මාලවී රාජ යෝගය ගෙනෙන සිකුරු ග්‍රහයා

සැප්තැම්බර් 6, 2024

 

කිවි, ගුරු පුත්‍ර, අසුර ගුරු, ශුක්‍ර, මාලවී යනා දී නම්වලින් සිකුරු ග්‍රහයා හඳුන්වයි. සිකුරු ග්‍රහයාට අයත් සිකුරාදා දින අධිපති වන්නේ ශුක්‍රය. දින අධිපති දේවතාවා වන්නේ ඉන්ද්‍රය.

සිකුරු ග්‍රහයාට හිමි නැකැත් තුනකි. එනම්, බෙරණ, පුවපල්, පුවසලය. බෙරණ නැකතට හිමි සංස්කෘත නාමය වන්නේ බරණීය. නැකැත් අධිපති දේවතාවා වන්නේ යමය ය. පුවපල් නැකැතට හිමි සංස්කෘතික නාමය පුර්වපාල් ගුණය. නැකැත් අධිපති දේවතාව භාර්ගවී ය. පුවසල නැකැතට හිමි සංස්කෘත නාමය වන්නේ පූර්ව ශාධා ය. නැකැත් හිමි දේවතාවා වන්නේ, ජල ය.

සිකුරුට හිමි මහ දසාව වසර 20කි. නැකැත් තුනම මනුෂ්‍ය ගණයට අයත් වේ. බෙරණ නැකැත පුරුෂ ලිංග වන අතර අනෙක් නැකැත් දෙක ස්ත්‍රී ලිංග වේ. කිවිට මිත්‍ර රාශි වන්නේ, බුධ, ශනි, රාහු, කේතු වේ. සතුරු රාශි වන්නේ රවි, චන්ද්‍ර සහ ගුරු ය. සම රාශිය වන්නේ කුජ ය. ස්වක්ෂේත්‍ර රාශිය වෘෂභය වේ.

මුල ත්‍රිකෝණ රාශිය තුලාව වේ. උච්ච රාශිය මීනය වේ. නීච රාශිය කන්‍යාවයි. ග්‍රහ දෘෂ්ටි අනුව සිකුරුට 7, 5, 9 රාශි දෘෂ්ටියට ලක්වේ. සිකුරුගෙන් නියෝජනය වන්නේ අඹු දරුවන්, සැප සම්පත් ධන ධාන්‍ය, කාමය, ප්‍රේමය වේ. දිග්බල රාශිය වන්නේ 4 වැන්න වේ.

මේෂ

සිකුරු දෙවැන්නට සහ හත්වැන්නට අධිපති වේ. දෙවැන්නෙන් ධනය පිළිබඳ නියෝජනය වේ. මව්පිය උරුම අයත් වේ. ධනය උපදින මාර්ග වේ. හත අධිපතිකම නිසා හවුල් ව්‍යාපාර, විදේශීය සම්බන්ධතා ඇති වේ. ලාභ අපේක්ෂාවෙන් සිදුකරන කටයුතු සාර්ථක වේ. හත්වැන්නාධිපතියා වන සිකුරු 6 සහ 8 රාශිවල සිටී නම් පුරුෂ මර යෝගයක් යෙදේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මෙය පොදුය. සිකුරු බලවත් වීමෙන් යහපත් විවාහයකට මඟ පෑදේ.

වෘෂභ

ලග්නාධිපති සහ 6 වැන්නාධිපති සිකුරු වේ. ලග්නාධිපති සිකුරු සමඟ ගුරු ග්‍රහයාගේ ඇති වෛරය පාරම්පරික වෛරයකි. නමුත් සිකුරු බලවත්ව සිටියි නම් 6 වැන්නාධිපතිකම නිසා සිකුරු 6 වැන්නේ බලවත් වීමෙන් මව්පස ඥාතීන්ට සුබය. මාමලාගෙන් උදව් උපකාර ලැබේ. හය වැන්නාධිපතිකම නිසා සිකුරු දුර්වල වී සිටියහොත් රෝග පීඩා දිය ඇතිවිය හැකිය.

මිථුන

12 වැන්න සහ 5 වැන්නාධිපති වේ. 12 වැන්න වැයස්ථානයයි. 5 වැන්න විද්‍යා ස්ථානයයි. බලවත් වූ කල උසස් අධ්‍යාපනය ලැබීම, ඉහළ පෙළේ රැකියාවලට පත්වීම, තරග විභාග ආදී ජය ලැබීම ඇති කරයි. සිකුරු භාග්‍යස්ථානයේ සිටී නම් දේශීය සම්පත් ලැබීමට යහපත් වේ.

