වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
බාලගිරි දෝෂය අද නොවේ හෙට
ජූලි 12, 2019
නිවසක් ඉදිරිපිට ප්‍රධාන දොරට ඉහළින් බාලගිරි දෝෂය අද නොවේ. හෙට” යන්න ලියා තිබේ නම් ඇත්තටම එම නිවසේ අලුත උපන් බිළිදකු සිටිනබව එය දකින ඕනෑම කෙනකුට සිහිපත් වේ. යන්ත්‍ර මන්ත්‍ර කර්ම ගැන බැලීමේදී විශේෂයෙන්ම කරනු ලබන ශාන්තිකර්ම වලදී බාල උපදාකරණය හෙවත් දොළ චිකිත්සාවට හිමිවන්නේ ප්‍රධාන තැනකි.
බිළින්දකු උපන්දා සිට මෙලොවට බිහිවූදා සිට මාස දොළහ දක්වා මාස දොළහේ සිට අවුරුදු දොළහ දක්වාත් දරුවන්ට ඒ වෙනුවෙන් ශාන්ති කර්ම සිදුකරනු ලබයි. බිළිඳු වයසේ පසුවන දරුවාට අපල දෝෂ රෝගාබාධ ඇතිකරන යක්ෂ භූත පිසාචාදීන් නිසා මෙම දෝෂ ඇතිවේ. මේ නිසා දරුවාගේ සෞඛ්‍යයට මෙන්ම වැඩීමටද සිදුවන්නේ මහත් බාධාවකි.
යක්ෂ භූත පේ්රතාදී දෝෂාන්දකාරයන් හේතුවෙන් සිහිනෙන් බයවීම, කිරිනොබීම , කිරිවමනය කිරීම, නිතරම හැඬීම, නිතරම දැගලීම, උඩඅතට හැරී සිටීම, නින්දෙන් ගැස්සීම ආදී රෝග ලක්ෂණයන්ද මෙහිදී පෙන්නුම් කෙරේ. නිරෝගි දරුවකු මෙලොවට බිහිකර හදාවඩා ගැනීමට දහසක් බලාපොරොත්තු මධ්‍යයේ ජීවත්වන මවට දරුවා නිතර නිතර රෝගී වුවහොත් ඇතිවන දුක,කම්පනය කොතකුත්දැයි කිව නොහැකි තරම්ය. එදා අපේ දෙමාපියන් වැඩිහිටියන් දරුවකු බිහිකිරීමට සිටි මව ගැබිණි මව ආරක්ෂා කළේ පුදුම අයුරිනි. දරුවා බිහි කිරීමට ආසන්නය දක්වා ඇයට කෑමට දුන්නේ තැම්බුම් හොදි සමඟ බත්ය. නිවසේ කරවල , මස්, ,මාළු, තෙලෙන් බැද්දේ නැත. උදේ, සවස කොසඹකොළ වලට තෙල්දමා දුම් ඇල්ලුවේය. මුළුතැන්ගෙයි පිසූ බත් මවට දීමට රැගෙන ආවේ ඇණයක් හෝ යකඩ කෑල්ලක් තබා තනිනොවන ලෙසටය. ආහාර ටික පවා දුන්නේ කිසිවකුට නොපෙනෙන ලෙසටය. නිවසේ කිසිඳු පුළුටු ජාතියක් බැද්දේ නැත. ඒ සියල්ලක්ම සිදුකළේ මවගේ මෙන්ම දරුවාගේ ආරක්ෂාව සඳහාය.
අද සමාජය දෙස බලනවිට ගැබිණි මවුවරුන් පවා කඩල , මුරුක්කු වැනි දේ කමින් මාර්ගවල ගමන් කරන බව පෙනේ. මෙවැනි ක්‍රියාවන් නිසා නොයෙකුත් උපද්‍රවවලට ලක්වේ. දරුවකු බිහි කළ පසු දරුවා ආරක්ෂා කරගැනීමේ වගකීම පැවරෙන්නේ මවටයි. මව කෑමෙන් බීමෙන් පමණක් නොව ක්‍රියාකාරකම්වලින්ද ආරක්ෂා විය යුතුය. බාලගිරි දෝෂය සඳහා සිදුකරනු ලබන බාල ග්‍රහ ශාන්තිය ගැන නොයෙකුත් ගුරුකුලවල ඇති යන්ත්‍ර මන්ත්‍ර දොළ පිදේනි ගැන සඳහන්ව ඇත. උපන් දවසේ සිට දසසත් අවුරුද්ද දක්වා හටගන්නා වූ රෝග ලක්ෂණ ඒ පිළිබඳ, අදාළ යක්ෂ යක්ෂණීන් ගැන ඉපැරණි පුස්කොළ පොත්වල මෙන්ම පැරණි පොත්වල සඳහන් කොට ඇත. ගිරිනම් යක්ෂණියන් දොළොස් දෙනෙකු විසින් ළදරු කාලයේ සිට දොළොස් අවුරුද්ද තෙක් කරන ලෙඩ හා කළ යුතු ප්‍රතිකර්මද එම පොත්වලින් පෙන්වාදී තිබේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ ඡ්යොතිෂ්වේදී මොරටුවේ
තිස්ස මහානාම
සිද්ධාන්ත ඡ්‍යොතිෂ කාර්යාලය
සටහන
බී.ඇල්.පේ‍්‍රමරත්න
෴ සබැඳි ලිපි ෴
මේ දක්වා මෙම ලිපි පෙළ තුළ ඒරාෂ්ටක කාල වකවානු තුළ ලැබුණු සුබදායක සිදුවීම් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන ලදී. ඒ නිසා ඒරාෂ්ටක කාල වකවානුවල සුබ ප්...
