වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
“ධර්ම කර්මාධිපති” යෝගයේ බලය නියම ලෙසට ඵලදීම
අප්‍රේල් 19, 2019
“ධර්ම – කර්ම” යනු භාග්‍යස්ථානය හා කර්මස්ථානයට (9-10) හිමි ග්‍රහ එකතුවකි. තවත් ලෙසකට ප්‍රකාශ කළොත් උගත් බවේ හෝ දැනුවත් කමේ භාග්‍ය මත රැකියා දියුණුවට සම්බන්ධ බලයක් ලැබීමයි. එසේම ජීවිතයේ පැවැත්මට, කරන කර්මාංශ කටයුතුවලට එසේත් නොවේ නම් රැකියා බලයට කරන ශුභ /අශුභ බලපෑම් මෙම යෝගය තුළ ගැබ්ව පවතී.
ධර්ම හා කර්ම ස්ථාන එක් කොට තැනෙන බලයක්, ගමන් මගක් ශක්තිමත් පාලමක් මෙන් මෙම බලය ජන්මියාට ක්‍රියා වනු ඇත.
කාලීන වශයෙන් බලවත්වීමකට අවශ්‍යම වන යෝගයක් සේම, සංකීර්ණ අධ්‍යාපන ක්‍රමවේද, සංකීර්ණ රැකියාව හෝ කර්මාංශ බලය ට බෙහෙවින්ම බලපෑම්වලට ලක් කළ හැකි බලයක්ද වේ. අපට මතුපිටින් පෙනෙන මෙම ග්‍රහ බලය පෙනෙන ආකාරය හෝ ඵලදෙන ආකාරය කෙසේ දැයි යම් දෘෂ්ටියකට හේතු වුවත්, මෙම යෝගය ශුභඵල දෙන ආකාරයටම කෙනෙකුට පිහිටන්නේ පෙර භවයේ කරන ලද කුසලා කුසල කර්ම අනුව බොහෝ ජන්මීන්ට “ධර්ම – කර්ම” බලය ඇතිවිය හැකිය. එහෙත් නිරන්තර ලෙස ඵලදෙන ආකාරයට පිහිටන්නේ අතලොස්සක් දෙනාට පමණි. මන්ද, උපතේ දී ජන්මියාට 9-10 හිමිකම අනුව පවතින ග්‍රහ තත්ව මත වේ. සමස්තයෙන් බැලූවිට මෙම යෝගය ධනු ලග්න හිමි අයට රාශි 12 කුමන රාශියකට යෙදුනත් අශුභඵල අවම කර ශුභඵල අධිකව යෙදෙන බවට පෙන්වා දී ඇත. එසේ වන්නේ නව වැන්න වන ධර්මස්ථානයම එක ම දීප්ති ග්‍රහයා වන රවිට හිමිවීමත්, කර්මස්ථානය බුධට හිමිකමත් මතය. එසේ වූ විට 9 හා 10 වැන්නේම දෙදෙනා වෙත්නම් බලවත්ම ඵල නියත ලෙසටම යෙදේ. රවි – බුධ ග්‍රහ දෙපළ එකටම ගමන් ඇති ග්‍රහයෝය. එසේම රවි – බුධ යෝගය නිරන්තරයෙන්ම එක රාශියේම වේ. නිතරම බුධගේ වක්‍ර, අස්ත, නිවෘත වීම් ආදිය රවිගේ රශ්මියට අවනතව යෙදේ. සිංහ, කන්‍යා රාශිවලදීද බුධගේ බලයද අවම වීමක් නැත.
උපතට, ලග්නය, දෙර්කාණ බලය, බාධක බල ආදී සියල්ලම අදාළ කරගෙන බලන විට, මේෂ ලග්නයට දෙවැනි දෙර්කාණය, 22 වැනි දෙර්කාණ (බාධක) බලය ගුරුට හිමිවේ. ඔහු 9 අධිපතියාය. බාධක ග්‍රහයා චර රාශිවලදී බාධක බලය 11 අධිපති ශනිට හිමි වේ. මෙහිදී ධනු,මකර, 9-10 වුවත්. බාධක කම හිමියා ශනි වීම නිසා ද ධ්ධ් දෙර්කාණ බලය ගුරුට හිමිවීමත් අනුව “ධර්ම කර්මාධිපති” බලය යෙදුණද ඵලදීමක් ඇති නොවේ.
ඉහත යෝගය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට රැකියාව, බලවත්වීමට හේතුයි. සිතුවත්, මේෂ ලග්නයට ඵලදීමක් ඇති නොවේ. එහෙත් රවි – ගුරු ( 22 වැනි දෙර්කාණ බලට ගුරුට හිමි නොවුන විට ) එම යෝගය ඉතාම යහපත් ඵලදීමක් වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
එස්.එච්. වංසාද සිල්වා
මාදින්නාගොඩ
෴ සබැඳි ලිපි ෴
දෛවය හරි පුදුම දෙයක්. ජීවිතයේ වාසනාව අවාසනාව තීරණය කරන්නේ අප විසින්ම ලබා ගත් අපේ දෛවයි. යම් යම් අවස්ථාවලදී පුද්ගලයා මුහුණ දෙන දේවල් බැඳීලා තියෙන්නේ...
