සිංහ ලග්න හිමි ඔබගේ ගතිගුණ

සැප්තැම්බර් 23, 2022

සිංහ ලග්න හිමියන් හොඳ නායකත්වය දරන චරිතයකි. ත්‍යාගශීලි මෙන්ම කරුණාවන්තයි. විශ්වාසවන්තයි. තමා ගන්නා ලද තීරණ නිවැරැදිව ක්‍රියා කරයි. නොනැමෙන ඍජු ගතියක් ඇත. විශ්වාසවන්තයි. ඉතාම යහපත් අදහස් ක්‍රියාත්මක කරන දක්ෂ පාලකයින්ය. නිවැරැදිම තීන්දු තීරණ ගනී. සියලු දෙනා සමඟ මිත්‍රශීලිව කරදරයකින් තොරව ඇසුරු කරයි. අවංක බවේ ප්‍රතිමූර්තියකි. පහන් ටැඹක් සේ සිය බලපරාක්‍රමය දසත විහිදුවයි. සිංහ ගමන, සිංහ හඬ සිංහාවලෝකනය සිංහ සෙය්‍යාව යන ඉරියව් සිංහයා තුළ පවතී. ඒවා හරිහැටි අනුගමනය කරන සුලුය. සිංහ චරිතය සිංහ ලග්න හිමියන්ට ආරෝපණය වී තිබේ.

බඩගිනි ඉසිලීමට සුවිශේෂි දක්ෂකමක් උපතින්ම පිහිටා තිබේ. මහා වේගවත් ජන පාලකයෝ සිංහ ලග්න හිමියන් ය. නියම නායකත්වයක් දෙන අතර දුර්වලකමකට ඇත්තේ තමා ගත් කිසිම තීන්දුවක් වෙනස් නොකිරීමට ඇති කැමැත්තටම ඉඩ දීමයි. තම තීරණයට කිසිවෙක් විරුද්ධත්වයක් පාන්නේනම් තම අභීත තීරණය ඍජුව ගන්නා අතර වේගවත් ප්‍රකාශ නිකුත් කරයි.

ජීවිතයේ වයස 24 දී ආරම්භ කොට 47 දී අවසන් කරයි. එය නිවැරැදිව ක්‍රියා කරයි. නීතිය, සෞඛ්‍යය, කළමනාකරණය, මානව සම්පත්, තර්ක විද්‍යාව වැනි අංශවලට ඉතාම දක්ෂයි.

කෙබඳු විෂයකට අත ගැසුවත් එහි හිණිපෙත්තටම ළඟාවීමට යත්නදරයි. දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමට යාම නිසා සේවක පක්ෂය එතරම් සතුටක් සිංහ ලග්නකරුවන් වෙත පළ නොකරයි. ඔබ කදිම පෙම්වතෙකි පෙම්වතියකි. ආදරය, ආලය, ප්‍රේමය වැනි සෞන්දර්යාත්මක පැතිකඩක් හොබවන අවස්ථාවලදී ඔබ ඉතාම ඝෘජුව තීරණ ගනී. මිථුන සහ කටක ලග්න අය වඩාත් ගැළපේ. මිථුන, කුම්භ, ධනු ලග්න හිමියන් සමඟ සහයෝගයෙන් වැඩ කළ හැකි ය. සිංහ ලග්න හිමි පුරුෂයින්ට වඩා ස්ත්‍රී පක්ෂය තම ආධිපත්‍යය රැක ගැනීමට යත්න දරයි. ආලය, ආදරය, ‘ප්‍රේම කරන්නේද ඒ අයුරිනි.

ජ්‍යෝතිෂවේදී හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.