දැනුමට දියුණුවට ගණදෙවි-සරස්වතී ආශිර්වාද පූජාව

සැප්තැම්බර් 6, 2024

නැණ නුවණට අධිපති ගණපති දෙවියන්ගේ මෙන්ම සාහිත්‍ය හා දර්ශන කලා යන සකල විධ විද්‍යාවන්ට අධිපතිනිය වන සරස්වතී මෑණියන්ගේත් ආශීර්වාදය ලබාගෙන ඔබේ දරුවන්ගේ අධ්‍යාපන, තරග විභාග ආදියේ උසස් පල ලබා ගැනීමට නිවැරැදි ආකාරයෙන් ගණ දෙවිඳුන්ට හා සරස්වතී මෑණියන්ට පූජාවක් පවත්වන්නේ කෙසේ දැයි විමසා බලමු.

මහා ඊශ්වර දෙවිදුන්ගේත්, මහා පාර්වතී මෑණියන්ගේත් කනිටු පුත්‍ර වූ මාන ගණේෂ, ගණපති, මංගල මූර්ති, පුල්ලෙයාර්, විනායක, ගණන් යනාදී බොහෝ අන්වර්ථ නාමයන්ගෙන් හැඳින්වෙන මහා ගණපති දෙවියන් ඥානයට, බුද්ධියට අධිපති දෙවියන් වේ.

එසේම මහා ඉවසීමෙන් හෙබි දේවතාවකු ලෙසද ප්‍රකට වූ ශ්‍රී ගණේෂ දෙවිඳුන් යන්නා වූ සියල් තැන්හිම සන්තුෂ්ඨියම උපදවන ශුභම ගෙන දෙන හෙයින් මංගල මූර්ති ලෙසින්ද හඳුන්වයි. ත්‍රිමූර්තියේම ආශිර්වාදය ලද මහා ගණපති දෙවිඳුන් දෙව්ලොව මහා බලසම්පන්නයකු ලෙසද ප්‍රකට වන හෙයින් සියලුම දේව පූජාවලදී මෙන්ද ශාන්ති කර්ම ආදියේද ප්‍රථමයෙන් ගණපති දෙවිඳුන්ට පුද පූජා පවත්වා එම කටයුතු ආරම්භ කිරීම පුරාණයේ පටන් සම්ප්‍රදායක්ව පවතී.

විශ්වයේ පවතින සියලු කලාවන්ට හා සකල විධ විද්‍යාවන්ට අධිපතිනිය වූ මහා සරස්වති දේවිය ලෝක නිර්මාපක මහා බ්‍රහ්ම දෙවිඳුන්ගේ මහේෂිකාව වන්නීය. එසේම ඥාතීත්වයෙන් ශ්‍රී ගණදෙවිදුන්ගේ නැන්දණියද වන බව දේව පුරාණයේ සඳහන් වේ. සියලුම අධ්‍යාපන, තරග විභාග ආදියේ සමාර්ථ්‍යකම් පෑමටත්, සියලු කලා කටයුතුවලදීත් සරස්වතී මෑණියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම මහත් පල සම්පන්න වන්නේය. මේ නිසා ඔබ නිවෙසේදී හෝ ගණදෙවි සරස්වති ආශිර්වාද පූජාවක් පවත්වා එම ආකර්ෂණය, ආශිර්වාදය, සාක්ෂාත් කර ගන්නේ කෙසේ දැයි විමසා බලමු.

