පහසුවෙන් කරගත හැකි භෛරව පූජාවක්

නොවැම්බර් 22, 2019

විවිධ ගුරුකුල අනුව, නිවාස සෑදීම, ළිං කැපීම, පතල් කැපීම, විහාර දේවාල සෑදීම, නේත්‍රා තැබීම, නිවාසවල ඇතිවන දෝෂ ආදිය කියාද තබන භෛරව පූජා ආදිය අද බොහෝ සෙයින් ප්‍රචලිතව මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්ත වී ඇත. කරන මේ පූජා විධි අනුව කළ වියදම් අනුව සුබවාදී ප්‍රතිඵල ලැබීද, අනිටු පල ලැබීද? එය ප්‍රතිඵල දන්නේ කටයුත්ත කර ගත් අය පමණි.

භෛරව පූජාවක් ඉටුකර ගැනීමට හේතු කීපයකි. තමා සතු ඉඩම පාරම්පරික විය හැකි ය. නැතහොත් මිලදී ගත් තැනක් ද විය හැකි ය. මේවා හිමිකරුවන් ජීවතුන් අතර නැතිවිය හැකි ය. මිය පරලොව ගිය විට එම භූමියන් පිළිබඳව ඇති කරගන්නා ආලයෙන්, ප්‍රේමයෙන්, ලෝභයෙන් ඇති සිතුවිලි අනුව ඒවාට ඇති දක්වන උපද්‍රවයක් පිළිබඳව ද ඒවා ඉවත් කරගැනීමට ද, නව නිවසක් ඉදිකිරීමට පෙර මෙම කාර්යය ඉටුකරගැනීමට නොහැකිවීම නිසාද ඉදිකර ගැනීමේ යම් යම් කරදර උපද්‍රව නිසාද, පදිංචි වී ඇති නිවසක් නම් උපයන යම් ධනයක් රඳා නොමැතිවීමත්, පැමිණෙන කරදර උපද්‍රව මඟහරවා ගැනීමටත්, මැණික් පතල් ආදී තැන්වලින් ලබා ගැනීමට අපේක්ෂා කරන වස්තුව ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒවාට අරක්ගත්තායැයි සැළකෙන අධිපතීන් ඇත්නම් ඔවුන්ට කාධ්‍ය බෝධයෙන් සතුටු කර පූජා තැබීමටත්, ළිංවල ජලය ලබා ගැනීමේ අභිප්‍රායටද, විහාර දේවාලවලට ද චිරාත්කාලයක් පැවැති මේ ශක්තියට ද මේ ආදී කරුණුවලට උපායක් ලෙස යොදා ගන්නා මාර්ගයක් ලෙසටද සැළකිය හැකි ය.

මේ ගැන සළකා බලන විට මේ පිළිබඳ කටයුතු කරන්නේ මුදල් උපයා ගන්නා මාර්ගයක් ලෙස සළකා කටයුතු කරයි. පැවැති ශාස්ත්‍රවිධි හරියාකාරව ඉටු කරන පිරිස අතළොස්සකි. ඇහිඳගත් ශාස්ත්‍රය අනුව කටයුතු කරන පිරිසද එමටය. කරණ කටයුත්ත කෙසේ හෝ කලක් සේවා දායකයා හැම දෙයකින්ම වෙහෙසට පත් නොකොට කළදෙයින් ප්‍රතිඵල දක්වන්නේ නම්, එයද ඔහුට හෝ ඇයට සම්පතකි. එයට තවත් කරුණකි. මෙම භාරධූර කටයුත්ත නියමිත ස්ථානයේ දී සිදු නොකොට වෙනත් ස්ථානයක සිදු කිරීමත්, දහවල් කාලයේදී කටයුතු කිරීමත්, කාන්තාවන්ද මෙයට වහවැටි ඉටු කරන බව පෙනේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.