ශිෂ්‍යත්වයට ජයමඟ පෙන්වන මහානුභාව සම්පන්න සෙත්කවියක්

අගෝස්තු 30, 2024

 

පතළ නැණ ගුණ මහරු තෙද බල පිරුණු ගණ දෙවි රදුන් සසොබන
නිමල විදු නැණ සතර අධිපති සරස්වති මෑණියන් කුලුණෙන
අපල බාධක දුරැර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ලබමින
විපුල සුබපල ලබාදීමෙන් ඉගෙනුමෙහි සරු බව සදනු මැන

පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දූ දරුවන් හට විභාගයට පෙනී සිටීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි. ජීවන කඩඉමකට මුහුණ දෙන ඔබේ කුඩා දරුවාගේ කායික, මානසික ශක්තිය වැඩිදියුණු කර ඔවුනට ශිෂ්‍යත්ව විභාගය සමත් වන්නට ඥාණාලෝකය ලැබ දෙන්නට මහත් සවියක් වන සෙත්කවි රත්නයක් මෙවර පළකරමු. ඔබ වෙනුවෙන් ම නැවුම් ලෙස පබඳින ලද මේ ප්‍රබල අගනා සෙත්කවිය ශිෂ්‍යත්ව විභාගයට යාමට පෙර කියවීමෙන් යහහපත් සුබපල අත් කර දෙනු ඇත. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

පළමුව බුදුන් වැඳ මල් පහන්, සුවඳ දුම් පූජා කර, කපුරු දල්වා, දුම් අල්ලා සරස්වතී දෙවියන් සහ ගණ දෙවියන් වෙනුවෙන් පුජා වට්ටිය බැගින් තබා, වතාවත් ඉටු කරන්න.

ඉන්පසු පහත සඳහන් දැහැන් දෙක හත්වර බැගින් කියවන්න.

“ඕ’ හී‍්‍රං අයිං ශ්‍රීං ගනේෂාය නමඞ”

“ඕං හී‍්‍රං අයිං ශ්‍රීං සරස්වතී භගවතාය නමඞ”

මෙකී දැහැන් කියවීමෙන් අනතුරුව පහත සඳහන් සෙත්කවිය හත්වරක් සජ්ඣායනා කරන්න.

මෙකී සෙත් කවිය ශිෂ්‍යත්ව විභාගයට යාමට පෙර සැප්තැම්බර් මස 4 වැනි බදාදා රාත්‍රී 08.05 ට දකුණ බලා කියවීම අරඹන්න. මෙසේ දින 7 ක් කියවීම සුබපල ගෙන දෙයි. මෙලෙස මුල්දින නියමිත වේලාවට කියවා ඉතිරි දින 6 තමාට කැමැති වේලාවක සජ්ඣායනා කළ හැකි ය. මෙලෙස සෙත්කවිය දින 7 ක් පුරා සජ්ඣායනා කිරීමෙන් දරුවාට සුබපල උදා වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.