ලග්න 4කට සසයෝග බලය

කුම්භ රාශියේ බුධ සිකුරු යුද්ධයෙන්
ජූලි 28, 2023

මේෂ-වෘෂභ-සිංහ-තුලා-වෘශ්චික-ධනු රාශි හිමියන්ට සත්කලත්‍ර යෝග බලය

වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ රාශි හිමියන්ගේ ආයුෂ, ධනය, පිරිස් බලය වැඩේ

මිථුන-කටක-කන්‍යා-මකර-මීන රාශි හිමියන්ට මධ්‍යම පල

 

ඇසළ මසේ පුර දසවක තිථිය ලත් ජූලි 27 වෙනි ගුරු දින රාත්‍රී 08.47ට බෙරණ, පුවපල්, පුවසල නක්ෂත්‍ර තාරකා අධිපති සිකුරු හෙවත් ඉරබටු තරුව අස්ලිස දෙට රේවතී නක්ෂත්‍ර තාරකා අධිපති බුධ ග්‍රහයා සෙනසුරු හිමි කුම්භ උදා රාශියෙහි ග්‍රහ යුද්ධයක් ඇරැඹීය.

රාහු කේතු, රවි සඳු හැර කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි යන ග්‍රහයන් අතරින් දෙදෙනකු එකම රාශියෙහි එකම නැකතෙහි එකම වේලාවක ගමන් කරළීම ග්‍රහ යුද්ධයක් ලෙස සළකනු ලැබෙයි. තුලා, මකර, කුම්භ යන කේන්ද්‍රස්ථාන තුනෙහිදී පංච මහා පුරුෂ යෝගය අතරින් සස නමැති යෝග බලය ලැබෙයි. මෙහිදී ශනි හෙවත් සෙනසුරු ප්‍රබලවෙයි. සෙනසුරු තුලා රාහියෙහිදී කුම්භ රාශියෙහි දී ස්වක්ෂේත්‍ර මෙන්ම මුල ත්‍රිකෝණ නම් වූ අධිබලය ලබයි. මෙම ක්‍රමයට සාපේක්ෂව තුලාව කේන්ද්‍රස්ථානයක් වී ශනි උච්ච වූ කල්හි ‘සේනක’ නැමැති යෝගය උදා වී ශුභඵල ප්‍රබලව ලබාදෙනු ඇත. මේ යෝගය ඇත්තන් ඝෘජුව කතාබහ කරන්නේය. දානපතින්ය. උසස් මිතුරු මිතුරියන් ඇසුරු කරයි. දිගාසිරි ලබයි. දේශපාලනයෙන් ඉදිරියටම ගමන් කරයි. මකරය කේන්ද්‍රස්ථානයක් වී ශනි ස්වක්ෂේත්‍ර වූ විට ශ්‍රී කාන්තා යෝගය උදා වී ජන බලය ගලා එයි. සමාජගත උසස් ආධිපත්‍යයක් උරුමකරගනු ලබයි. ධනය, බලය, සැප සම්පත්, භූමි ලාභ ළඟා වෙයි. කුම්භය කේන්ද්‍රස්ථානයක් වී ශනි ස්වක්ෂේත්‍ර සහ ත්‍රිකෝණබලයද ලැබූ විට ජය යෝගය උදාවෙයි. රජයෙන් ගරු නම්බුනාම ප්‍රසාද ලැබෙයි. ධන ලාභය ගේ දොර ඉඩකඩම්ලාභ ගෙන දෙයි. තිරසාර හැඟීම් ඇත. වසංගත රෝග බෝවීමේ ප්‍රවණතාවය ඉතාම අඩුවෙයි.

