ඔබේ නමේ බලයෙන් නිසි පල ලබා ගන්න

ජූලි 19, 2024

 

පුද්ගලයකුගේ නමක් තුළ මන්ත්‍රයක හා සමාන බලයක් ඇති වෙයි. සිය දහසක් දෙනා එකම නමකින් පුද්ගලයකු ආමන්ත්‍රණය කිරීමේදී ඒ සියලු ශබ්ද තරංග කම්පනය වීම තුළ යම් බලයක් හටගනු ලබයි. එය එම පුද්ගලයාගේ සමස්ත ජීවිතය සහ පෞරුෂය කෙරෙහි බලපාන අතර ඔහුගේ චරිත ලක්ෂණ පවා ඒ අනුව වෙනස් විය හැකිය.

පුද්ගලයකුගේ ජන්ම පත්‍රයෙන් මෙන්ම විවිධ ඡ්‍යොතිෂ සහ ගුප්ත විද්‍යා ක්‍රම අනුව ඔහු පිළිබඳ පලාපල කිව හැකි වා සේම ඔහුට භාවිත කරන නමෙන් ද ඔහු පිළිබඳ පලාපල කිව හැකිව තිබේ. මෙය පුද්ගලයෙකුගේ නාම අංකය මෙන්ම ප්‍රකාශන අංකය වශයෙන් ද හඳුන්වනු ලබයි.

පුද්ගලයෙකුගේ නම යනු ඔහුටම ආවේණික සැඟවුණු ලක්ෂණ අනාවරණය කරගත හැකි කැඩපතක් බඳුය. මේ ලෝකයේ ඕනෑම දෙයක් හඳුනා ගැනීමට නමක් භාවිත කරන අතර පුද්ගලයකුට එම නම ඇසු පමණින් ඒ දෙය තමන්ගෙ මනස තුළ මැවී පෙනේ. එමෙන්ම නමක් යනු යම් දෙයක් හඳුනා ගැනීමට යොදා ගන්නා ශබ්ද සංකේතයකි. ඒ වගේම එම ශබ්ද සංකේත හඳුනා ගැනීම සඳහා ලෝකයේ විවිධ භාෂාවලට අනුව අක්ෂර යොදනු ලබයි. කුමන අක්ෂරවලින් ලිව්වත් යම් නමක ශබ්ද සංකේතය වෙනස් වන්නේ නැත. ශබ්දය එක හා සමාන වෙයි. උදාහරණයක් ලෙස පුද්ගලයෙකුගේ නමක් කුමන භාෂාවකින් ලිව්වත් එය උච්ඡාරණය කරන්නේ එකම ශබ්දයකිනි.

පුද්ගලයෙකුගේ නමක් තුළ මන්ත්‍රයක හා සමාන බලයක් ඇති වෙයි. සිය දහසක් දෙනා එකම නමකින් පුද්ගලයකු ආමන්ත්‍රණය කිරීමේදී ඒ සියලු ශබ්ද තරංග කම්පනය වීම තුළ යම් බලයක් හටගනු ලබයි. එය එම පුද්ගලයාගේ සමස්ත ජීවිතය සහ පෞරුෂය කෙරෙහි බලපාන අතර ඔහුගේ චරිත ලක්ෂණ පවා ඒ අනුව වෙනස් විය හැකිය.

පුද්ගලයකුගේ සාර්ථකත්වය ජනප්‍රිය භාවය සහ ප්‍රසිද්ධිය සඳහා නමේ බලය සෘජු බලපෑමක් කරනු ලබයි. ඉතා ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාර නාම සලකා බැලූ විට ඒවා එතරම් ජනප්‍රිය භාවයක හැමදාම තිබෙන්නට ප්‍රධාන වශයෙන් නම බලපා ඇති බව සඳහන් කළ හැකිය. වෙළෙඳ ව්‍යාපාර නම් පමණක් නොව ඉතා ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නාම පවා අංක විද්‍යානුකූලව ගළපා බැලූ විට ඔවුන්ට එම නම තුළින් විශාල බලයක් සපයා ඇති බව පැහැදිලිව හඳුනා ගැනීමට පුළුවන.

අප කවුරුත් අසා ඇති පරිදි අපගේ බෝසතාණන් වහන්සේට නම් තැබීමේ උළෙලටද බමුණන් 108 දෙනෙකු සහභාගි වී ඇති බව සඳහන් වන අතර එහිදි සිද්ධාර්ථ යන නම යොදා ගන්නේ ලොවට අර්ථයක් සිද්ධ කරන යන අරුතෙනි. එම නමෙහි අර්ථය පසක් කරමින් පසුකාලීනව මුළු ලෝකයටම අර්ථයක් සැබවින්ම බෝසතාණන් වහන්සේ විසින් සිද්ධ කරන ලදි.

