වගා කටයුතුවලට සුබ නැකැත්

අගෝස්තු 16, 2024

 

ඉරිදා මුලින් ප්‍රයෝජන ගන්නා වූ ගස්වැල් ආදියද, සඳුදා, කඳින් ප්‍රයෝජන ගන්නා ගස් වැල් ආදියද අඟහරුවාදා හා සෙනසුරාදා කොළවලින් ප්‍රයෝජන ගන්නා ගස් වැල් ආදියද, බදාදා මලින් ප්‍රයෝජන ගන්නා ගස්වැල් ආදියද බ්‍රහස්පතින්දා හා සිකුරාදා ගෙඩි වලින් ප්‍රයෝජන ගන්නා ගස්වැල් ආදියද සිටුවීම යහපත් බව ඡ්‍යොතිෂයේ පැවසේ.

ඉරිදා හිරු සිටි ලග්නයෙන් ඇට ජාති වැපිරීමද, සඳුදා සඳු සිට ලග්නයෙන් දියෙහි හට ගන්නා ජාතිද, අඟහරුවාදා, කුජ සිටි ලග්නයෙන් අමු, මිනේරි, කුරක්කන් ආදියද, බදාදා බුධ සිටි ලග්නයෙන් පුවක් ආදියද, බ්‍රහස්පතින්දා ගුරු සිටි ලග්නයෙන් පලතුරු වර්ගද, සිකුරාදා සිකුරු සිටි ලග්නයෙන් මල්ගස් වර්ගද සිට වූ කල යහපත් සේ වැඩේ.

සෙනසුරාද දවල් කාලයේ උඳු, මුං, තල ආදිය ධාන්‍ය වර්ග වැපිරීමද ශුභයි. ඒ ඒ නැකත්වලින් සිටවියයුතු ගස්වැල් අස්විද නැකතින් පුවක්ද, බෙරණ නැකතින් බටු වර්ගද, බෙරණ නැකතින් එළවළු ගෙඩි හටගන්නා ගස්වර්ගද සිටුවීම ශුභයි. උක්ගස් සිටුවීම සඳහා පුනාවස නැකත ඉතා ශුභයි.

පුෂ නැකතින් මල් වර්ගද, හත නැකත ගොයම් පැළ සිටුවීමටද ඉතා යහපත් වේ. සිත නැකත ඇල්වී වැපිරීමට ඉතා ශුභයි. රේවතී නැකතද එසේම වන අතර අල ජාති සිටුවීමේ දී මිථුන, කන්‍යා, ධනු මීන යන ලග්නවලින් යෙදීම ඉතා යහපත් වේ.

බුලත් සිටුවීමට

සිත, මුල, අනුර, හත යන නැකත් පුර චන්ද්‍රයා සමඟ යෙදුණ විට බුලත් සිටුවීමට ඉතා යහපති.

සඳුදා මුල නැකත, ධනු ලග්නයෙන්ද බ්‍රහස්පතින්දා රේවතී නැකතින් ලොකුවට වැඩෙන ගස්වර්ග සිටුවීම ශුභයි.

පොල් සිටුවීමට

අද, පුනාවස, මා, උත්‍රපල්, හත, සා, අනුර, උත්‍රසල, දෙනට, රේවතී යන නැකැත් බුධ ගුරු දිනක වෘෂභ කුම්භ රාශියකින් පොල් සිටවූ විට තුන් වර්ෂයකින් ගස් පූදිනු ඇත.

අව දසවක හා අනුර නැකතද අව තියවක හා දෙනට නැකතද අව දොළොස්වක හා රේවතී නැකතද සිකුරාදා දිනයකට පැමිණියහොත් සිකුරු හෝරාවෙන්, සිකුරු නවයේ තබා කුම්භ ලග්නයෙන් (සිකුරු තුලා රාශියේ සිටින කාලවලදී) පොල් සිටුවුවහොත් තුන් වර්ෂයකින් දකුණු දිශාවෙන් පීදී සෑම වල්ලකම ගෙඩි 09 බැගින් සෑදේ.