තුලා, මකර, කුම්භ, සිංහ රාශි සතරට සස යෝගය මෙවර ග්‍රහ යුද්ධයේ දී ලැබී ඇත. ආයුබල, පිරිස්බල, ධන බල සස යෝග බලය ආශි‍්‍රතව ළඟා වෙන්නෙකි. මේ අනුව තුලා, මකර, කුම්භ රාශි වලින් උපන් අයයි. ආත්ම ගෞරවය අභිමානය ඉහළින්ම ලැබෙයි. ස්වකීය ජීවිත හරහා හඹා එනු පෙනෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආකාශ පංචමහා භූත සංකලනය මත චණ්ඩ, කුණාටු, දියවැල්, ජල ගැලීම්, පිපිරීම්, ගිනිගැනීම්, ගිනි තැබීම්, මිනිස් ඝාතන බහුලව ක්‍රියාකාරි විය හැකිය. ගොම මැටි පාවෙන තිරිවාන ගල් යට යන සමයකි. චන්ද්‍ර පුත්‍ර බුධ සමඟ ඇසුරු කෙරෙන ගුරු සිකුරුත් අතර යුද්ධය මිනිසුන් කෙරෙහි සතුට ගිළිහී යනු ඇත. හිත මිතුරු පිරිස් පසමිතුරු පිරිස් බවට පරිවර්තනය වනු ඇත. ජුලි 23 පෙරවරු 07.04 සිට සැප්තැම්බර් 04 නිවෘතිය දක්වා සිකුරු ග්‍රහයා වක්‍රව පවතින අතර උදා කුම්භ රාශිගතව 22 වෙනි මාරක දෙර්කාණාධිපති සෙනසුරුද සිකුරු ග්‍රහයා බාධක ග්‍රහයා ලෙසට ද 05.08 අධිපති බුධ ග්‍රහයා ශනිගෙන් පීඩිත වූ මන්දගාමී බවට පාත්‍රව තැම්පත්ව ඇත. දෙස් විදෙස් හැල හැප්පිලි අර්බුද කැරළි කෝලාහල, කැපුම් කෙටුම්, මංකොල්ල කෑම්, පෙළ ගැසෙයි. මේෂ, වෘෂභ, සිංහ, තුලා, වෘශ්චික, ධනු රාශි හිමිවන අතර සුබදායි කාලයක් උදා වේ. මිථුන, කටක, කන්‍යා, මකර, මීන හිමියන්ට මධ්‍යම පල ලැබෙන සමයකි.

ශ්‍රී ලාංකේය ජනරජ සිංහ රාශි සටහනටද විශ්ව මේෂ රාශි සටහනටද ගැටුම්කාරීබවකට මෙකී සිකුරු වක්‍රය මෙන්ම සිකුරු බුධ සටහනෙන් සිකුරු පරාජිතබව බොහෝ දුරට බලපානු ඇත. රෙදිපිළි, විසිතුරු භාණ්ඩ, රස කාමය ආශි‍්‍රතව සිත ඇදී යන අතර මනසේ පාලන රටාව මන්දගාමීවීම කෙරෙහි සෞරග්‍රහ මණ්ඩලයෙහි සිදුවන වක්‍ර ග්‍රහ ගමන්මග බොහෝ දුරට බලපානු ඇත. දැනුම අවබෝධය ද මොට නොවන ආකල්ප මනුෂ්‍යයා අතරෙන් බොහෝ දුරස්ථ කෙරේ. දික්කසාද නඩු, පවුල් ආරවුල්, ලජ්ජා බිය අඩුවීම දුර්වලතා ලෙස විද්‍යාමාන වෙන්නේ ය. දෙස් විදෙස් සමස්ත පුරවැසි ජනතාව ඉවසීමෙන් ක්‍රියාත්මක වීම යහපත් වෙයි.

 

 

මේෂ රාශිය

සබඳතා විවාහ මංගල කටයුතු ආශි‍්‍රත ප්‍රමාද දෝෂ යටපත් කෙරෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක බවකට පත් වෙයි. හදිසි නිර්නාමික නාමික සතුරු අනතුරු, මාරක විපත්ති ඇතිවිය හැකිය. මේෂ රාශි හිමියනගේ ශාරීරික සෞඛ්‍යයට මෙන්ම චරිතය කෙරෙහි ද සිකුරු, බුධ ග්‍රහ යුද්ධය ප්‍රබලව බලපානු ඇත.

 

වෘෂභ රාශිය

රැකියා ආදායම් මාර්ග මෙන්ම පවුල් ජීවිතය ආදර සබඳතා ආශි‍්‍රතව දැවෙන අර්බුද ගැටලු මතුවිය හැකිය. මානුෂික සිතිවිලි අනුව කටයුතු කිරීම ශුභවාදිවෙයි. සතුරු කුමන්ත්‍රණ පදිංචිය රැකියා ආයතන ආශි‍්‍රතව ක්‍රියාත්මක වෙයි. ඉපැරැණි උරුම හිමිකම් ආශි‍්‍රතව ගැටුම්කාරී බවක් ඉස්මතුවිය හැකිය. හදිසි ධන ලාභ නවතී. හිත මිතුරුකම් වැඩිදියුණු වේ. තනතුරු උසස්වීම්, ආදායම් මාර්ග වැඩිවීම ද සිදුවෙයි.

