නිවෙසේ නිරිත බලවත් කිරීමෙන් රාහු අපලය දුරු වේ

සිවිල් ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න
ජූලි 12, 2024

නිවෙසක නිරිත දිශාව දුර්වල වීම නිසා ආර්ථික කඩාවැටීම්, ණය බරින් පීඩාවීම්, නරක නාමය අත්වීම් අත් විඳීමට සිදුවන බව ප්‍රායෝගිකව අත්දැකිය හැකි වාස්තු දෝෂයක් බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. නිරිත දෝෂය ඇති වන්නේ නිවෙසේ නිරිත දිශාවේ මුළුතැන්ගෙයක්, වැසිකිළියක් හෝ විවෘත ඉඩකඩක් නැතහොත් විශාල ජනෙල් සහිත සාලයක් පිහිටා ඇති විටය. එහෙත් ඒ දිශා දෝෂය නිවැසියන් සියලු දෙනාට එකවර බල නොපාන බව වාස්තු විද්‍යාත්මක මතයයි. එයට හේතුව තම තමන් ගත කරන දශා, අනු දශා හෝ විදශා අනුව ඒ දෝෂවල පල විපාක ලැබීම බව වාස්තු විද්‍යාඥයන් පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.

ඒ අනුව යම් නිවැසියකු රාහු මහ දශාව, අතුරු දශාව හෝ විදශාව ගෙවයි නම් ඉහත කී නිරිත දිශානුගත දෝෂයට හිමි දුර්විපාක සියල්ලට මුහුණ දීමට සිදුවන බව ඡ්‍යොතිර් විද්‍යානුකූල වාස්තු මතයයි. එහිදී රාහු නම් ඡායා ග්‍රහයා තම කේන්දරයේ පිහිටන බලවත් හෝ දුබල භාවය අනුව දුර්විපාකයේ මට්ටම වෙනස් වී යා හැකි බවද සැලකිය යුතුය.

මෙවන් තත්ත්වයක් නිවෙසේ පවතී නම් අදාළ පුද්ගලයා පමණක් එම දෝෂයෙන් මුදවා ගැනීම වෙනුවට නිරිත දෝෂය නිවෙසින් ඉවත් කර ගැනීම පවුලේ අනෙක් සාමාජිකයන්ට එම බලපෑම ඉදිරියේදී ඇති වීම වැළැක්වීමට සුදුසුම ක්‍රමය වේ.

එසේ නිරිත දෝෂය ඉවත් කිරීම සඳහා මුළුතැන් ගෙයක් හෝ වැසිකිළියක් එම දිශාවේ පවතී නම් එය නිරිතෙන් ඉවත් කිරීම ද සාලයක් පිහිටන්නේ නම් එහි ජනෙල් කවුළු ඝන තිර රෙදි යොදා ආවරණය කිරීමද, මේ කිසිවක් කළ නොහැකි අවස්ථාවක දී නම් වාස්තු පිරමිඩ භාවිතයෙන් දෝෂ නිවාරණයත් සිදු කිරීම වඩාත් උචිත බව වාස්තු ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙති.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.