දනා ගමනකද නිරත වූහ.

තමා පොහොසත් කරන්නට මුල්වූ තරුණයන්ට තමා ලද මැණික් ගල් විකුණා එයින් යමක් කර ගන්නට මුදල් දුන්නේය.

තරුණයා එයින් මැණික් පතල් ව්‍යාපාරයක් තවත් පැත්තක ඇරඹූවේ තවත් තරුණ පිරිස් එකමුතු කර ගනිමිනි.

මැණික් ධන නිධානයක් මේ තරුණයාට ලැබුණේය. ඔහු හිටිගමන් මහා ධන වාසනාවකට නාඩි වාක්‍යයෙන් කී පරිදි උරුම වූයේය.

මැණික් නිධානයක් ලැබෙන සලකුණ ඔහුගේ අල්ලේ ශනි ඇඟිල්ලේ මැද පුරුක තුළ (කුම්භ ලග්නය) රේඛාවෙන් ලියවී තිබුණේය. (අංක 13) ඒ වාසනාව මහපට ඇඟිල්ලේ යව ඇට සටහන තුළත් ( අංක 15) අගපුරුක තුළ වැටී ඇති ධන රේඛාවෙනුත් තහවුරු වී තිබුණි.

නිදන් වස්තු ලබන භූමි රේඛාව සිකුරු මණ්ඩලය තුළ වැටී තිබුණි ( අංක 11)

ඒ සමඟම මත්ස්‍ය ලාංඡනය ජීවන රේඛාවේ සිට මාපට ඇඟිලි මුලට වැටී ඇත. එය මහත් වාසනාව ගෙනෙන ‘කුමුදු’ රාජ යෝගයයි (අංක 17)

මෙය ඡ්‍යොතිෂ්‍යයේ කියවෙන්නේ යම් රැසක සඳු සිටියේද එම රාශිය හිමියා ශුභයෙක්ද සිකුරා විසින් දන්නා ලද්දේද වස්තුව කීර්තිය,ධනය, සැප සම්පත් ලැබේය යන්නයි. සිකුරු තලාව තුළ චන්ද්‍ර මණ්ඩලයෙන් ඇදුන මත්ස්‍ය රූපය ඊට නිදසුනයි.

භූමි රේඛාව, චන්ද්‍ර කීර්ති රේඛාව, චන්ද්‍ර මණ්ඩලයේ සිට රවි මණ්ඩලයට වැටීම හිටි ගමන් ලබන මහත් ජන ප්‍රසාදයයි. (අංක 12) එවැනි රේඛාවක් යම් අල්ලක වැටේද හදිසියේ ලබන ලොතරැයි ටිකට් පතකින් ජයගන්නා කෙනකු ප්‍රචලිත වන සලකුණකි. ඔහු මැණික් මුදලාලි සමඟ ඉන්දියාවේ වන්දනා ගමනක යෙදුණ කතාව අල්ල තුළ දේශාටක රේඛා වැටීමෙන් හෙළිවේ. කුඩා කල පියා අහිමි වූ දූපත් සලකුණ අත් කරට යාබද ජීවන කර්මපල රේඛාවල නිර්මාණය වී ඇත. (18) ශනි රේඛාවෙන් රවි මණ්ඩලයට විහිදෙන ධජය (අංක 7) මුදු ඇඟිල්ල තුළ (අංක 10) දිස්වේ. එහි වැටී ඇති ඕරා ලකුණ බලන්න. මෙවැනි ලකුණු ඇති අය පෙර පින් ඇති අයය. පළාතක කීර්තිමත් අයෙකි.

මේ අල්ල තුළ කුජ තලාව තුළ ත්‍රිකෝණයකි. මැණික් කර්මාන්තයෙන් මනුෂ්‍ය වර්ගයා ජීවත් කිරීමට යම් කිසි කම්හලක් පටන් ගැනීම ඔහුගේ අරමුණයි.

මේ අල්ල තුළ රවි මණ්ඩලයෙන් විකෘති කුජ මණ්ඩලයට වැටෙන පරධන රේඛාවකි. (අංක 2) එය පරධන යෝගයයි. ඔහු ප්‍රදේශයේ මනුෂ්‍යයින් අතර රජෙකුට සමානව සිටියි. තමන් ලද ධනයෙන් නැති බැරි අයට නිවාස හා ඔවුන්ගේ අඩු ලුහුඬුකම් සපුරාදීම මුල් අරමුණයි.

