සතියේ පඤ්චාංගය

ජූලි 19, 2024

 

ශක වර්ෂ 1946 ක් වූ කටක රවි 04 භාග ඇසළ පුර තෙළෙස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග ඇසළ අව විසේනිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කටක

කුජ - වෘෂභ

බුධ - කටක ( 19 දා රාත්‍රී 08.46 සිංහ)

ගුරු - වෘෂභ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන (වක්‍ර)

 

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - පුනාවස ( 19 දා රාත්‍රී 11.10 පුෂ )

කුජ - කැති

බුධ - අස්ලිස ( 19 දා රාත්‍රී 08.46 මා)

ගුරු - රෙහෙන

ශුක්‍ර - පුෂ (20 දා සවස 06.05 අස්ලිස)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - පුනාවස ( 19 දා රාත්‍රී 11.10 පුෂ )

කුජ - කැති

බුධ - අස්ලිස ( 19 දා රාත්‍රී 08.46 මා)

ගුරු - රෙහෙන

ශුක්‍ර - පුෂ (20 දා සවස 06.05 අස්ලිස)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

 

පෝය

ජූලි 20 සෙනසුරාදා සවස 05.57න් පුර පසළොස්වක ලබා 21 ඉරිදා සවස 03.45න් ගෙවේ. 20 සෙනසුරාදා සිල්

 

චන්ද්‍ර චාරය

19 දා අලුයම 03.25 ධනු

21 දා උදේ 07.27 මකර

23 දා උදේ 09.21 කුම්භ

25 දා උදේ 10.47 මීන

 

දිනූ තත්ත්ූවය

ජූලි 19 සිකුරාදා

කටක රවි 04 භාග ඇසළ පුර තෙළෙස්වක හා තුදුස්වක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.03. ඉර බැසීම 06.31. දෙට නැකත අලුයම 03.25න් ගෙවී මුල නැකත ලබයි. ඇසළ පුර තෙළෙස්වක තිථිය රාත්‍රී 7.38න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය අලුයම 04.44න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. කෞලවකරණය උදේ 08.17න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 07.38න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කන, ඇස

අමෘත කලාව - බැම, නළල

මරු - ගිනිකොණ

යෝගිනී - දකුණ, බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

ජූලි 20 සෙනසුරාදා

කටක රවි 05 භාග ඇසළ පුර පසළොස්වක තිථිය ලත් ශනිදින. ඉර උදාව 06.03. ඉර බැසීම 06.31. මුල නැකත අලුයම 02.54න් ගෙවී පුවසල නැකත ලබයි. ඇසළ පුර තුදුස්වක තිථිය සවස 05.57න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය අලුයම 02.40න් ගෙවී වෛධෘති යෝගය ලබයි. ගරජකරණය උදේ 06.55න් ගෙවී වණිජකරණය ලබා එය සවස 05.57න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - නාසය

අමෘත කලාව - හිස්මුදුන

මරු - නැඟෙනහිර

යෝගිනී - වයඹ

සුබ දිශාව - දකුණ

ජූලි 21 ඉරිදා

කටක රවි 06 භාග ඇසළ අව පෑලවිය තිථිය ලත් රවිදින. ඉර උදාව 06.03. ඉර බැසීම 06.31. පුවසල නැකත අලුයම 01.48න් ගෙවී උත්‍රසල නැකත ලබයි. ඇසළ පුර පසළොස්වක තිථිය සවස 03.45න් ගෙවී ඇසළ අව පෑලවිය තිථිය ලබා පවතී. වෛධෘති යෝගය අලුයම 12.06න් ගෙවී විශ්කම්භ යෝගය ලබා එය රාත්‍රී 09.09න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 04.58න් ගෙවී බවකරණය ලබා එය සවස 03.45න් ගෙවී බාලවකරණය උදාවෙයි.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - උතුර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

ජූලි 22 සඳුදා

කටක රවි 07 භාග ඇසළ අව දියවක තිථිය ලත් සඳුදින. ඉර උදාව 06.03. ඉර බැසීම 06.31. උත්‍රසල නැකත අලුයම 12.13න් ගෙවී සුවන නැකත ලබා එය රාත්‍රී 10.21න් අවසන් වී දෙනට නැකත ලබා පවතී. ඇසළ අව පෑලවිය තිථිය දවල් 01.12න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. පී‍්‍රති යෝගය සවස 05.57න් ගෙවී ආයුෂ්මන් යෝගය ලබයි. බාලවකරණය අලුයම 02.32න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 1.12න් ගෙවී තෛතිලකරණය උදාවී එදින රාත්‍රී 11.49න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - වයඹ

යෝගිනී - උතුර

සුබ දිශාව - දකුණ

ජූලි 23 අඟහරුවාදා

කටක රවි 08 භාග ඇසළ අව තියවක තිථිය ලත් කුජ දින. ඉර උදාව 06.03. ඉර බැසීම 06.31. දෙනට නැකත රාත්‍රී 08.19න් ගෙවී සියාවස නැකත ලබයි. ඇසළ අව දියවක තිථිය උදේ 10.25න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. ආයුෂ්මන් යෝගය දහවල් 02.36න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. ගරජකරණය උදේ 10.25න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 08.58න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - ලැම

අමෘත කලාව - බැම

මරු - බටහිර

යෝගිනී - ගිනිකොණ

සුබ දිශාව - දකුණ

ජූලි 24 බදාදා

කටක රවි 09 භාග ඇසළ අව ජලවක තිථිය ලත් බුධ දින. ඉර උදාව 06.03. ඉර බැසීම 06.31. සියාවස නැකත සවස 06.16න් ගෙවී පුවපුටුප නැකත ලබයි. ඇසළ අව තියවක තිථිය උදේ 07.32න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය දහවල් 11.12න් ගෙවී ශෝභන යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 07.32න් ගෙවී බවකරණය ලබා එය සවස 06.07න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකනිය

අමෘත කලාව - කන

මරු - නිරිත යෝගිනී - නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

ජූලි 25 බ්‍රහස්පතින්දා

කටක රවි 10 භාග ඇසළ අව විසේනිය තිථිය ලත් ගුරුදින. ඉර උදාව 06.03. ඉර බැසීම 06.31. පුවපුටුප නැකත සවස 04.19න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. ඇසළ අව ජලවක තිථිය අලුයම 04.42න් ගෙවී අව විසේනිය තිථිය ලබයි. ශෝභන යෝගය උදේ 07.50න් ගෙවී අතිගන්ඩයෝගය ලබයි. බාලවකරණය අලුයම 04.42න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 03.21න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස්

මරු - දකුණ

යෝගිනී - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.