2024-07-04 18:30:00
ද්වි ගුණයෙන් යුතු ධනුව අග්නි භූත බලයට අයත් වේ. මෙහි පවතින ශක්තිය ආත්මයට සම්බන්ධ වේ. ඒ අනුව ධනුවේ උපන් අයගේ ගති ක්‍රියාකාරකම් යෙදේ. ලස්සන ශරීරය...
2024-07-04 18:30:00
ජුලි 06 වැනිදා මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි...
2024-07-04 18:30:00
අත්ලේ ඇති ඇඟිලි අතරින් මැද ඇඟිල්ල හෙවත් ශනි ඇඟිල්ලට විශේෂ ස්ථානයක් හිමිවේ. එයට හේතු වන්නේ ඕනෑම පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මිල මුදල්, ව්...
2024-06-27 18:30:00
මෙලොව උපදින සැමගේම පැතුම දීර්ඝ කාලයක් ජීවත් වීමයි. අප යමෙකු මුණ ගැසුණු විටද ආශිර්වාද කරන්නේ “ආයුබෝවන්” කියාය. ආයුෂය සැම දෙනාටම වටිනාම වස්තුවයි. බොහෝ...
2024-06-27 18:30:00
අති ලුබෙධාති පාපීචනිෂ්ටුරඞකළහපි්රයඞවිශාඛායානං නරොජාතොවෛශ්යාහරන රතොභවෙත්විසා නැකතින් උපත ලැබීමෙන් සහ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව...
2024-06-27 18:30:00
තදබලම ඒරාෂ්ටක කාල වකවානුවක බලාපොරොත්තු රහිත සුබපල ලැබූ තවත් චරිතයක් පිළිබඳ කතාබහ කරන්නට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි. අද දිනයේ දී, උසස් පෙළ ලිවීමට...
2024-06-27 18:30:00
අංග සම්පූර්ණ ලෙස වැඩුණු අවයව ඇති නිරෝගීමත් කෙනෙකු වේ. නිර්භයව ඉදිරිය කරා පිය නඟන කරදර බාධා ගණන් නොගන්නා රහස් නැති කෙනෙකි. උසස් සිතිවිලිවලින් පිරුණු...
2024-06-27 18:30:00
ශකවර්ෂ 1946ක් වූ මිථුන රවි 07 භාග පොසොන්පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 13 භාග පොසොන් අව සැටවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි –...
2024-06-20 18:30:00
කීර්තිමත් දේශපාලනඥයකුව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ තදබලම ඒරාෂ්ටක කාල සීමා තුළ ඔහුට මුහුණදීමට සිදු වී ඇති සිදුවීම් පිළිබඳව කතාබහ කිරීමට අද දිනයේ දී...
2024-06-20 18:30:00
හිමිදිරි පාන්දර කොණ්ඩදෙණියේ පන්සලේ නායක සීලරතන හිමියන් බෝමළුව ඇමැද බුද්ධ මන්දිරයේ සහ දේවමන්දිරයේ උදෑසන වත්පිළිවෙත් කොට පහන්සිළු දැල්වූවා පමණි....
2024-06-20 18:30:00
චර ගුණයෙන් යුක්ත වූ තුලා රාශිය වායු භූත බලයට අයත් වේ. උපතේදී ඒ ඒ භාවවල සිටි දුටු ග්‍රහයන්ගේ තත්ත්වය අනුව ජීවිතයේ සුබ අසුබ පල ලැබෙනු ඇත.සාමාන්‍ය ප්...
2024-06-20 18:30:00
ජුනි 30 වැනිදා ඉරිදා රාත්‍රී 12.38ට ශනි කුම්භ ලග්නයේ වක්‍ර වෙයි. මෙකී සෙනසුරු ගේ වක්‍රයෙන් පසු එනම් ජූලි මස 7 වැනිදා ඉරිදා අලුයම 4.31ට සිකුරු...
2024-06-20 18:30:00
මිනිසාගේ පැවත්ම ගැන කතා කිරීමේදී නොසලකා බැරි මාතෘකාවක් ලෙස විවාහය හැඳින්විය හැකිය. විවාහය යන්නට සමාජ සම්මුතිය තුළදී නොයෙකුත් අර්ථකථනයන් ඉදිරිපත් කර...
2024-06-13 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ වෘෂභ රවි 32 භාග පොසොන් පුර අටවක තිථියලත් කිවිදින සිට මිථුන රවි 06 භාග පොසොන්පුර තුදුස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ...
2024-06-13 18:30:00
ජූනි 15 වැනිදාමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති...
2024-06-13 18:30:00