අද අප සමාජය තුළ අලුත උපන් දරුවෙකුට නමක් තැබීමේදී දෙමාපියන් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්නේ ද ඒ තුළ තිබෙන්නාවූ වටිනාකම ඉතා හොඳීන් අවබෝධ කරගෙන සිටින බැවිනි. දරුවෙකුට ඉතා අර්ථවත් කාලයට ගැළපෙන හොඳ නමක් තැබීම දෙමාපියන්ගේ වගකීමක් ලෙසද සැලකිය හැකිය. හේතුව සමහර නම් නිසා දරුවන් අපහසුතාවයට පත්වන අවස්ථාද අද සමාජය තුළ අපට ඕනෑ තරම් දැකගත හැකි බැවිනි.

සොයා බැලීමකින් තොරව හිතුමතේ නමක් දැමුවද එහි බලපෑම ඒ පුද්ගලයා කෙරෙහි ගොනුවෙයි. එමෙන්ම කෙතරම් සොයා බලා නම් දැමුවද ඒවා බලපාන්නේ සමහරවිට දෙමාපියන් බලාපොරොත්තු වූ ආකාරයට නොවන අවස්ථාද තිබේ. එයට හේතුව නම් එම නම භාවිත කරන ආකාරයයි. පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය තුළ යොදන නමින් එම පුද්ගලයාගේ ගතිගුණ පෞරුෂය හඳුනා ගැනීමට පුළුවන. ඒ වගේම උප්පැන්න සහතිකය තුළට යෙදෙන වාසගමින් තවත් දෙයක් ප්‍රකාශ වෙයි. එමෙන්ම සමහරු මුලකුරු සමග නම භාවිත කරන විට එහි අර්ථය හා බලපැම වෙනස් විදිහකට තවත් විදියකින් බලපායි. එමෙන්ම තවත් සමහරු විසින් උප්පැන්න සහතිකයේ තිබෙන නමට වෙනස් නමක් එනම් අන්වර්ථ නාමයක් හෝ සුරතල් නාමයක්ද භාවිත කරන අවස්ථා තිබේ. එවිට ඒ අනුව ද ගතිගුණ සහ පෞරුෂ ස්වභාවයන් වෙනස් වීමට ලක් වෙයි.

ඡ්‍යොතිෂ විද්‍යාව හෝ අංක විද්‍යානුකූලව කෙතරම් ගැළපෙන නමක් තැබුව ද එය භාවිත නොකරන්නේ නම් එහි බලය සහ ශක්තිය හීන වෙයි. සමහරු දරුවා වෙනුවෙන් ගණ පිහිටුවා සකස් කරන ලද ඉතා අර්ථවත් නම භාවිත නොකරයි. එවිට දරුවාට අර්ථවත් නමක් තිබුණද එය භාවිත නොකොට නිතර භාවිත කරන අන්වර්ථ නාමයේ හෝ සුරතල් නාමයේ බලපෑම වැඩි වශයෙන් ඔහුගේ පෞරුෂය කෙරෙහි බලපානු ලබයි.

අංක විද්‍යාවේදී නමක භාවිත වන අකුරු වෙනුවට නැත්නම් ශබ්ද සංකේත වෙනුවට අංක යොදනු ලබයි. එම අංක අනුව නමක බල දුබලතාවයත් පුද්ගලයකුගේ ගති ස්වභාවයනුත් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙයි. ඒ අනුව පොදු භාවිතයක් ලෙස ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර යොදා ගනු ලබන අතර ඉංග්‍රීසි භාෂාවේ සෑම අක්ෂරයකට අදාළවම අංකයක් සඳහන් කර තිබේ. තමා ගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියා එම අකුරුවලට අදාල අංක සටහන් කරගෙන එම අංක තනි අංකයක් වන ලෙස එකතු කළ පසු ලැබෙන අංකයට අදාළව පලාපල ප්‍රකාශ කරනු ලබයි. මෙහිදී අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ අංක විද්‍යාවට අනුව මෙහි වඩාත් වැඩි බලපෑමක් ඇති කරනු ලබන්නේ අපට දැනට භාවිත කරන නම සම්බන්ධයෙනි. එනම් ඔබට කුමන නමක් සඳහන් වුවද ඔබ සහ අන් අය වැඩිපුරම භාවිත කරන නම ඔබේ චරිත ලක්ෂණ කෙරෙහි වැඩි බලපෑමක් කිරීමට ඉවහල් වෙයි. මෙයින් අදහස් වන්නේ ඔබට ඇති අනෙකුත් නම් වල බලපෑමක් නොමැති බව නොවේ. ඔබගේ චරිතය සහ පෞරුෂය කෙරෙහි වැඩිපුරම බලපානු ලබන්නේ ඔබ වැඩිපුරම භාවිත කරන නමට අනුව බවයි.

නිදසුනක් ලෙස කුමාරි යන නම සලකන්න.

Kumari = 2+3+4+1+9+9 =28

28= 2+8=10

10=1+0=1

එහි අංකය වන්නේ 1ය. එය සකසා ගන්නේ පහත අයුරිනි. ඔබේ නමත් මෙලෙස සකසා ගත හැකිය. ඔබ මේ ආකාරයට ඔබ වැඩිපුරම භාවිත කරන නමට අයිති අංකය සොයා ගන්න. අංකවලට අදාළ ලක්ෂණ ලබන සතියේ ගෙන එන්නෙමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.