වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
ගෝල කුහර ගණයට ගැනෙන උරහිස සන්ධිය ශරීරයේ චලන පරාසය වැඩිම සන්ධිය ලෙස දක්වන්නට පුළුවන්. සන්ධියක චලන පරාසය වැඩිවන විට එහි ස්ථාවරතාවය ස්වභාවයෙන්ම අඩුවනවා...
2024-09-19 18:30:00
මේෂය බඩ ලෙඩ ඉහෙන් පහළ ලෙඩ වුණ හෝ ඉස ගිනියන් දන්නේ පිටිමුසු කැවිලිද කාලා ලෙඩ ගෙවල යකුන් හට යැද පන්නේ වෘෂභය සුදු කැවිලි ද කිරි මුසු කොට කාලා ආ ලෙඩ දැන...
2024-09-19 18:30:00
ඒ.කේ. මොහොට්ටි - රත්මලාන ප්රශ්නය වෛද්‍යතුමනි, තිස්දෙහැවිරිදි මා මැහුම් ආයතනයක සේවය කරන සේවිකාවක්මි. දින කීපයක සිට මගේ දකුණුූ අත පැත්තේ...
2024-09-12 18:30:00
කටී වායුවටරඳවා ඇවිත් පිටි පස්සේ සිටී නම් නොච්චි දා ලා පිසලා දෙවා නම් ඒත් ඌ නොගොස් එතනම සිටී නම් කනත් එක්ක මුල කල අඹුවම දීපම්කටී වායුව ඇති වූ විට නික...
2024-09-12 18:30:00
ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරා විවිධ කාලයන්හි වරින් වර පැතිර ගියද, දැන් හැම කාලෙකම වාගේ පවතින බරපතළ මාරාන්තික රෝගී තත්ත්වයක් මෙන්ම සුව වූ පසුද...
2024-09-05 18:30:00
අස්ථි සහ පේෂි පද්ධතියට වැලඳෙන රෝග සැලකීමේදී විවිධ රැකියා සහ නිශ්චිත ශාරීරික ක්‍රියාකාරකම් කරන පුද්ගල කාණ්ඩවලට වැලඳෙන සුවිශේෂී ආබාධ තත්ත්වයන්...
2024-09-05 18:30:00
ඖෂධ මැතිරීමසියලුම සිංහල තෙල් බෙහෙත් අරිෂ්ඨ රසායන චූර්ණ ආසව ආලේප වර්ග 108 වර මතුරන්න බොන්න.මන්ත්‍රය - ඕං නමෝ භගවතෝ භෛ්යරශ්ය ගුරුවේ වෛද්‍යQය...
2024-09-05 18:30:00
උණට කූට මත නාගරා අඹු සොඳ කට කාරී අටඹු ගෙනා සිටි අඹු එකෙකුට බේරී සිටි අඹු කනා සුනුලා පස් දින නෑරී අට වන ජොරා බැට කාගෙන යයි බේරී කූට කියන්නේ...
2024-09-05 18:30:00
මැණික් කටුව සන්ධිය දෑත්වල සියුම් චලන පවත්වාගෙන යාමට වැදගත් වනවා. නැමීම (Flexion), දිග හැරීම (Extension), දෙපසට අපගමනය කිරීම (Ulnar deviation,...
2024-08-29 18:30:00
නන්දාවතී - තිහගොඩප්රශ්නය - වෛද්‍යතුමනි, ආහාර විෂවීමෙන් හා ගුණාත්මක ආහාර නොගැනීමෙන් රෝගීවන බවත් තන්තුමය ආහාර ගැනීමෙන් නිරෝගීවන බවත් බොහෝවිට වෛද්...
2024-08-22 18:30:00
සන්ධිවලට වැලඳෙන රෝග සැලකීමේදී ආතරයිටිස් හෙවත් සන්ධි ප්‍රදාහයික තත්ත්වය ප්‍රධාන රෝග වර්ගය ලෙස දක්වන්නට පුළුවන්. සන්ධි ප්‍රදාහ රෝග සැලකීමේදී ද ප්‍රභේද...
2024-08-22 18:30:00
ලොව වෙසෙන සෑම සත්ත්වයකුම දෙනෙත ආරක්ෂා කර ගැනීමට උත්සුක වන බව නොරහසකි. එහෙත් මනුසතාගේ තරමට තිරශ්චීන (තිරිසන්) සත්ත්වයන්ගේ ඇස් පෙනීම දුර්වල නොවන බව ප්...
2024-08-22 18:30:00
කේ. පි‍්‍රයංගිකා - සීදුවප්රශ්නය -වෛද්‍යතුමනි, මා 32 හැවිරිදි මැහුම් ආයතනයක වැඩ කරන කාන්තාවක්මි. දිවා ආහාරය ගැනීම සමහර දිනවල එක එක වෙලාවටයි ගන්න...
2024-08-15 18:30:00
උරහිස සන්ධියේ වේදනාව වයස් භේදයකින් තොරව ගෑණු පිරිමි සැමදෙනාටම පීඩා විඳීමට සිදුවන තත්ත්වයක්. උරහිසේ වේදනාව රෝග ලක්ෂණයක් වන අතර එම රෝග ලක්ෂණ...
2024-08-15 18:30:00
වාද්දුවේ හිමාලිප්රශ්නය - වෛද්‍යතුමනි, මගේ බාල දියණිය සිව්වැනි වසරේ ඉගෙනුම ලබයි. පන්තිභාර ගුරුතුමිය සෞඛ්‍යය පාඩමක් කියාදෙමින් රෝගාබාධවලින්...
2024-08-08 18:30:00
ඔබ පර්ෆියුම් (Perfume) නැමැති චිත්‍රපටය නරඹා තිබේ නම් හෝ එම චිත්‍රපටයට පාදක වූ ප්‍රංශ නව කතාවේ පරිවර්තනයක් වන අශානි ශාලිකා රණසිංහ පරිවර්තනය කළ...
2024-08-08 18:30:00