ජුනි 21 බදාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 21, 2023

 
ඉර උදාව - 05.56
ඉර බැසීම - 06.28


රාහු කාලය - දවල් 12.12 - 01.46 දක්වා


සුබ දිශාව - උතුර

මේෂ
උත්සහවන්තව කටයුතු සිදුකරන දිනයකි. ගෞරව සැලකිලි හිමිවන කටයුතු කීපයක් යෙදේ. පවුලේ අය සමඟ සතුටු සමාදානයෙන් ගත කිරීමට හැකිවන බවක් පෙන්නුම් කරයි. අලුත් ඇඳුම් පැලඳුම් හිමිකරන කාලයකි.

වෘෂභ
දුර බැහැර ගමනක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි ලාබ හිමිවන මාර්ග කීපයක් යෙදේ. පවුලේ භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි උත්සව අවස්ථාවකට සහභාගි වීමට සිදුවන දිනයකි.

මිථුන
සිතේ ඇතිවන නොසන්සුන්කමක් හේතුවෙන් කරගෙන යන කටයුතුවලට බාධාකාරී බවක් ඇති කරයි. එහෙත් ඇසුරු කරන්නන්ගෙන් සිතේ පී‍්‍රතියට කටයුතු සැලසේ. පවුලේ කෙනකුට උපකාරයක් කිරීමට කටයුතු යෙදෙන දිනයකි. අඹුසැමි විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇත.

කටක
තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට ඉඩ ඇති දිනයකි. නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පවුලේ බාල සහෝදරියක වෙනුවෙන් උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.

සිංහ
පවුලේ වගකීමක් තමා වෙත පැවරෙන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා වෙහෙසීම් වැඩිකරන බවක් පෙන්නුම් කරයි.

කන්‍යා
අමතර බැඳීම් ඇති කරන දිනයකි. හදිසි ලාභ ගෙන දෙන මාර්ග කීපයක් හිමිකරයි. මෙතෙක් සුව අතට හැරෙමින් පැවැති අසනීපයක් නැවත මතුකරන බවක් පෙන්නුම් කරයි. නිතර විවේකයෙන් ගත කළයුතු දිනයකි.

තුලා
මානසික අසහනය ඇතිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. නිතර රැකියාවේ කටයුතු පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. යෝජනා ස්ථිරවීමක් කල්දැමීමට සිදුවන දිනයකි. අමතර වාසි සැලසෙන කටයුතු කීපයක් යෙදේ.

වෘශ්චික
ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු දිනයකි. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසේ. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

ධනු
මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් සාර්ථක කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. එහෙත් සහෝදර සිත් අමනාපයක් දුරදිග යන බවක් පෙන්නුම් කරයි. වාහනයක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට ඉඩ සැලසේ.

මකර
අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. අමතර ලැබීම් අතින් යහපත් කාලයක් බව පෙන්නුම් කරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට හේතු ඇති කරයි. අවිවාහකයන්ට යහපත් කාලයකි.

කුම්භ
නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක් පෙන්නුම් කරයි. පවුලේ අය අතර, කැපී පෙනෙන දිනයකි. සමාජ සේවා කටයුතුවලින් නොසිතූ ප්‍රශංසා හිමිකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බලාපොරොත්තුවක් බිඳ වැටීමට ඉඩ ඇති බවක් පෙනේ.

මීන
අමතර වියදම් බහුල කරන දිනයකි. නිතර තම ශරීර සෞඛ්‍යය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. පවුලේ දියුණුව වෙනුවෙන් ගන්නා පියවර කීපයක් සාර්ථක වන කාලකයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.