 

මිථුන රාශිය

දෙස් විදෙස් රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රත බාධක අවහිරතා මඟ හැරී යයි. යටපත්ව තිබූ රෝගාබාධ මෙන්ම සතුරු උපද්‍රව වරින්වර මතු කෙරෙයි. ආරම්භ කළ කටයුතු නැවතත් ආරම්භ කෙරෙයි. පදිංචියෙහ් මෙන්ම ජීවන ගමන් මඟෙහි නවතාවයක් ඇතිකරන හිතවාදී පිරිස් ඇසුරට ලැබෙන කාලයකි.

 

කටක රාශිය

ආදායම් මාර්ගයන් හි විෂමතා මතු කෙරෙයි. හදිසි තීරණ තීන්දු ඉවත දමා බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත් වෙයි. ඉක්මන් තීරණ තීන්දු මෙන්ම අවදානම් අවස්ථා හා කටයුතු තුළින් ඉවත්වීම සතුට සැනසුම සඳහා ඉවහල්වෙයි. ඉදිරි කාලයෙහි රෝගාබාධ මෙන්ම සතුරු බලවේග මතුකරයි. අනිසි වියදම්වලින් වළකින්න.

 

සිංහ රාශිය

සිංහ රාශි හිමියනට බුධ, සිකුරු ගැටුමෙන් බුධ විජයග්‍රාහී ග්‍රහයා වී අඟහරු සමඟ ලග්න ගත වීමද ශනි 7 වැන්නේ දී සස යෝග බලය උදාවීම ද යහපත් දියුණුවකට මාර්ගය සැලසෙන්නකි. අන්‍යයන්ගේ ආධාර උපකාර අනුග්‍රහය ලැබීමට හේතුවේ. අමතර ආදායම් මාර්ග සාර්ථක වේ. සහකාරියට, මවට හෝ මවුපස ඥාති වර්ගයාට අසුබ ගෙනදීමට හේතුවෙයි. පදිංචියෙහි ගැටුම්කාරී බවක්ද මතු කෙරෙයි. අභිමතාර්ථයන් සපල කර ගැනීමේ දී දැඩි වෙහෙසකර බවක් ද ගෙනදෙනු ලබයි.

 

කන්‍යා රාශිය

උසස් අධ්‍යාපනික කටයුතු තුරඟ තරග විජය ග්‍රහණ, සතුටුදායක බවක් ගනු ලබයි. භාග්‍යමත් දරු දැරියන් උත්පත්තිය ලබයි. රැකී රක්ෂා ආදායම් මාර්ග, උසස්වීම් ලැබීම් කෙරෙහි වාසනාව ගෙනදෙයි. උත්සාහ, උනන්දුව අඩාල වී යා හැකි බැවින්, වාද විවාද, අඬ දබරවලට සම්බන්ධ නොවීම යහපත් වෙයි. සතුරු බලවේග, රෝගාබාධ දුරුවෙයි. පවුලේ සතුට සාමය මතු කෙරෙයි. පදිංචි ස්ථානයෙහි දියුණුව ලබයි. හදිසි උත්සව, මංගල අවස්ථා උදාවිය හැකිය.

 

තුලා රාශිය

හිස, පපුව, යටිබඩ, වකුගඩු පාද ආශි‍්‍රත රෝගාබාධ සෙම් කෝප, දෝෂ මතුවිය හැකිය. කුමන්ත්‍රණකාරී සතුරු බලවේග පදිංචිය කෙරෙහි බලපායි. සතුටුදායක බවක් ගෙනදීමට තිබූ පසුබිමක් කඩා හැලෙයි. හදිසි තීරණ තීන්දුවලින් දුරස්තවීම යහපත පිණිස වෙයි. සිකුරු මහදශා, අතුරු දශා ගෙවන ජන්මීන්ට සිත් වේදනා ගෙනදෙන බවක් පෙනී යයි. හදිසි ධන ලාභ විදෙස්ගත ඥාති හිතෛෂී ආධාර ගලාඑන සුබවාදී කාල පරාසයකි.

