නිර්මාණශීලීබව හෙළි කරන වෙදැඟිල්ල

ජූලි 5, 2024

මුදු ඇඟිල්ල වශයෙන්ද රවි ඇඟිල්ල හඳුන්වන අතර පුද්ගලයෙකුගේ නිර්මාණාත්මක කරුණු ගණනාවක් මේ ඇඟිල්ල පරික්ෂා කිරිමෙන් දැනගත හැකිවේ. එනම් කලාව සංගීතයට ඇති කැමැත්ත ආදිය මෙන්ම බුද්ධිමත්බව සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඇති වුවමනාව වැනි කරුණුත් ඉතා නිවැරැදිව පුද්ගලයෙකුගේ රවි ඇඟිල්ලෙන් පිළිබිඹු වේ.

රවි ඇඟිල්ල ශනි ඇඟිල්ලට වඩා කෙටිව ගුරු ඇඟිල්ලට වඩා දික්ව බොහෝ පුද්ගලයන්ගේ පිහිටා ඇත. එහෙත් යම් කිසි ආකාරයට රවි ඇඟිල්ල ශනි ඇඟිල්ලට වඩා දික්ව ඇත්නම් සියලු කටයුතු පමණ ඉක්මවා කිරීමට යාමෙන් පුද්ගලයා නොයකුත් දුෂ්කරතාවලට මැදිවේ. ශනි ඇඟිල්ල සහ රවි ඇඟිල්ල සම උස මට්ටමක පිහිටා ඇත්නම් පුද්ගලයා කලබලකාරි ස්වභාවයකින් නිරතුරුවම තමන්ගේ සියලු කටයුතු සඳහා මුහුණ දෙන තත්ත්වයකට පත්වේ. එමෙන්ම සුදු දැමිම ඔට්ටු ඇල්ලීම සහ ලොතැරැයි මඟින් තම ආදායම් සපයා ගැනීමට ඔහු පෙලඹේ.

එමෙන්ම ගුරු ඇඟිල්ල සහ රවි ඇඟිල්ල සමාන දිගකින් පිහිටා ඇත්නම් ඔහුගේ බුද්ධිමත් බව සහ අධිෂ්ඨාන ශක්තිය අතර මනා සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. එවැනි පුද්ගලයන් සියලු කටයුතු නියමාකාරයෙන් කළමනාකරණය කර ගනිමින් ජීවිතයේ ඉහළට ගමන් කරයි. එමෙන්ම රවි ඇඟිල්ල එම උසින් නමුත් සාපෙක්ෂව අනිත් ඇඟිලිවලට සාපෙක්ෂව මහතට පිහිටා ඇතිනම් විශේෂයෙන් චිත්‍රකර්මයට වඩාත් දක්ෂ පුද්ගලයකු බිහිවේ. එමෙන්ම සහජ දක්ෂතාවයන් මඟින් ප්‍රසිද්ධිය ගරුබුහුමන් සමඟ මුදල් උපයාගැනිම සඳහා වැඩි කැමැත්තක් දක්වන පුද්ගලයෙකු බිහිවේ.

එසේම යම් පුද්ගලයෙකුගේ විකෘති රවි ඇඟිල්ලක් වේ නම් ඔහු කලාකාමී දක්ෂතාවයන් සාර ධර්මයන්ට පටහැනි ක්‍රියාදාමයන්ට යොදා ගැනීම සිදු කරයි. අනාගතය සඳහා නිසි සැලසුම් ඔහුන් ලඟ නැත. සැම දෙයක්ම ලබාගැනිමට කටයුතු කළත් ඒවා රැක ගැනීමට උනන්දු වන්නේ නැත. එසේම සූදුවෙන්ම ජීවත්වීමට උත්සහා කරන අතර සදාචාර ජීවිතයක් ගැන ඔවුනගේ උනන්දුවක් නැති තරම්ය. රවි ඇඟිල්ලේ පළමු පුරුක පුද්ගලයෙකුගේ සහජ දක්ෂතා බුද්ධිමත් බව වගේම ධනයට සූදුවට ඇති කැමැත්ත පෙන්වයි. පළමු පුරුක හෙවත් නිය පුරුක දිගනම් පුද්ගලයා කලාවට ළැදි පුද්ගලයකු වේ. ආදරය සම්බන්ධව කටයුතුවලදි ඉතා සංවේදි අදහස් දක්වන බුද්ධිමත් පුද්ගලයෙකු වේ. ආදර්ශමත් ආකාරයට ජිවත් වේ. පුරුක වඩාත් දිග නම් කලාව සම්බන්ධයෙන් උපරිම හැකියාවන් ප්‍රගුණ කරන අතරම ආර්ථික දියුණුව අඩුවේ. එසේම රවි ඇඟිල්ලේ නිය පුරුක කෙටි නම් අලස පුද්ගලයෙකු වේ. කලාව පිළිබඳ හැඟිමක් නැත.ආර්ථික දියුණුවක් ලබාගන්නේ නැත. එසේම නිය පුරුක කෝනික නම් ප්‍රායෝගික නොවන හිතුමතේ මැඩ කරන උඩඟු පුද්ගලයකු බවට පත්වේ. එහෙත් නිය පුරුක දික්ව ස්පැටියුලාකාර හැඩයක් ගනීනම් කලා ශිල්ප නිර්මාණයට අති දක්ෂයෙකි. එම තත්ත්වයේම නිය පුරුකේ ඇඟිලි තුඩ සමචතරස්‍රාකාර හැඩ නම් ඔහු අධිෂ්ඨානශිලිවේ. තමාගේ අත්දැකිම්වලින් සහ බුද්ධිමත් භාවයෙන් බොහෝ දේ ඉගන ගන්නා අයෙකි. තම උනන්දුවෙන් ඔවුනට ධනය රැස් කර ගත හැකිය.

