සතියේ පඤ්චාංගය

ජූලි 12, 2024

ශකවර්ෂ 1946ක් වූ මිථුන රවි 28 භාග ඇසළ පුර අටවක තිථිය ලත් කිවිදින සිට කටක රවි 03 භාග ඇසළ පුර දොළොස්වක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – මිථුන (16 දා දහවල් 11.18 කටක)

කුජ – මේෂ ( 12 දා සවස 06.58 වෘෂභ)

බුධ - කටක

ගුරු – වෘෂභ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - පුනාවස ( 19 දා රාත්‍රි 11.10 පුෂ)

කුජ – කැති

බුධ - අස්ලිස ( 19 දා රාත්‍රි 08.46 මා)

ගුරු - රෙහෙන

ශුක්‍ර - පුෂ

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

ජූලි 13 සෙනසුරාදා අලුයම 03.06න් පුර අටවක ලබා 14 ඉරිදා සවස 05.25න් ගෙවේ. 13 සෙනසුරාදා සිල්.

 

චන්ද්‍ර චාරය

 

14 දා උදේ 08.43 තුලා

16 දා රාත්‍රී 07.48 වෘශ්චික

 

 

දිනූ තත්ත්ූවය

ජූලි 12 සිකුරාදා

මිථුන රවි 28 භාග ඇසළ පුර සැටවක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.01 ඉර බැසීම 06.31 උත්‍රපල් නැකත සවස 04.10න් ගෙවී හත නැකත ලබයි. ඇසළ පුර සැටවක තිථිය දහවල් 12.35න් ගෙවී පුර සතවක තිථිය ලබා පවතී. වාරියන් යෝගය අලුයම 04.10න් ගෙවී පරිඝ යෝගය ලබයි. තෛතිලකරණය දහවල් 12.35න් ගෙවී ගරජ කරණය උදාව පවතී.

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකණිය

මරු - ගිනිකොන

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

 

ජූලි 13 සෙනසුරාදා

මිථුන රවි 29 භාග ඇසළපුර සතවක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.01 ඉර බැසීම 06.31 හත නැකත රාත්‍රි 07.15න් ගෙවී සිත නැකත ලබයි. ඇසළ පුර සතවක තිථිය සවස 03.06න් ගෙවී පුර අටවක තිථිය ලබා පවතී. පරිඝ යෝගය අලුයම 05.15න් ගෙවී ශිව යෝගය ලබයි. ගරජ කරණය අලුයම 01.51න් ගෙවී වණිජකරණය ලබා එය සවස 03.06න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - ළැම

මරු - නැඟෙනහිර

යෝගිනී - වයඹ

සුබ දිසාව - දකුණ

 

ජූලි 14 ඉරිදා

මිථුන රවි 30 භාග ඇසළ පුර අටවක ලත් රවි දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 සිත නැකත රාත්‍රි 10.05න් ගෙවී සා නැකත ලබයි. ඇසළ පුර අටවක තිථිය සවස 05.25න් ගෙවී ඇසළ පුර නවවක තිථිය ලබා පවතී. ශිව යෝගය උදේ 06.16න් ගෙවී සිද්ධ යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 04.20න් ගෙවී බවකරණය ලබා එය සවස 05.25න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - උතුර

යෝගිනී - ඊසාන

සුබ දිසාව - දකුණ

 

ජූලි 15 සඳුදා

මිථුන රවි 31 භාග ඇසළපුර නවවක ලත් සඳුදින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 සා නැකත දවස පුරාම යෙදී පවතී. ඇසළ පුර නවවක තිථිය රාත්‍රි 07.17න් ගෙවී පුර දසවක තිථිය ලබයි. සිද්ධ යෝගය උදේ 07.00න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. බාලවකරණය උදේ 06.28න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 07.17න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - හිස්මුඳුන

අමෘත කලාව - ගෙල

මරු - වයඹ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

 

ජූලි 16 අඟහරුවාදා

කටක රවි 01 භාග ඇසළ පුර දසවක ලත් කුජ දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 සා නැකත රාත්‍රි 12.28න් ගෙවී විසා නැකත ලබයි. ඇසළ පුර දසවක තිථිය රාත්‍රි 08.30න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. සාධ්‍ය යෝගය උදේ 07.18න් තෛතිලකරණය උදේ 08.02න් ගෙවී ගරජ කරණය ලබා එය රාත්‍රි 08.30න් ගෙවී වණිජකරණය උදාවෙයි.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - බටහිර

යෝගිනි - උතුර

සුබ දිසාව - දකුණ

 

ජූලි 17 බදාදා

කටක රවි 02 භාග ඇසළ පුර එකොළොස්වක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 විසා නැකත අලුයම 02.13න් ගෙවී අනුර නැකත ලබයි. ඇසළ පුර එකොළොස්වක තිථිය රාත්‍රි 08.59න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබයි. ශුභ යෝගය උදේ 07.04න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. වණිජ කරණය උදේ 08.53න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රත්‍රි 08.59න් ගෙවී බවකරණයට උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - නිරිත

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - උතුර

 

ජූලි 18 බ්‍රහස්පතින්දා

කටක රවි 03 භාග ඇසළ පුර දොළොස්වක තිථිය ලත් ගුරුදින ඉර උදාව 06.02 ඉර බැසීම 06.31 අනුර නැකත අලුයම 03.12න් ගෙවී දෙට නැකත ලබයි. ඇසළ පුර දොළොස්වක තිථිය රාත්‍රි 08.41න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය උදේ 06.13න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. බවකරණය උදේ 08.58න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රි 08.41න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - කන

මරු - දකුණ

යෝගිනී - නිරිත

සුබ දිසාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.