පූජාවට දින තුනකටවත් ප්‍රථමයෙන් නිවෙස තුළ ඇති සියලු මස්, මාංශ වන කිලිකුණුූ ආදිය ඉවත් කර ගත යුතු අතර නිවැසියන්ද නිර්මාංශව පේවී සිටිය යුතුය. පූජා දිනයේදී ප්‍රථමයෙන් කහපැණින් නිවෙස පිරිසුදු කොට, තමාද කහ පැනින් ස්නානය කර පිරිසුදු වීම අවශ්‍ය වේ. පසුව ඔබ පූජා පවත්නා ස්ථානය හෝ කුටිය තුළ මල් අසුනකට සුදුසු මේසයක් තබා එයට ඉහළින් උඩුවියන් බැඳ, යහනට සුදුපිරුවට එලා ඒ මත කෙසෙල් පත් අතුරා ඉන් පසු ගණදෙවියන්ගේත් සරස්වතී මෑණියන්ගේත් රූප හෝ ප්‍රතිමා තැන්පත් කරනු ලබන ස්ථානය මත බාස්මතී සහල් හෝ කැකුළු සහල් අතුරා ඒ මත ඕම් අක්ෂරය සටහන් කර ගන්න. ඉන් පසු කහ පැණින් හා කිරිදියරින් නහවා පිරිසිදු කරගත් ප්‍රතිමා එම අක්ෂරය සටහන් කළ ස්ථානයේ තැන්පත් කර කුංකුම චන්දන, විභූති ආදියෙන් තිලක තබා ගන්න. එහි ඉදිරියේ යහන මත බුලත් අතුරා සුදු නෙළුම්, කහ වද, සුදු වද, රතුවද, බක්මීමල්, වැටකෙයියා මල්, ඇත් තෝර මල්, සමන්පිච්ච මල්, ඕලු, දහස්පෙතියා යනාදී මල් වර්ගවලින් සරසවාගන්න. ලද පස් මල් විසිරුවා ගන්න. කහ මල් මාලාවක් හා සුදු මල් මාලාවක්ද, බෙලි කොළ මල් මාලා දෙකක්ද සකස් කර, කහ මල් මාලාව ගණදෙවිඳුන් උදෙසා ද සුදු මල් මාලාව සරස්වතී මෑණියන්ට ද, බෙලි කොළ මල් මාලා, දෙදෙනාටම ද පලඳවන්න. යහන මත සුවඳ පැණින් නහවා, උඩු වියනට පහළින් බෝ අතු, නා අතු, අඹ පත්‍ර, කොහොඹ අතුවලින් සරසා ගන්න. සත් වරක් පෙරාගත් පැන් වීදුරු දෙකක්ද පූජා කරන්න. පූජාව සඳහා තැඹිලි, පොල්, අඹ, දොඩම්, බෙලි, දිවුල්, කළු උක්, සුවඳැල් හෝ ඇඹුල් කෙසෙල්, පේර ආදි පලතුරු වර්ග 7ක් බැගින් ගෙන පූජා වට්ටි දෙකක් සාදා ගන්න. මුං කිරිබත්, මෝදක, තලගුලි, ලඩ්ඩු හෝ අග්ගලා, කැවුම්, මුංගුලි, උක්හකුරු, වැනි කැවිලි වර්ග හත්වර්යක්ද වෙඬරු, විලඳ, මීපැණි, කපුරු, පිනිදිය, ගිතෙල්, රත් හඳුන් හා සුදුහඳුන්, (ඇල්දියෙන් ගලගාගත්) ද පඬුරු 7 බැගින් ද ගෙන පූජා වට්ටි දෙකකට තබා ගන්න.

ඉන්පසු පහන් දෙකක් දල්වා මල්, පලතුරු, කැවිලි ආදියෙන් සපිරි පූජාවන් පිළිගන්වා සුවඳ දුම් පුදමින් පහත ස්තෝත්‍ර ගායනා කරන්න.

ගණේෂ අෂ්ටකය


ගණපති පරිවාරං - චාරුකෙයුරහාරං
ගිරිධර වර සාරං - යොගිනී චක්‍රවාරම්
භවභය පරිහාරං - දුඞඛ දාරිද්‍ර්‍යදාරං
ගණපති මභීවන්දේ - චක්‍ර තුණ්ඩාවතාරම්

අඛිලමල විනාශං - පාණිනාසස්ත පාශං
කනකගිරි නිකාශං - සූර්යකොටි ප්‍රකාශම්
භජභව ගිරිනිකාශං - මාලතී තීරවාසං
ගණපති මභිවන්දේ - මානසෙ රාජහංසම්

විවිධ මණිමයු චෛඞ - ශොභමානං විදුරෙ
කනකර චිත චිත්‍රං - කණ්ඨදෙශෙ විචිත්‍රම්
දධතී විමලහාරං - සව¢දා යත්නසාරං
ගණපති මභීවෙන්‍ද - චක්‍ර තුණ්ඩිං නිධීශම්

දූරිත ගජ මමන්දං - චාරුණී මෛචචේදං
විදිතම්බිලා නාදං - නෘත්‍යමානන්දකන්දම්
දධති ශශිසුචක්ත්‍රං - මංකුශං යො විශේෂං
ගණපති මභිවන්දේ - සව¢දා නන්‍දකන්‍දම්

ත්‍රිනයන යුතභාලෙ - ශොභමානෙ විශාලෙ
මුකුට මණි සුඪාලෙ - මොක්තකානංච ජාලෙ
ධවලා කුසුමමාලෙ - යස්‍ය ශීර්ෂ්ණඞ සතාලෙ
ගණපති මභිවෙන්‍ද - සව¢දා චක්‍ර පාණිම්

