නව නිර්මාණ තුළින් දක්ෂතා පෙන්නුම් කරන දෛව අංක 7 හිමියෝ

ජනවාරි 25, 2019

දෛව අංකය තුළින් ජීවන තොරතුරු යටතේ මේ වන විට පිළිවෙළින් රවි සඳු, ගුරු , යුරේනස්, බුධ, කිවි යන ග්‍රහයන්ට අයත් 1,2,3,4,5,6 යන දෛව අංකවලට අදාළ අයගේ ජීවන තොරතුරු විස්තර කර ඇත.

මෙවර විස්තර කරන්නේ නැප්චූන් හෙවත් වරුන ග්‍රහයාට අයත් අංකය 7 පිළිබඳවයි. අංක 8 හා 9 පිළිබඳ විස්තර දැන ගැනීමෙන් පසු උපන් දිනයක් තුළ දෛව අංකයට අමතරව අන්‍ය අංක බලපාන ආකාරය පිළිබඳවද ඔබට අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත. එහිදී එක් එක් අංකයට අයත් අයගේ පෞද්ගලික ගති පැවතුම් පිළිබඳ වූ විශේෂ ලක්ෂණ මතකයේ තබා ගැනීමෙන් කිසියම් අයෙකු දෙස බැලීමෙන්ම ඔහු කවර අංකයේ කෙනෙකු දැයි ඔබට තේරුම් ගැනීමට හැකිවනු ඇත. යමෙකුගේ උපන් දිනයේ අංක කීපයක් බලපෑම හේතු කොටගෙන මිශ්‍ර ගති ක්‍රියාත්මක වන බවද අමතක නොකළ යුතුය.

දෛව අංක 7 න් උපන් අය සමාජයේ කිසියම් පෙරළියක් කිරීමට සමත් ක්‍රියාශූරත්වය නිසා ජනාදරයට පත්වන උද්‍යෝගිමත් නිර්භීත චරිතයකින් යුතු අය වෙති. මොවුන් තුළ ඇති තීක්ෂණ නුවණ ඕනෑම දරුණු අපරාධයක් කිරීමට හෝ සමාජයේ යහපතට හේතුවන කාර්යයක් කිරීමට හේතුවනු ඇත. මෙම අංකය හිමියා ඉමහත් අත්ගුණයකින් යුතු අයෙක් වෙයි. එම අත්ගුණය කවර ක්‍රියාවකට යොමු කළත් උසස් ප්‍රතිඵල ලැබෙනු නියතය. වගා ව්‍යාපාරයකට යෙදුවත් සරු අස්වැන්නක් ලැබෙනු ඇත. එමෙන්ම මැණික් ගැරීම වැනි භූමියට සම්බන්ධ වෙනත් ඕනෑම කටයුත්තකට සහභාගිවුවද ලබන ප්‍රතිඵලය ඉතා සාර්ථක වනු ඇත. චිත්‍ර ශිල්පියෙක් නම් ඔහුගේ නිර්මානවල අමුතු සිත්ගන්නා සුළු දර්ශනීය භාවයක් ඇත. වේදිකාවකට පා තැබුවේ නම් ඔහුගේ වදනින් අසන්නා පුදුම පෙරළියකට පත්වන්නේය. නිදහස් මතධාරියෙක් වන මොහු යම් පාර්ශ්වයකට උදව් කළේ නම් එහි ජයග්‍රහණය දකිනතුරු පසු නොබැස ඉදිරියටම යන්නේ සිංහ රාජයෙකු මෙනි. අංක 7 න් ජනිත පුද්ගලයා අංක තලයෙහි අන් කිසිම අංකයකට දෙවෙනි නොවන තරමේ සහජ දක්ෂතාවලින් යුතු සකල කලාවන්හිම දැනුමක් මෙන්ම හැම දෙයක් පිළිබඳවම මොනවා හෝ දන්නා අයෙක් වෙයි. අන් අයගේ අඩුපාඩු පෙන්වා දීමට සමතෙක් වුවද තමන් තුළ ඇති දුර්වලකම් මග හරවා ගැනීමට උනන්දු නොවීම අංක 7 හිමියා තුළ ඇති දුර්වල කමකි.

දෛව අංක 7 න් ජනිත කාන්තාවන් රසට ආහාර පිළියෙල කිරීමේ දක්ෂතාවයක් පෙන්නුම් කරන අතර ඇය වගාකිරීමෙහිද අත්ගුණයක් ලබා ඇත.

සාමාන්‍ය ගොවි පවුලක නම් ඉතා ශූර ගෙවිලියක් වනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හිඹුටානේ පියතිලක ද අල්විස්

0716212020 - 0112419574

158, හිඹුටාන,

මුල්ලේරියාව නව නගරය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.