කටක

එකොළොස්වැන්න සහ 4 වැන්න අධිපතියා වේ. හතර වැන්න බලවත් වූ කල ඉඩකඩම්, දේපළ, යාන වාහන ආදිය ලැබීමට හැකිවේ. ආදායම් මාර්ග සරුවේ. බන්ධු මිත්‍රාදීන්ගෙන් ලාභ හිමි වේ.

සිංහ

සිංහ ලග්නයට තුන්වැන්න හා දසවැන්න අධිපතියා සිකුරු වේ. තුන් වැන්න සහෝදර ස්ථානය වේ. දහ වැන්න කර්ම ස්ථානය වේ. දස වැන්නේ ග්‍රහ බලය අනුව සිකුරු එහි තැන්පත් සිටියහොත් මාලවී නැමැති රාජ යෝගය උදාවේ. රැකී රක්ෂා කටයුතු දියුණුව, තරග විභාග ජය සිකුරුගේ ප්‍රබලත්වය අනුව සිදුවේ. තුන්වැන්න වික්‍රමස්ථානය බැවින් සුබපල ලබාදීමේ දී සහෝදර පක්ෂයට බලයක් ලැබේ.

කන්‍යා

දෙවැන්න සහ නව වැන්නාධිපතියා සිකුරු වේ. කන්‍යා ලග්නයට බාධක ග්‍රහයා ගුරු වේ. නමුත් සිකුරු බලවත්ව සිටීමෙන් විශේෂ ධන යෝගයක් උදා වේ. මව්පිය ඥාතීන්ගේ උරුම හිමිකම් ලැබේ. 9 වැන්න භාග්‍යස්ථානය බැවින් අපේක්ෂා ඉටුවීමට මඟ පාදයි. විදේශීය සම්පත් ලබා දෙයි.

තුලා

තුලා රාශියේ සිකුරු ලග්නාධිපති වේ. තුලා රාශියේ සිටී නම් මාලවී නැමැති රාජ යෝගය උදා වේ. තුලා, මකර, මේෂ, කටක ලග්න හිමියන්ට මේ රාජ යෝගය උදාවෙයි. සිකුරු තුලාවේ සිටින කාලය තුළ ජන්ම ලාභය ලබන්නට මේ යෝගය උදා වේ. ශරීරය පැහැපත් වේ.

වෘශ්චික

12 වැන්න සහ 7 වැන්න අධිපතියා වේ. 12 වැන්නේ අධිපතියා වීම හා 12 වැන්නේ සිටීමෙන් විපරීත රාජ යෝගයක් උදා වේ. වෘශ්චික රාශියේ අධිපති කුජ සමඟ ශුක්‍ර සම ග්‍රහයන් වීම වාසනාව ගෙනදීමට මාර්ග පාදයි. විදේශීය සම්පත්, විදේශ ගමන් බිමන් ආදියට යහපත් වේ.

ධනු

ධනු රාශිය අධිපති ගුරු සමඟ සිකුරු මනාප නොවූවත් 11 වැන්නාධිපතියා බැවින් ආදායම් මාර්ග සරුවීමට මඟ සලසයි. 6 වැන්නාධිපතිකම නිසා 6 වැන්නේ සිකුරු සිටීමෙන් විපරීත රාජ යෝගයක් ද යෙදේ.

මකර

මකර ලග්නයට මිත්‍ර සිකුරු දස වැන්න සහ 5 වැන්න අධිපතියා වේ. 10 වැන්න බලවත් කේන්ද්‍රස්ථානයකි. මෙහි සිකුරු තැන්පත්ව සිටීමෙන් මාලවී රාජ යෝගය උදා වේ. එසේ වන්නේ මකර, මේෂ, කටක, තුලා ලග්න හිමියන්ට ය. මෙවැනි අය සමාජයේ කීර්තියට පත්වේ. තම බලය පතුරුවයි. සැප සම්පත් ළඟා වේ.

කුම්භ

4 වැන්න සහ 9 වැන්න අධිපතියා වේ. 4 වැන්නේ සිකුරු සිටීමෙන් සැප සම්පත් හිමි වේ. මව්පස ලාභ උරුම හිමිවේ. 9 වැන්නාධිපති නිසා 9 වැන්නේ සිටීමෙන් 9 වැන්නට හිමි සියලු සැප සම්පත් ලබාදේ. වාසනාව මෙන්ම විදේශීය ධන සම්පත් ලැබේ.

මීන

8 වැන්න සහ 3 වැන්න අධිපතියා සිකුරු වේ. තුªන්වැන්න වික්‍රමස්ථානය වේ. 8 වැන්න මාරකස්ථානයයි. සිකුරු 8 වැන්නේ සිටීමෙන් විපරිත රාජ යෝගයක් උදා කරයි. වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කිරීමට මඟ සලසාලයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.