සිත නැකතේ තුන්වැනි පාදයෙන් සිකුරාදා දින සිකුරු හෝරාවෙන් කුම්භ ලග්නයෙන් අට වැන්න ශුද්ධ දිනයක පොල් පැළ සිටුවහොත් වර්ෂ තුනකින් පූදී. (අට වැන්නේ ග්‍රහයන් නොසිටිය යුතුය)

ගුරු බුධ සඳු යන දිනක එම හෝරාවකින් අනුර, හත, සිත, විසා, මුල යන නැකතින් කටක, සිංහ, තුලා, ධනු යන ලග්නයකින් තැඹිලි, නවසි, පොල් ආදිය සිටුවීම යහපත් වේ.

අගෝස්තු 16 වැනි සිකුරාදා පෙ.ව. 08.55 සිට 09.10 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

අගෝස්තු 29 බ්‍රහස්පතින්දා පෙ.ව. 06.14 සිට පෙ.ව. 06.32 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

අගෝස්තු 30 සිකුරාදා පෙ.ව. 09.05 සිට 09.20 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

 

අඹ දෙහි දොඩම් ආදිය සිටුවීමට

පුනාවස නැකත සඳු දින සඳු හෝරාව පැවති කල හෝ පුනාවස නැකත් හතරවෙනි පාදයේ සඳු හෝරාව පැවති කල හෝ පලතුරු වර්ග සිටවූ කල බොහෝ රසවත් වේ. හත නැකතේ තුන්වෙනි පාදයේ සඳු හෝරාවෙන් සිටවූ කලද පලතුරු වර්ග ඉතා රසවත් වේ. පුර සතවක පුනාවස නැකත බ්‍රහස්පතින්දා දින කුමන ලග්නයකින් හෝ අඟහරු අටේ බුද සිකුරු හෝරා අධිපතියා එකොළහේ සිටීමත් එම වේලාවට අඹ සිටුවහොත් බොහෝ පල දරයි.

කෙසෙල් සිටුවීමට

ඉරිදා ඉරු හෝරාවෙන් හත්වැනි තිථියත් හත නැකතත් පැමිණි කල සිටවූ කෙසෙල් ගසේ ඇවරි පහළවක කැනක් සෑදේ.

අප්‍රේල් මස පුර එකොළොස්වක දා මා නැකත යෙදී බුධ කන්‍යාවේ සිටියදී ගුරු හා සිකුරු තුන්වැන්නේ තබා සඳු හෝරාවෙන් සිටවූ කෙසෙල් ගසෙහි ඇවරි බොහෝ සංඛ්‍යාවක් සෑදෙනු ඇත.

වෙසක් මස පුර දියවක තිථිය හා අනුර නැකත ද බුධ සිකුරු හත්වැන්නේ ද තබාගෙන බුධ හෝරාවෙන් සිටවූ කෙසෙල් ගසේද ඇවරි සංඛ්‍යාව වැඩිවෙනු ඇත.

අල වර්ග සිටුවීමට

ඉරිදා සහ අඟහරුවාදා දිනයන්හි අස්විද මා, මුල නැකතුත් ඉර බැස යන වේලාවත් අල සිටුවීමට සුබයි.

ගුරුදින අස්විද නැකතකින් ධනු ලග්නයෙන් ශනි හෝරාවෙන් සිටවූ අල වර්ග ඉතා විශාල වේ.

පොකුරු යෝග සෑදෙන කල ඉරු දින ඉර අවරට ගිය හෝරාවේද මුල නැකතේ තුන්වෙනි පාදයෙන්ද ධනු ලග්නයේ හරිමැද අංශකයෙන්ද ගෙන සිටවූ අල එකට තුන බැගින් ඵලදාව වැඩි කරයි. ඒ අනුව

අගෝස්තු 20වැනි අඟහරුවාදා පෙ.ව. 11.45 සිට ප.ව. 12.04 දක්වා නැඟෙනහිර දිශාව බලා ශුභයි.

අගෝස්තු මස 27 වැනි අඟහරුවාදා පෙ.ව. 11.47 සිට පෙ.ව. 11.58 දක්වා නැඟෙනහිර දිශාව බලා ශුභයි.

