වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
ශරීරයේ වම් හෝ දකුණු එක් පසෙක ඇතිවන පණ නැති වීම අංශභාගය ලෙස සරලව හඳුන්වනවා. මොළයේ හෝ සුෂුම්නාවේ එනම් මධ්‍ය ස්නායු පද්ධතියට වන විවිධ අනතුරු සහ...
2024-08-08 18:30:00
රුමටොයිඩ් ආතරයිටිස් යනුවෙන් හඳුන්වන්නේ වේදනාකාරි හෝ පීඩාකාරි තත්ත්වයක් ඇති කරන ශරිරයේ සන්ධියක හෝ සන්ධි කිහිපයක ඇතිවන දැවිල්ලකි. වත්මන් සමාජයේ බොහෝ...
2024-08-08 18:30:00
වියපත් වූ ඔබ දෑත් දෙපාවල වේදනාව, ඇවිදීමට අපහසුව, කොන්දේ වේදනාව, හිරිය ඇතිවීමට හේතු ගැන මොහොතකට හිතුවාද? බොහෝ විට වයස අවුරුදු 30 - 40 වයස් වන විටම ඔබ...
2024-08-08 18:30:00
නිමාලි, කඩවතප්රශ්නය -වෛද්‍යතුමනි, මා අවුරුදු 24 තරුණියෙක්මි. මගේ ඇස් වටේ මුහුණේ දෙකෙළවර, බෙල්ලේ ඇස් දෙකේ සහ කකුල්වලත් සම රැළි වැටීමක් පවතී. මේ...
2024-08-01 18:30:00
පුද්ගලයෙකුගේ කොඳු ඇට පේළියේ වම් හෝ දකුණු පසින් එක පැත්තක සිට අනෙක් පසට වන අසාමාන්‍ය ඇදවීම පැතිකුදය හෙවත් Scoliosis රෝගී තත්ත්වය ලෙස සරලව...
2024-08-01 18:30:00
(එල්. පෙරේරා - මඩපාත)ප්රශ්නය -වෛද්‍යතුමනි මගේ වයස අවුරුදු 78යි.මගේ කකුල්වල පතුල්වලට කටු අනිනවා වගේ දැනෙනවා. නැඟිටින්න අමාරුයි පණ නෑ වගේ ඒ සඳහා...
2024-07-25 18:30:00
ඔබත් මුලින්ම ඇතිවෙච්ච දණහිස් වේදනාවක් කාලයක් තිස්සේ අඩු නොවී තිබිල කල් ගත වුණාට පස්සේ ඒ වේදනාව කොන්දට පැතිරෙන අත්දැකීම විඳපු කෙනෙක්ද? ව්‍යායාම...
2024-07-25 18:30:00
අරාස්ථිය සහ අන්වරාස්ථිය (Radius & Ulnar) සමග හස්තකුර්චාස්ථි (Carpals) සම්බන්ධ වීමෙන් නිර්මාණයවන මැණික් කටුව සන්ධිය,සන්ධි වර්ග කිරීම යටතට...
2024-07-18 18:30:00
මේ ගෙදරට පුදුම දෙයක්නේ වෙලා තියෙන්නේ. ලෙඩෙක් නැති දවසක් නැහැනේ තාත්තා වැඩට යනවා ගෙදරට එනවා. අම්මේ... දතක් රිදෙනව. දවල්ට කෑවෙත් නැහැ කියල ඇඳන් හිටපු...
2024-07-11 18:30:00
ස්මාට් ජංගම දුරකථන භාවිත කිරීම බාල මහලු වයස් භේදයකින් තොරව අද සමාජයේ සියලුම දෙනා සිදු කරනවා. සමාජ මාධ්‍යවල පැතිර යාම නිසා තමන්ගේ දෛනික අවශ්‍යතාවලින්...
2024-07-11 18:30:00
ආයුර්වේදය යනු ආයුෂය පිළිබඳ වූ විද්‍යාවකි. ජීවිතය හෙවත් ආයුෂය රැක ගැනීම පිළිබඳව අවබෝධ කරවන හෙයින් ආයුර්වේදය නම් වෙයි. ආයුෂයට හිතකර හා අහිත කර...
2024-07-11 18:30:00
අත් බෙහෙන් යනු අප පාරම්පරිකව ලත් උරුමයකි. මෙය අපේ දේශීය දැනුම් පද්ධතිය තුළ ඉතා වැදගත් තැනක් ගනී. සුළු රෝගාබාධයකදී කළ යුතු පිළියම් ලෙස,...
2024-07-11 18:30:00
දණහිස් වේදනාව මැදි වයසෙන් පසුව ගැහැනු පිරිමි භේදයකින් තොරව සමාජයේ බොහෝ දෙනා පීඩා විඳීන තත්වයක්. ශරීරයේ ඇතිවන අනෙක් සියලු වේදනාවන් මෙන් දණහිස් වේදනාව...
2024-07-04 18:30:00
ආයුර්වේදය යනු සැපවත්, පී‍්‍රතිමත් හා සුවදායී ලෙස ජීවිතයේ උපරිම පල භුක්ති විඳීම සඳහා ඈත අතීතයේ සිට උපයෝගී කරගත් ජීවන දර්ශනයකි. වර්තමානයේ බොහෝ...
2024-07-04 18:30:00
පාසල් දරුවෝ බොහෝ දෙනෙක් තරබාරුව නිසා මහත් පීඩාවට පත්ව මානසික වද වේදනා විඳිති. ළමා වියේදී ගනු ලබන මේද අධික ආහාර මස්, මාංශ වැඩිපුර ගැනීම අහිතකරය....
2024-07-04 18:30:00
වකුගඩු රෝගීන්ට ඖෂධ නියම කරනු ලබන්නේ ගත යුතු ආහාර පාන මෙන්ම නියමිත පරිදි ඖෂධ වර්ග ගනිමින් යම් පැවතුම් ක්‍රමයකට ජීවත්වන ලෙස උපදෙස් ලබා දෙමිනි. රෝගයන්...
2024-06-27 18:30:00