වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
බාලගිරි දෝෂය අද නොවේ හෙට
ජූලි 12, 2019
නිවසක් ඉදිරිපිට ප්‍රධාන දොරට ඉහළින් බාලගිරි දෝෂය අද නොවේ. හෙට” යන්න ලියා තිබේ නම් ඇත්තටම එම නිවසේ අලුත උපන් බිළිදකු සිටිනබව එය දකින ඕනෑම කෙනකුට සිහිපත් වේ. යන්ත්‍ර මන්ත්‍ර කර්ම ගැන බැලීමේදී විශේෂයෙන්ම කරනු ලබන ශාන්තිකර්ම වලදී බාල උපදාකරණය හෙවත් දොළ චිකිත්සාවට හිමිවන්නේ ප්‍රධාන තැනකි.
බිළින්දකු උපන්දා සිට මෙලොවට බිහිවූදා සිට මාස දොළහ දක්වා මාස දොළහේ සිට අවුරුදු දොළහ දක්වාත් දරුවන්ට ඒ වෙනුවෙන් ශාන්ති කර්ම සිදුකරනු ලබයි. බිළිඳු වයසේ පසුවන දරුවාට අපල දෝෂ රෝගාබාධ ඇතිකරන යක්ෂ භූත පිසාචාදීන් නිසා මෙම දෝෂ ඇතිවේ. මේ නිසා දරුවාගේ සෞඛ්‍යයට මෙන්ම වැඩීමටද සිදුවන්නේ මහත් බාධාවකි.
යක්ෂ භූත පේ්රතාදී දෝෂාන්දකාරයන් හේතුවෙන් සිහිනෙන් බයවීම, කිරිනොබීම , කිරිවමනය කිරීම, නිතරම හැඬීම, නිතරම දැගලීම, උඩඅතට හැරී සිටීම, නින්දෙන් ගැස්සීම ආදී රෝග ලක්ෂණයන්ද මෙහිදී පෙන්නුම් කෙරේ. නිරෝගි දරුවකු මෙලොවට බිහිකර හදාවඩා ගැනීමට දහසක් බලාපොරොත්තු මධ්‍යයේ ජීවත්වන මවට දරුවා නිතර නිතර රෝගී වුවහොත් ඇතිවන දුක,කම්පනය කොතකුත්දැයි කිව නොහැකි තරම්ය. එදා අපේ දෙමාපියන් වැඩිහිටියන් දරුවකු බිහිකිරීමට සිටි මව ගැබිණි මව ආරක්ෂා කළේ පුදුම අයුරිනි. දරුවා බිහි කිරීමට ආසන්නය දක්වා ඇයට කෑමට දුන්නේ තැම්බුම් හොදි සමඟ බත්ය. නිවසේ කරවල , මස්, ,මාළු, තෙලෙන් බැද්දේ නැත. උදේ, සවස කොසඹකොළ වලට තෙල්දමා දුම් ඇල්ලුවේය. මුළුතැන්ගෙයි පිසූ බත් මවට දීමට රැගෙන ආවේ ඇණයක් හෝ යකඩ කෑල්ලක් තබා තනිනොවන ලෙසටය. ආහාර ටික පවා දුන්නේ කිසිවකුට නොපෙනෙන ලෙසටය. නිවසේ කිසිඳු පුළුටු ජාතියක් බැද්දේ නැත. ඒ සියල්ලක්ම සිදුකළේ මවගේ මෙන්ම දරුවාගේ ආරක්ෂාව සඳහාය.
අද සමාජය දෙස බලනවිට ගැබිණි මවුවරුන් පවා කඩල , මුරුක්කු වැනි දේ කමින් මාර්ගවල ගමන් කරන බව පෙනේ. මෙවැනි ක්‍රියාවන් නිසා නොයෙකුත් උපද්‍රවවලට ලක්වේ. දරුවකු බිහි කළ පසු දරුවා ආරක්ෂා කරගැනීමේ වගකීම පැවරෙන්නේ මවටයි. මව කෑමෙන් බීමෙන් පමණක් නොව ක්‍රියාකාරකම්වලින්ද ආරක්ෂා විය යුතුය. බාලගිරි දෝෂය සඳහා සිදුකරනු ලබන බාල ග්‍රහ ශාන්තිය ගැන නොයෙකුත් ගුරුකුලවල ඇති යන්ත්‍ර මන්ත්‍ර දොළ පිදේනි ගැන සඳහන්ව ඇත. උපන් දවසේ සිට දසසත් අවුරුද්ද දක්වා හටගන්නා වූ රෝග ලක්ෂණ ඒ පිළිබඳ, අදාළ යක්ෂ යක්ෂණීන් ගැන ඉපැරණි පුස්කොළ පොත්වල මෙන්ම පැරණි පොත්වල සඳහන් කොට ඇත. ගිරිනම් යක්ෂණියන් දොළොස් දෙනෙකු විසින් ළදරු කාලයේ සිට දොළොස් අවුරුද්ද තෙක් කරන ලෙඩ හා කළ යුතු ප්‍රතිකර්මද එම පොත්වලින් පෙන්වාදී තිබේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ ඡ්යොතිෂ්වේදී මොරටුවේ
තිස්ස මහානාම
සිද්ධාන්ත ඡ්‍යොතිෂ කාර්යාලය
සටහන
බී.ඇල්.පේ‍්‍රමරත්න
෴ සබැඳි ලිපි ෴
පුද්ගලයෙකුගේ සුළැඟිල්ල නමින් හැදින්වෙන බුධ ඇඟිල්ල පරික්ෂා කිරිමෙන් එම පුද්ගලයාගේ කථිකත්වය, තර්කන හැකියාවන්, ආර්ථිකය, ලිංගිකත්වය ආදි වූ කරුණු ගණනාවක්...