අගෝස්තු 25 ඉරිදා

පෙ.ව. 06.04 සිට 06.16 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

 

වෙනත් ගොවිතැන් කටයුතු සඳහා

අගෝස්තු 24 සෙනසුරාදා පෙ.ව. 11.48 සිට 12.02 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

අගෝස්තු 31 සෙනසුරාදා පෙ.ව. 11.16 සිට 11.58 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

 

ගෙඩි ඇට ලබා ගන්නා එළවළු පලතුරු වර්ග සිටුවීමට

අගෝස්තු 18 ඉරිදා පෙ.ව. 06.15 - 06.28 දක්වා උතුරු දිශාව බලා මල් වර්ග රෝපණයට සුබයි.

අගෝස්තු මස 21 වැනි බදාදා පෙ.ව. 06.14 සිට 06.30 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

අගෝස්තු 20 අඟහරුවාදා පෙ.ව. 11.46 සිට ප.ව. 12.04 දක්වා නැඟෙනහිර බලා ශුභයි.

අගෝස්තු 25 ඉරිදා පෙ.ව. 06.40 සිට 06.56 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

අගෝස්තු 29 බ්‍රහස්පතින්දා පෙ.ව. 06.14 සිට පෙ.ව. 06.30 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

උක්පැළ රෝපණයට

අගෝස්තු 16 සිකුරාදා පෙ.ව. 9.00 සිට 09.12 දක්වා උතුරු දිශාව බලා ශුභයි.

අගෝස්තු 19 සඳුදා පෙ.ව. 06.50 සිට 07.10 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

අගෝස්තු 30 සිකුරාදා පෙ.ව. 06.40 සිට 06.55 උතුරු දිශාව බලා සුබයි.

කව්පි, මුං වැපිරීමට

අගෝස්තු 17 සෙනසුරාදා ප.ව. 01.50 සිට ප.ව. 02.05 දක්වා දකුණු දිශාව බලාශුභයි.

අගෝස්තු 24 වැනි සෙනසුරාදා පෙ.ව. 06.40 සිට 06.55 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

අගෝස්තු 27 අඟහරුවාදා පෙ.ව. 06.28 සිට පෙ.ව. 06.40 දක්වා නැඟෙනහිර බලා සුබයි.

දුම් පැළ සිටුවීමට (දුම්කොළ)

අගෝස්තු 31 සෙනසුරාදා පෙ.ව. 06.38 සිට 06.55 දක්වා දකුණු දිශාව බලා ශුභයි.

එළවළු සිටුවීමට

අගෝස්තු මස 21 බදාදා පෙ.ව. 06.14 සිට 6.30 දක්වා උතුර බලා ශුභයි.

පැළ සිටුවීමට

අගෝස්තු මස 20 අඟහරුවාදා පෙ.ව. 11.46 සිට ප.ව. 12.04 දක්වා නැඟෙනහිර බලා ශුභයි.

අගෝස්තු මස 18 ඉරිදා පෙ.ව. 06.15 - 06.28 දක්වා උතුරු දිශාව බලා මල්වර්ග සහිත එළවළු පැළ රෝපණයට ශුභයි.

 

පණු රෝග සෑදෙන කාල

අගෝස්තු මස 21 වැනි බදාදා ප.ව. 07.14 (19.14) සිට 23 සිකුරාදා රාත්‍රී 08 දක්වා කාලය තුළදී ඇට තවාන් දැමීම, පැළ සිටුවීම ආදිය කළහොත් පණු රෝග නිසා වගා විනාශ වන බැවින් ඒ දිනවල පැළ සිටුවීමෙන් ඇට තවාන් කිරීමෙන් වැළකී සිටිය යුතු වනු ඇත.

 

රික්තා දෝෂ

අගෝස්තු මස 13 වැනි කුජ දින පෙ.ව. 09.31 සිට අගෝස්තු මස 14 වැනි බුධ දින පෙ.ව. 10.24 දක්වා නිකිණි පුර නවවක රික්තා දෝෂය පවතියි. 10.24ට පෙර ශුභ වැඩ කිරීම යහපත් නොවේ. 10.24ට පසු යහපත් වේ. අගෝස්තු 14 බුධ දින පෙ.ව. 10.24 සිට ප.ව. 12.12 දක්වා ශුභයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.