වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
කටක ලග්නයට හිමි රැකියා
සෑම කේන්දරයකම රැකියාව ගැන බැලීමේ දී ඉගෙනීම ගැනත් බැලිය යුතු ය. ඉගෙනීම උසස් නම් රැකියාව උසස් වේ. කටක ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බලන විට අධ්යාපනකාරක බුධගේ බලයත් පස්වැන්නාධිපති කුජගේ බලයත් බැලිය යුතු ය.
කටක ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති සඳු ගැනත් දහවැන්නාධිපති කුජ ගැනත් බැලිය යුතු ය. කටක රාශිය සෞම්‍ය ආපෝ ගුණයෙන් යුතු චර රාශියකි. කටකයේ ඇති ආපෝ ගුණය නිසා ගංගා ඇළ දොළ මෙන් චංචල ස්වරූපයක් ජන්මියාට හිමි වේ. කටකය ජල රාශියක් බැවින් ජලය බොහෝ රැකියාවලට සම්බන්ධ වේ. වරාය, නාවික හමුදාව, ධීවර කර්මාන්තය, සිසිල් බීම වෙළෙඳාම, මැණික් ව්‍යාපාර ආදී වෘත්තීන් ජන්මියාට උරුම වේ.
ලග්නය වූ කටකයත් දහවැන්න වූ මේෂයත් චර රාශියක් බැවින් නිතර රැකියා තත්ත්වයන් වෙනස් වේ. ලග්නාධිපති සඳුත් දහවැන්නාධිපති කුජත් දහවැන්නේ සිටින ග්‍රහයා අනුවත් කුජ සිටින තැන අනුවත් රැකියා තත්ත්වයන් තීරණය වේ.
සෑම කේන්දරයකම රැකියාව ගැන බැලීමේ දී ඉගෙනීම ගැනත් බැලිය යුතු ය. ඉගෙනීම උසස් නම් රැකියාව උසස් වේ. කටක ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බලන විට අධ්‍යාපන කාරක බුධගේ බලයත් පස්වැන්නාධිපති කුජගේ බලයත් බැලිය යුතු ය. මේ දෙදෙනාගේ බලය තිබූ විට කටක ලග්න හිමියාට උසස් අධ්‍යාපනයක් ද උසස් රැකියාවක් ද හිමි වේ. දහවැන්න චර රාශියක් බැවින් සංචාරක රැකියාවල, නැවක හෝ රැකියාවක යෙදිය හැක. අධ්‍යාපන මට්ටම උසස් තත්ත්වයක නොමැති නම් මාළු වෙළෙන්දකු මාළු ඔරුවක සේවකයකු හැටියට රැකියාවේ යෙදීමට හැකි වේ. දහවැන්නාධිපති කුජ නිසා නාවික හමුදාවේ රැකියාවක ද නියුතු වීමට පුළුවන. දහවැන්නේ සිටින ග්‍රහයන් අනුවත් රැකියාවේ තත්ත්වය තීරණය කර ගැනීමට හැකි වේ.
රාහු ග්‍රහයාගේ සහ කේතු ග්‍රහයාගේ පිහිටීමද රැකියාව සඳහා බලපායි. රාහු සිටි තැන අනුවත් රාශිය අනුවත් රාශිය අධිපති ග්‍රහයා අනුවත් රැකියා තත්ත්වය තීරණය වේ. රාහු සිටි රාශිය අධිපති ග්‍රහයාගේ කාරකත්වයට අයත් රැකියාවක් හෝ රාහු කේතු නියෝජනය කරන නැකත් හිමියාගේ පිහිටීමක් රැකියාව සඳහා බලපෑමක් එක් කරයි.
කටක ලග්න හිමි ජන්මියාගේ රැකියාව ගැන බැලීමේ දී කේන්දරයේ සඳුගේ පිහිටීමත් කුජගේ පිහිටීමත් සඳු කුජ නියෝජනය කරන නැකතත් රාහු හා කේතු ග්‍රහයන් නියෝජනය කරන නැකතත් සිටින ස්ථානයත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් ගැන බලා මෙයින් වඩාත්ම බලවත් ග්‍රහයාගේ රැකියාවක් කටක ලග්න හිමියාට හිමි වේ.