 

වෘශ්චික රාශිය

පදිංචි ස්ථානගතව වැඩිදියුණුව උදාකෙරෙයි. අරමුණු රැසක් ඉටුවන කාලයකි. හදිසි තීරණ තීන්දු තුළින් වැළැකී සිටීම ශුභවාදී වෙයි. රජයේ ආධාර උපකාර ලැබෙයි. අමතර ආදායම් මාර්ග හිමිකරයි. රාජ්‍ය හෝ පෞද්ගලික අංශයෙහි රැකියා මාර්ග ලැබීමෙහි භාග්‍යය උදාවෙයි. යාන වාහන ලාභ මෙන්ම ලිපි ලේඛණ ආශි‍්‍රතව සතුටුදායක බවක්ද නිර්මාණය විය හැකි ය.

 

ධනු රාශිය

ආදායම අනුව වියදම් අංශය කෙරෙහි සිත යොමු නොකිරීමෙන් අවහිර බාධක ගෙනදිය හැකිය. උරුම අයිතිවාසිකම් ආශි‍්‍රත වියදම් දැරීමට සිදුවෙයි. නිර්මාණශීලී කටයුතු මෙන්ම නව තාක්ෂණික මෙවලම් කට්ටල සඳහා ධනය, කාලය වැය කෙරෙයි. උත්සාහය, උනන්දුව වඩාත්ම ශක්තිමත් වෙයි. වාසනාව ළඟා කරගත යුතු භාග්‍යමත් කාල පරාසයකි. අනාරක්ෂිත කටයුතුවලින් දුරස්ථ විය යුතු වෙයි.

 

මකර රාශිය

හිස උරහිස්, පපුව, යටි බඩ, කොන්ද, තුනටිය, දණහිසේ පාද ආශි‍්‍රතව ආබාධ මතුවිය හැකියි. ශාරීරික සෞඛ්‍යය ආරක්ෂාව ද මූල්‍යමය ක්‍රියාකාරකම් ආශි‍්‍රතව ද දැඩි පීඩාකාරී ක්‍රියාකාරීකම් ආශි‍්‍රතවද දූර දර්ශීව බුද්ධිමත්ව ක්‍රියා කරලීම යහපත්ය. අතරමඟ නතර වූ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට උත්සහය ඉතාම යහපත් වෙයි.

 

කුම්භ රාශිය

සස යෝග බලය ඇතුළුව උත්සහය උනන්දුව ඵලදායී ලෙස ක්‍රියාත්මක කරළීම භාග්‍යය, වාසනාව ඉස්මතුවී යාමෙහි ප්‍රවණතාවයකට පාත්‍රවෙයි. යුග කාලීන උසස් දියුණුවක් කුම්භ රාශි ජම්ම ලාභිට උදා කෙරෙයි. කුම්භ රාශි හිමියන්ගේ 07 වැන්නෙහි බුධ සිකුරු යුද්ධය සිදුවීම වූ කල පවුල් ජීවිතය යුග දිවි ආශි‍්‍රත වර්තමාන පසුබිම ආදී කරුණු කෙරෙහි හදිසි තීරණ, තීන්දු නොගත යුතුවෙයි. රැකියා ආදායම් මාර්ග කටයුතුවල සතුටුදායකයි.

 

මීන රාශිය

නිර්මාණශීලී වැඩකටයුතු තුළින් ජීවන ගමන් මඟෙහි නවතාවයක් ඇති වෙයි. උත්සහය උනන්දුව තරමට ම ජීවිතය ජය ගත හැකි කාලයක් ගුරු හිමි මීන රාශි හිමියනට ලබා ඇත. පදිංචිය, ඉඩකඩම්, පවුලේ ස්වභාවය උසස් තත්ත්වයකට පාත්‍රවෙයි. හදිසි තීරණ ඉක්මන් කෝපය අසුබදායක විය හැකිය. රැකියා ආදායම් මාර්ග වැඩි දියුණුවෙයි. කීර්තිය, ප්‍රශංසාව, ධනය, බලය දිනෙන් දින දියුණුව කරා ගමන් කෙරෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.