2024-07-18 18:30:00
සමහර ඒරාෂ්ටක කාල වකවානුවලදී බලාපොරාත්තු රහිත සුබ ප්‍රතිපල ලැබීමට තවත් හේතුවක් ලෙස එම කාලවකවානු තුළ අන් කාලවලට වඩා විශාල ලෙස වත්පිළිවෙත් සිදු කිරිමද...
2024-07-18 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ කටක රවි 04 භාග ඇසළ පුර තෙළෙස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග ඇසළ අව විසේනිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-07-18 18:30:00
ස්ථිර රාශියක් වන කුම්භයේ වායු භූත ගුණය ගැබ්වී ඇත. කාරුණික පෙනුමෙන් යුක්ත මධ්‍යම ප්‍රමාණයේ ශරීරය වන අතර පි‍්‍රය මනාප මුහුණ වේ.මිනිසත්කම්වලින් හෙබි...
2024-07-18 18:30:00
පුද්ගලයකුගේ නමක් තුළ මන්ත්‍රයක හා සමාන බලයක් ඇති වෙයි. සිය දහසක් දෙනා එකම නමකින් පුද්ගලයකු ආමන්ත්‍රණය කිරීමේදී ඒ සියලු ශබ්ද තරංග කම්පනය වීම තුළ...
2024-07-18 18:30:00
ඔබේ අල්ලේ උත්පත්ති කේන්ද්‍රය තුළ සැඟවුණ ධන උල්පත් බොහෝ ය. මේ විද්‍යාව මා ඉගනීමට පටන් ගත්තේ කුඩා කාලයේ සිට 1962 සිටය. මා උපන්නේ වෙද පවුලකය. මගේ...
2024-07-11 18:30:00
ජන්මියකුගේ අපල සපල කාලය මතුවන්නේ ඔහු හෝ ඇය විසින් කරන ලද කුසලාකුසල කර්ම විපාකවලට අනුරූපවයි. හරියට පරීක්ෂාවෙන් හිටියොත් එය අවබෝධ වේවි. ඒ කුසලාකුසල...
2024-07-11 18:30:00
අපේ පැරැණි හෙළ ගොවි රජවරුන් ගොවි තැනේදී බොහෝ විට කෙම් ක්‍රම, ශාන්ති කර්ම මෙන්ම නැකත් ශාස්ත්‍රය භාවිත කළබව නොරහසකි. ඔවුන් කිසි විටෙකත් රසායනික...
2024-07-11 18:30:00
ශකවර්ෂ 1946ක් වූ මිථුන රවි 28 භාග ඇසළ පුර අටවක තිථිය ලත් කිවිදින සිට කටක රවි 03 භාග ඇසළ පුර දොළොස්වක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි – මිථුන...
2024-07-11 18:30:00
“බහුමිත්ර ප්රධාරාශ්ව විද්යාර්ථිව විචක්ෂණඞජ්යෙෂ්ඨා ජාතොධර්මරතොජායතෙ ශුද්රපූජිතඞ”දෙට නැකතින් උපත ලබා ඇත්නම් බොහෝ කල්‍යාණ මිත්‍ර සේවනයේ ඇති...
2024-07-11 18:30:00
චර ගුණයෙන් යුත් පඨවි රාශියක් වන මකරයේ උපන් අය බලය ලබා ගැනීම පිණිස තද ආශාවක් දක්වයි. ඥානවන්ත සියුම් සිතුවිලි අඩු කෙනෙකි. ක්‍රියාත්මක වීමේ ශක්තිය ඇත....
2024-07-11 18:30:00
ඇත්ත වශයෙන්ම ධවල මන්දිරයේ එවැනි නිල තනතුරක් නැත. එහෙත් 1980 දශකයේ එහි වාසය කළ ජනාධිපති රොනල්ඩ් රේගන් පමණක් නොව, ඔහුගේ බිරිඳ වූ නැන්සි රේගන්ද ඡ්...
2024-07-11 18:30:00
නිවෙසක නිරිත දිශාව දුර්වල වීම නිසා ආර්ථික කඩාවැටීම්, ණය බරින් පීඩාවීම්, නරක නාමය අත්වීම් අත් විඳීමට සිදුවන බව ප්‍රායෝගිකව අත්දැකිය හැකි වාස්තු දෝෂයක්...
2024-07-11 18:30:00
2024 ජුනි මස 07 සිකුරාදා පාරින්ද සුගතදාස මහතා විසින් ලියන ලද ලිපියට මගේ පිළිතුරමා විසින් සුබසෙත පුවත් පතට ලියන ලද ලිපියෙහි බණ්ඩාරනායක මැතිනිය මියැදෙන...
2024-07-04 18:30:00
සුබසෙත පුවත්පතට වසර 55ක් සපිරීම සහ ලංකා මහිලා සමිති 95 වැනි සංවත්සරය සැමරීම නිමිති කර ගනිමින් සුබසෙත ඡ්‍යොතිෂ සහ ආයුර්වේද සායනයක් පසුගිය 28 වැනිදා...
2024-07-04 18:30:00
ශක වර්ෂ 1946ක් වූ මිථුන රවි 21 භාග පොසොන් අමාවක තිථිය ලත් කිවිදින සිට එම රවි 27 භාග ඇසළ පුර සැටවක තිථියලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-07-04 18:30:00