ඔහුට ලැබී ඇති මැණික්වල වටිනාකම කෝටි ගණනකි. ඒවා තවමත් මිළ කළ නොහැකි තරම්ය.

“මම පෙර අත්භවේ මනුෂ්‍යයින්ට දීල තියනවා.

කතරගම දෙවියන්ට මා ළැදියි. දුප්පතුන්ට මා ලද දෙයින් දෙවියන් වෙනුවෙන් යමක් කරන්න බලා පොරොත්තු වෙනවා.” ඔහු ජීවිතයේ ආ ගමනේ කම්කටොලු විස්තර කරමින් මා සමඟ පැවසීය.

හිටි ගමන් ධනය ලබාදෙන ග්‍රහයෝග ගණනාවක් ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය තුළ ඇත.

මේ අල්ල පරික්ෂාවේදී බැලූ බැල්මට නොපෙනුනත් ධන කුවේරයකුට පිහිටන ‘වාසුමතී’ යෝගය අල්ලේ මේ හස්තය තුළ පිහිටා තිබේ.

එය ඇඟිලි දික්ව රවි - ශනි - ගුරු - බුධ මණ්ඩල උස්ව පිහිටා තිබේ.

විශේෂයෙන් සුළැඟිල්ල රවි ඇඟිලිලේ අග පුරුකේ යව රේඛාව පසුකර ඉහළට යයි. මෙහි රැකියා ස්ථානය ඉහළට සුළැඟිල්ල යාමයි.

කුජ තලාවේ (විකෘති) සුළැඟිල්ල යට ත්‍රිකෝණ කොඩියයි. එය මහත් ධන යෝගයකි (අංක 14)

විශේෂ පරිශ්‍රමයකින් දියුණුව කරා යන කෙනකුගේ අල්ලේ වැටුණේ ශනි ධන රේඛාව දෛව රේඛාවේ සිට ඇදේ (අංක 1) එය කුජ (ප්‍රකෘති) රේඛාව හා බැඳේ. එය මැණික් වාසනාව පෙනෙන රවි මණ්ඩලයෙන් විකෘති කුජ මණ්ඩලයට වැටෙන හදිසි ධන රේඛාවයි. කීර්තියක් ලබන චන්ද්‍ර කීර්ති රේඛාව හෙවත් ඉරණම රේඛාව

අත්කරේ සිට ගුරු මණ්ඩලයට වැටෙන ජීවන රේඛාව කුජ මණ්ඩලයෙන් වැටෙන ශීර්ෂ රේඛාව (ද්විත්ව වීම) විද්‍යාඥයකුට පිහිටයි.

සිකුරු මණ්ඩලයෙන් පටන් ගන්නා සුඛ රේඛාව

මුදු ඇඟිල්ලට දිවෙන දෛව රේඛාව ඉන් මතුවන ලක්ෂණය. මැදඟිල්ලේ (ශනි) මුල් පුරුකේ වැටෙන ජන්ම රේඛාව

දබරඟිල්ලේ උඩ පුරුකේ පිහිටි උපන් සමාජයෙන් පිදුම් ලබන දේවී ලක්ෂණය.

මුදු ඇඟිල්ලේ වෙදඟිල්ලට මුල පුරුකට දෛව රේඛා අතු රේඛාව වයස 25දී පුදුම භාග්‍යයක් උදාවන බව කියයි. ප්‍රසිද්ධිය ධනය භාග්‍යය ලබාදෙයි. මෙහි චතුරශ්‍ර ලකුණ වැටීම මහත් ධනයයි.

11. කර්මපල ඉරණම රේඛාවෙන් නැගෙන භූමි රේඛාව මැණික් කටුවේ සිට නැගීම අහඹු ධනයකි. (භූමි ලාභය)

12. චන්ද්‍ර මණ්ඩලයෙන් නැගෙන විස්මිත සූර්ය ධන රේඛාව ඉතා භාග්‍ය සම්පන්න එකකි. තම පවුලේ පිරිසට රැකවරණය සපයයි.

13. ශනි ඇඟිල්ලේ මැද පුරුකේ වැටී ඇති මැණික් ධනය ලබන හදිසි වාසනා රේඛාව.

14.කුජ තලාවේ වැටුණ ධජය හා ත්‍රිකෝණ සටහන.

හස්ත රේඛා පර්යේෂණ විද්‍යාඥ

මාතලේ එච්.ඩබ්ලිව්. අභයපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.