සතියේ පඤ්චාංගය

ජූලි 5, 2024

 

ශක වර්ෂ 1946ක් වූ මිථුන රවි 21 භාග පොසොන් අමාවක තිථිය ලත් කිවිදින සිට එම රවි 27 භාග ඇසළ පුර සැටවක තිථියලත් ගුරුදින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - මිථුන

කුජ - මේෂ

බුධ - කටක

ගුරු - වෘෂභ

ශුක්‍ර - මිථුන (07 දා අලුයම 04.33 කටක)

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන (වක්‍ර)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - අද (05 දා රාත්‍රි 11.41 පුනාවස)

කුජ - බෙරන (08 දා අලුයම 02.01 කැති)

බුධ - පුෂ (09 දා දහවල් 12.24 අස්ලිස)

ගුරු - රෙහෙන

ශුක්‍ර - පුනාවස (09 දා රාත්‍රි 09.32 පුෂ)

ශනි - පුවපුටුප

රාහු - රේවතී (08 දා උදේ 07.16 උත්‍රපුටුප)

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

ජූලි 05 සිකුරාදා අලුයම 05.00න් අමාවක ලබා 06 සෙනසුරාදා අලුයම 04.29න් ගෙවේ. 05 සිකුරාදා සිල්

චන්ද්‍ර චාරය

06 දා රාත්‍රි 10.39 කටක

09 දා උදේ 07.55 සිංහ

11 දා රාත්‍රි 07.52 කන්‍යා

දිනූ තත්ත්ූවය

ජූලි 05 සිකුරාදා

මිථුන රවි 21 භාග පොසොන් අමාවක තිථිය ලත් ශනි දින. ඉර උදාව 06.00 ඉර බැසීම 06.30 මුවසිරස නැකත අලුයම 03.56න් ගෙවී අද නැකත ලබයි. පොසොන් අව තුදුස්වක තිථිය අලුයම 05.00න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. වෘධි යෝගය අලුයම 05.15න් ගෙවී ධෘම යෝගය ලබයි. ශකුණකරණය අලුයම 05.00න් ගෙවී චතුෂ්පාදකරණය ලබා එය සවස 04.44න් ගෙවී නාගකරණය උදා වෙයි.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - ගිනිකොන

යෝගිනි - ඊසාන

සුබ දිශාව - උතුර

ජූලි 06 සෙනසුරාදා

මිථුන රවි 22 භාග ඇසළ පුර පෑලවිය තිථිය ලත් ශනි දින ඉර උදාව 6.00. ඉර බැසීම 6.30 අද නැකත අලුයම 04.08න් ගෙවී පුනාවස නැකත ලබයි. පොසොන් අව අමාවක තිථිය අලුයම 04.29න් ගෙවී ඇසළ පුර පෑලවිය ලබා පවති. ධෘම යෝගය අලුයම 03.50න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. නාගකරණය අලුයම 04.29න් ගෙවී කිංස්තුංගකරණය ලබා එය සවස 04.28න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - ලැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - නැඟෙනහිර

යෝගිනි - නැඟෙනහිර

සුබ දිශාව - උතුර

ජූලි 07 ඉරිදා

මිථුන රවි 23 භාග ඇසළ පුර දියවක තිථිය ලත් රවිදින ඉර උදාව 6.00. ඉර බැසීම 6.31 පුනාවස නැකත අලුයම 04.49න් ගෙවී පුෂ නැකත ලබා පවති. ඇසළ පුර පෑලවිය තිථිය අලුයම 04.28න් ගෙවී පුර දියවක ලබා පවති. ව්‍යාඝාත යෝගය අලුයම 02.49න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. බවකරණය අලුයම 04.28න් ගෙවී බාලවකරණය ලබා සවස 04.44න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - උතුර

යෝගිනි - උතුර

සුබ දිශාව - දකුණ

ජූලි 08 සඳුදා

මිථුන රවි 24 භාග ඇසළ පුර තියවක තිථිය ලත් සඳුදින. ඉර උදාව 6.00 ඉර බැසීම 6.31 පුෂ නැකත උදේ 06.04න් ගෙවී අස්ලිස නැකත ලබයි. ඇසළ පුර දියවක තිථිය අලුයම 05.01න් ගෙවී පුර තියවක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය අලුයම 02.15න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. කෞලවකරණය අලුයම 05.01න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 05.35න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු - වයඹ

යෝගිනි - ගිනිකොන

සුබ දිශාව - උතුර

ජූලි 09 අඟහරුවාදා

මිථුන රවි 25 භාග ඇසළ පුර ජලවක තිථිය ලත් කුජදින. ඉර උදාව 06.01. ඉර බැසීම 06.31. අස්ලිස නැකත උදේ 07.55න් ගෙවී මා නැකත ලබයි. ඇසළ පුර තියවක තිථිය උදේ 06.11න් ගෙවී පුර ජලවක තිථිය ලබයි. වජ්‍ර යෝගය අලුයම 02.09න් ගෙවී සිද්ධි යෝගය ලබයි. ගරජකරණය උදේ 06.11න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රි 07.01න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - බටහිර

යෝගිනි - නිරිත

සුබ දිශාව - උතුර

ජූලි 10 බදාදා

මිථුන රවි 26 භාග ඇසළ පුර විසේනිය තිථිය ලත් බුධ දින. ඉර උදාව 06.01. ඉර බැසීම 06.31. මා නැකත උදේ 10.18න් ගෙවී පුවපල් නැකත ලබයි. ඇසළ පුර ජලවක තිථිය උදේ 07.55න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. සිද්ධි යෝගය අලුයම 02.29න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 07.55න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 08.59න් ගෙවී බාලවකරණය උදාවෙයි.

විෂ කලාව - ඇස

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නිරිත

යෝගිනි - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

ජූලි 11 බ්‍රහස්පතින්දා

මිථුන රවි 27 භාග ඇසළ පුර සැටවක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 06.01. ඉර බැසීම 06.31. පුවපල් නැකත දහවල් 01.07න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. ඇසළ පුර විසේනිය තිථිය උදේ 10.06න් ගෙවී පුර සැටවක ලබා පවතී. ව්‍යාතිපාත යෝගය අලුයම 03.11න් ගෙවී වාරියන් යෝගය ලබයි. බාලවකරණය උදේ 10.06න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 11.20න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකණිය

මරු - දකුණ

යෝගිනි - බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.