වපුෂි මහති රූපං - පිඨමාදෞසූදීපං
තදුපරි රසකොණං -යස්‍ය චොර්ධ්වං ත්‍රිකෝණම්
ගජම්ත දල පද්මං - සංස්ථිතං චාරු පද්මං
ගණපති මභිවෙන්‍ද - කල්ප වෘක්‍ෂස්‍ය වෘන්දේ

වරදව්ශදත යතං - දක්ෂිණං යස්‍ය හසගං
සදයමහයදං තං - චින්තයෙ චින්ත සංස්ථම්
ශබල කුටිල ශුණ්ඩං - චෛක තුණ්ඩං විතුණ්ඩං
ගණපති මභිවන්දේ - සව¢දා චක්‍ර තුණ්ඩම්

කල්පද්‍රැමාධඞ - සථිතකාම ධෙනුඞ
චින්තාමාණිං - දක්ෂිණාපාණි ශුණ්ඩම්
බිභ්‍රාණමත්‍යද් - භුතචිත්ත රූපං
යඞ පූජයෙ තතස්‍ය -සමස්ත සද්ධිඞ


ඉන් පසු පහතින් දක්වා ඇති සරස්වතී ස්තෝත්‍රයද ගායනා කරන්න.


සරස්වතී ස්තෝත්‍රය


ශාස්ත්‍රා ගමධාරී ගුණ ඥාන සම්ප්‍රයුත්තං
ලෝකචාරී පි‍්‍රයංගනා බහු විද්‍යාචරං
විද්‍යාධාරී, මනුෂ්‍ය මුඛ සේවිත නික්චං
සරස්වති දේවි, සුර ආසන ප්‍රවිෂ්ටම්

ශ්‍රී ධීධර ගීතකාම මධුරස්වර වාච්‍යං
ශ්‍රී හස්තක කිර පෝතකාදි ශ්‍යාති නිත්‍යං
ශ්‍රී මුඛ වාසාන්ද්‍ර බද්ධ, මහා බ්‍රහ්ම රාජං
සරස්වතී දේවී . පුෂ්පාසන ප්‍රවිෂ්ටම්

විද්‍යාධර සකලා බහු ජන නායක වීරං
අන්‍යාධාරක විශාකා, බමු ජන මන පී‍්‍රතිං
නිත්‍යා ස්වර ගීත ශාස්ත්‍ර, ජනදස වාධිපතිං
සරස්වති දේවී පුෂ්පාසන ප්‍රවිෂ්ටම්

රෞරුද්‍ර ජිතා මාහා විෂ්ණු භූතං
හරි චන්ද්‍රා කුංකුම පාක ජනං
මූණි වෘන්ද ගණේන්ද්‍ර සමාන කරං
නව නෞමී සරස්වතී පාද යුගං

නශී ශුද්ධ සුධ්‍රාහිදාම යුතං
සාර දම්බර බිම්බ සමාන කරං
බහු රත්න මනෝහර කාන්ති යුතං
නව භෞමි සරස්වතී පාද නමඞ

ඕං ජිනේන්ද්‍රා මත්තා හස කුම්භධාරිණි
ජිනෝ රසානං මුඛ ජංක ජාලිනී
සරස්වති මේ මුඛ ගම්භ ගබ්භිනී
නමස්ති මුත්තාච සුද්ද ප්‍රසාදනී

සරස්වතී නමෝ තුයිහං
සර්ව දේවී නමෝ නමඞ
ශාන්ත රූපේ ශශිතරේ
සව¢යෝගේ නමෝ නමඞ
 

පසුව මහා ගණපති දෙවිඳුන්ගෙන් හා මහා සරස්වතී දේවමැණියන් ගෙන් ඔබේ දරුවන්ගේ අධ්‍යාපන විභාග ආදි කටයුතු සඳහා ආශිර්වාදය ලබා දෙන මෙන් ආයාචනා කරන්න. මේ ආකාරයෙන් නිවැරදි ගණදෙවි සරස්වති පූජා පැවැත්වීමෙන් නිසැකයෙන්ම ඔබගේ දරුවාටද ඔබටද ගණදෙවියන්ගේ හා සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගත හැකි බව අපගේ වසර ගණනාවක අත්දැකීම් තුළින් ඔබට සනාථ කරන්නෙමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.