2024-08-22 18:30:00
ශකවර්ෂ 1946ක් වූ සිංහ රවි 07 භාග නිකිණි අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 13 භාග නිකිණි අව එකොළොස්වක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-08-22 18:30:00
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි සනත් ජයසූරිය මහතාට ඒරාෂ්ටක කාලවකවානු තුළදි ලැබුණු සුබ ප්‍රතිඵල කිහිපයක් පිළිබඳව මීට පෙර ලිපියකින් සාකච්ඡා...
2024-08-22 18:30:00
බුධ ග්‍රහයා බුධ දිනට අධිපති ග්‍රහයා වේ. එලෙසම බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ සිටින ළාබාලම ග්‍රහයාද වේ. බුධහුට රවි ග්‍රහයා ගෙන් එක් රාශියකට වඩා ඈත් විය...
2024-08-22 18:30:00
දැනට වසරකට හෝ දෙකකට පමණ පෙර භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනැමුණු බව ඔබ අසන්නට ඇතැයි මම සිතමි. එම සම්මානය ලැබීම...
2024-08-22 18:30:00
මේ වන විට ධනු රාශියට බල පැවැත්වෙන නීච භංග රාජ යෝගය බලවත් කරමින් කුජ මිථුන රැසට සතුරුව සංක්‍රමණය වීම මේ මස 26 වැනිදා සඳුදා පස්වරු 3.23ට සිදු...
2024-08-22 18:30:00
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත මේ ලිපිය මඟින් අප අද ලබාදීමට අදහස් කරන්නේ අධ්‍යාපනය ලබන තරග සහ විශේෂ විභාග ජය අපේක්ෂාවෙන් බොහෝ මහන්සි ගන්නා දූදරුවන්ට...
2024-08-15 18:30:00
කල් යන්නට මත්තෙන් චංචලනය බරින් යුත් කම්පනයක් ඇති කළ අතර විෂ්ණු දෙවියන් ඇතුළු දෙවිවරුන් විසින් පිළිගත් වටිනා මැණික් වැනි වටිනා භාණ්ඩ රාශියක් නිකුත්...
2024-08-15 18:30:00
මේ ලෝකයේ සෑම දෙයක්ම හඳුනාගැනීම සඳහා කිසියම් නමක් පවතී. නම යනු යම් දෙයක් හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන ශබ්ද සංඥාවකි. එම ශබ්ද සංඥාව හඳුනා ගැනීම සඳහා...
2024-08-15 18:30:00
ලග්න කේන්දරයක කේන්ද්‍ර ස්ථානයකට සහ ත්‍රිකෝණ ස්ථාන දෙකකට හිමිකම් කියන හෝ ත්‍රිකෝණ ස්ථානයකට හිමිකම් කියන ග්‍රහයා ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී යෝග කාරක ග්‍රහයා...
2024-08-08 18:30:00
ඇතැමුන් දුප්පත් වන්නේ, සල්ලි හම්බ කරන වැඩවලට අත නොගසන්නේ තමන් විසින්ම ඔළුවේ දමාගෙන සිටින වැරැදි මත ආකල්ප ආදිය නිසාය. සමහරු කේන්ද්‍රවල ආකල්පවලට...
2024-08-08 18:30:00
අතීතයේ භාරත දේශයේ විසූ ඍෂිවරුන් විසින් මිනිසාගේ යහපත උදෙසා යන්ත්‍ර හා මන්ත්‍ර නිබන්ධනය කෙරෙන ලද්දේය. ඒ අතර නිමිති ශාස්ත්‍ර පිළිබඳව ද ඔවුහු සඳහන් කළෝය...
2024-08-08 18:30:00
දිනූ තත්ත්ූවයශකවර්ෂ 1946ක් වූ කටක රවි 25 භාග නිකිණි පුර විසේනිය තිථිය ලත් කිවිදින සිට එම රවි 31 භාග නිකිණි පුර එකොළොස්වක තිථිය ලත් ගුරු දින...
2024-08-08 18:30:00
“සුබසෙත” පාඨක පින්වත් ඔබ වෙත මේ ලිපිය මගින් අද අප පැවසීමට අදහස් කරන්නේ ජීවිතයේදී අත්වන පීඩා සහ කරදර නිසා කලබලයෙන් වැරදි පුද්ගලයන් වෙත පිහිටපතා ගොස්...
2024-08-08 18:30:00
පසුගිය දෙසතියේ ම අපි ඔබට ඔබේ නමේ අංකය සොයා ගන්නා ආකාරය දැක්වූයෙමු. අද එහි තවත් කොටසක් ගෙන එන්නෙමු. නමෙහි අකුරුවල අගය ඉංග්‍රීසි අකුරුවලට අදාළ අංකවල...
2024-08-01 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ කටක රවි 18 භාග ඇසළ අව තෙළෙස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 24 භාග නිකිණි පුර ජලවක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-08-01 18:30:00