වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
ගම්බදව ජීවත්වන අය අම්මාවරුන්ගේ ලෙඩ නැතහොත් දෙවියන්ගේ ලෙඩ යැයි හඳුන්වනු ලබන පැපොල රෝගය හා කම්මුල්ගාය වඩාත්ම පැතිරෙන්නේ දරුවන්ටය. ගෙදරක එක් රෝගියකු...
2024-06-27 18:30:00
සෙම් ගෙඩිවලට ඉතා කුඩා දෙහි ගැට, ගම්මිරිස් ඇට කැට ලුණු (කෑමට ගන්නා ලුණු) අවශ්‍ය ප්‍රමාණයට ටික ටික ගෙන ඉතා හොඳට අඹරා පිරිසුදු රෙදිකඩක දමා ගුලියක්...
2024-06-27 18:30:00
තුනටිය ප්‍රදේශයේ එහෙමත් නැතිනම් කොන්දේ පහළ ප්‍රදේශයේ හටගන්නා වේදනාව අද බොහෝ දෙනා පීඩා විඳීන තත්වයක්. කොඳු ඇට පේළියේ පහළ ප්‍රදේශය(Lumbar Spine...
2024-06-20 18:30:00
කාලගුණික විපර්යාසයත් සමඟ ජන සමාජය තුළ පැතිර යන විවිධ රෝගාබාධ යළි ඉස්මතු විය හැකිය. දිවයින පුරා ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර නිසා...
2024-06-20 18:30:00
මිහිතලය මත ජීවින්ගේ වාසය ආරම්භවීමත් සමඟ ඔවුන් තමන්ට වැලඳෙන රෝගාබාධ සඳහා තම වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කර ගැනීමට හුරුපුරුදු විය. මෙම ජීවින් අතරින්...
2024-06-13 18:30:00
සෑම කාන්තාවකම පංච කල්‍යාණියක නොවුණත් තම තමන්ට ආවේණික වූ රූප ශෝභාවකින් යුක්තයි. තමාට උපතින් උරුම වූ මේ රූප ශෝභාව රැක ගැනීම ඒ සඳහා නියමිත ඖෂධ...
2024-06-13 18:30:00
සියලු සත්ත්වයින් හට ස්වභාවධර්මයෙන් පිහිටියා වූ නේත්‍ර සඟල ලෝකයේ පවතින සෑම දෙයක්ම දැකීමට උපකාරී වන්නේය. අතීතයේ සිට පැවැත එන සංකල්පනා අනුව ගත හොත් මහා...
2024-06-13 18:30:00
පුද්ගලයකුගේ සාමාන්‍ය සෞඛ්යමත්භාවයට තර්ජනයක් වන මට්ටමට සිරුරේ මේදය තැන්පත් වීම තරබාරුකම හෝ ස්ථුලතාවය ලෙස සරලව දක්වන්නට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ...
2024-06-13 18:30:00
ආයුර්වේදය යනු ශරීරය,මනස හා ආධ්‍යාත්මය නීරෝගීව පවත්වා ගනිමින් තුලනාත්මක සමාජ සම්බන්ධතාවයක්පවත්වා ගැනීම සඳහා ඉහළ ප්‍රවණතාවයක් ලබාදෙන ශාස්ත්රයකි...
2024-06-13 18:30:00
හෘදයාබාධයනට, ආඝාතයට විශේෂයෙන් ලක්වන කොලෙස්ටරෝල් රෝග ගණනාවකටම හේතුවන ප්‍රබල රෝගයකි. රුධිරගත මේදය, නහර ගත මේදය යනුවෙන් හඳුන්වනු ලබන කොලෙස්ටරෝල්...
2024-06-06 18:30:00
ආයුර්වේදය හා පාරම්පරික වෙදකම අතර විශාල වෙනස්කම් ඇති බවට මතයක් ජනතාව තුළ පවතී. එහෙත් සැබැවින්ම මෙහි වෙනසක් තිබේද? අප ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර්...
2024-06-06 18:30:00
පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහචීන කටු වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්රියඔළුවේ කැක්කුම හෙවත් හිසරදය ගැහැනු පිරිමි වයස් භේදයකින් තොරව එදිනෙදා...
2024-05-30 18:30:00
පංච කල්‍යාණයෙන් එකක් වන කේශ කල්‍යාණය කෙරෙහි එදා අපේ කාන්තාවන් දැක්වූයේ මහත් ආදරයක් ළැදිකමක්. මේ නිසා කෙස් කලඹ රැක ගැනීමට දේශීය වශයෙන් ගන්නා වූ...
2024-05-16 18:30:00
පාද ආශ්‍රිතව ඇතිවෙන දැවිල්ල හෙවත් Burning Feet තත්ත්වය අද සමාජයේ බොහෝ දෙනා වයස් භේදයකින් තොරව පීඩා විඳීන තත්ත්වයක්.කෙටි කාලීනව සහ දීර්ඝ දැවිල්ල...
2024-05-16 18:30:00
අම්මෝ, පුදුම රස්නයක්නේ, ඇඟම පිච්චිලා යනවා, මුළු ඇඟම දනවා, දහදියෙන් මුළු ඇඟම තෙත්වෙලා. නින්ද යන්නෙත් නැහැ. රෑ පුරාම ඇඟ සෝදනවා. ඇඟ පුරාම බිබිළි, කසනවා...
2024-05-16 18:30:00
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද ඉදිරිපත් කරනු ලබන මේ “උතුම් තෙයියෝරු තෙල” ජීවිතයේ පළමු වතාවට ප්‍රසිද්ධ මාධ්‍යයකින් රටට හෙළි කරන අවස්ථාවයි!ඉතා...
2024-05-16 18:30:00