හදිසි රෝග හඳුනා ගැනීමට පැරැණි නිමිති ශාස්ත්‍රයක්

සැප්තැම්බර් 20, 2024


මේෂය බඩ ලෙඩ ඉහෙන් පහළ ලෙඩ වුණ හෝ ඉස ගිනියන් දන්නේ
පිටිමුසු කැවිලිද කාලා ලෙඩ ගෙවල යකුන් හට යැද පන්නේ
වෘෂභය සුදු කැවිලි ද කිරි මුසු කොට කාලා ආ ලෙඩ දැන ගන්නේ
වැදියක් කඩවර දෝෂෙට පුදමින් අවුසද කරපන් ගුණ වන්නේ

මිථුන සුනු සාලේ බත් කිරි සහ කාලා ඉදිමුම නැති වන්නේ
ඉහෙන් පහළ ලෙඩ ග්‍රහ අපලය සහ වීරමුණ්ඩ දෙවි දොස් වන්නේ
කටකය හීල්බත් බැදුම්ද කාලා බෙල්ලෙන් උඩ ඇස් ලෙඩ වන්නේ
ඊට මහත් දෙවි දෝෂෙට නැතිනම් වැදියක් කඩවර දෝෂෙට පුදමින් අවුසද කරපන් ගුණ වන්නේ

සිංහය දඩමස් පළාද කාලා බඩ හිස සිත දත ලෙඩ වන්නේ
පත්තිනි දේවිගෙ දෝෂෙට නැත්නම් අබිමානය යුකු පුද මින්නේ
කන්‍යා කටුසර දේවල් කාලා නොයෙක් ව්‍යාධී ලෙඩ පැමිණෙන්නේ
දැඩි මුණ්ඩ දෙවියන් යැදගෙන සකියනි වෙදකම් කරපන් ගුණ වන්නේ

තුලාව නිඹුලද බත් ඇඹුලක් කා උණ හිසරද අරුචිය කියනා
කොසඹ යකුන්ගේ දෝෂෙට නැත්නම් ගෙවල යකුන් හට පුද දෙමිනා
වෘශ්චික අන් ගෙදරක බත්කාලා උණ ඉදිමුන් කැසි ලෙඩ තිබෙනා
ගරා යකුන් යැද ගුණ වෙයි නැත්නම් පුළුටු යකුන් පුද ගුණ කරනා

ධනුවද මී මුසු කැවිලිද කාලා උණ ඉසරද බඩ ලෙඩ වන්නේ
පනික්කු යක්කුයි මහ දෙවි දෝෂයි දැනගෙන පාට පුදනුය සොඳිනේ
කුම්භය සුනුසාලේ බත් සමඟින් පළාද කාලා ලෙඩ වන්නේ
බඩ ලෙඩ ඉසරද පිත් අදිකේ ලෙඩ අබිමානය යැද ගුණ ගන්නේ

මීනය කුඩ මැස්සන් කාලා උණ ඉසරද ලෙඩ බව දැක ගන්නේ
කොහොඹා යක් දෝෂයවත් නියතය නැතහොත් පනික්කු යකු වන්නේ

(නිමිති විස්තරය)


අඟල් 2 ය 3 හෝ අඟල් 2 ය 5 තඹ තහඩුවක ඉහත සඳහන් කොටු 12 ක ප්‍රස්තාරයක් ඉරි නොකැපෙන සේ ඇඳ ගන්න. මැද කොටුවේ “ශ්‍රී ගණේෂාය නමඞ ඕං රාක්ෂ මහා මක්ෂ මහයං” යනුවෙන් පේ කොට ගත් පන්හඳකින් ඇඳ ගන්න. රාශි නම් මෙහි දැක්වූ ආකාරයට සටහන් කර ගන්න. 108 වර ඉහත දැහැනෙන් මලක් හෝ කරුංකා පුවක් ගෙඩියක් ලෙලි හැර පේ කර ගන්න. තුනුරුවන් දේවතාවන් නවග්‍රහයන් වඳින පුදන මනුෂ්‍ය දේවතාවකු හෝ මනුෂ්‍යයකු හා සමාන කෙනකු මෙකී නිමිති ශාස්ත්‍රයට අතිශයින් සුදුසු වෙයි. නිමා කළ පුවක් ගෙඩිය අවශ්‍ය අය ලවා කොටුවක් තුළ කාරණය සිතා තැබීම පළමුව කර දෙවනුව කොටුවේ අංකයට - රාශියට අදාළ රෝගාබාධක දැන ශාන්ති කරන්න.


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.