රවි ඇඟිල්ලේ නිය පුරුකේ සිරස් රේඛා පිහිටා ඇත්නම් ඔහු උගත් බුද්ධිමත් අයෙකි. තරු සලකුණක් ඇති නම් ඔවුන් මුදල් නාස්ති කළද සියුම් චිත්‍ර නිර්මාණයේ දක්ෂයෙකි. කතිර සලකුණ නිය පුරුකේ ස්ත්‍රියෙකුගේ නම් ඇය පතිවත රකින්නියක් වේ. එසේම ඔවුන් සංවේදි අය වේ. එහෙත් පිහිටා ඇත්තේ දැල් සලකුණක් නම් පුද්ගලයා තමාගේ අරමුණු අසාර්ථක කර ගනී.

රවි ඇඟිල්ලේ දෙවැනි පුරුක පුද්ගලයෙකුගේ ධනවත් වීමට ඇති කැමැත්ත ජිවිතයේ සුරක්ෂිත බව අස්ථිර මානසික තත්ත්වය සහ මිථ්‍යා විශ්වාස කෙරෙහි ඇති බැඳීම ආදිය පෙන්නුම් කරයි. මේ පුරුක සාපෙක්ෂව දික්ව ඇත්නම් පුද්ගලයා කලා ශිල්ප ඉගෙනීමට සහජ හැකියාවක් පෙන්වන අතර සහ එයින් මහත් සේ දියුණුව ලබාගැනිමට ඇති හැකියාවෙන් පරිපුර්ණ වේ. මේම පුරුක කෙටි නම් කලා දක්ෂතාවයක් ඔහුගෙන් විද්‍යාමාන වන අතර විමෝදයෙන් සහ කාලය කා දමමින් ජීවත් වීමට උත්සහ ගනි. ඔහුන් මෙලොව පමණක් විශ්වාස කරන පුද්ගලයන් වේ. තරු සලකුණක් මේ පුරුකේ පිහිටා ඇත්නම් සහජ දක්ෂතා මඟින් තම දියුණුව ඇති කර ගන්නා බව පෙන්නුම් කරයි. සිරස් රේඛා දෙකක් ඇතිනම් ඔහු සතුව හොඳ මතක ශක්තියක් පවති. නමුත් රේඛා තුනකට වඩා ඇත්නම් තමාගේ ශක්තියෙන් ප්‍රායෝජනයක් නොගන්නා පුද්ගලයෙකු බව පෙන්වන ඉඟියෙකි. කතිර සලකුණක් නම් පිහිටා ඇත්තේ තමාගේ හිතේ පවතින කුඩුකේඩු ගතිය නිසා නිතරම අසතුටින් කාලය ගත කිරීමට සිදුවේ.

රවි ඇඟිල්ලේ මුල් පුරුක හෙවත් අත්ලට සවිවී ඇති පුරුක මඟින් පී‍්‍රතියෙන් සිටීමට ඇති

කැමැත්ත නිර්භිත බව මෙන්ම ගරුසරු නැති බව ආදිය පෙන්වයි. පුරුක වඩාත් දිගට ඝණව ඇත්නම් ඔවුන් තමාගේ අනුවණබව ප්‍රදර්ශනය කරමින් ක්‍රියාකරයි. සෑම දෙයක්ම ලබා ගැනීමට උත්සහ කරයි. පංචකාම සැප සඳහා මුදල් වියදම් කරයි. එමෙන්ම මේ පුරුක කෙටියි නම් බුද්ධි හීනයෙකි. සල්ලාල කටයුතුවල නිරන්තයෙන් යෙදේ. සියලු දේ එක්රැස් කර ගැනීමට අශාවක් සහිත පුද්ගලයෙකි.

ඇඟිල්ලේ මුල සිට ආරම්භවන රේඛාවක් පළමු පුරුක දක්වා සෘජුව ගමන් කර ඇති නම් එම පුද්ගයා ඉතාම වසනාවන්ත පුද්ගලයෙකි ඔහු ඉතා ධනවත්ය එවැනි රේඛා සමුහයක් ඇති පුද්ගලයා තම සහකරුවා සඳහා අත දිගහැර වියදම් කරන්නෙකි. තරුවක් මුල් පුරුකේ පිහිටා ඇත්නම් ආත්ම වර්ණනාව බලාපොරොත්තු වන්නෙකි. යම් නිර්මාණාත්මක දක්ෂතාවයක් ඔහු සතුය.එහෙත් තිරස් රේඛා එතරම් යහපත් නොවේ. කතිරයක් පිහිටා ඇත් නම් තම අභිප්‍රායන් ඉෂ්ඨ කිරීමට යෑමේදි පුද්ගලයා අධෛර්යයට පත්වේ.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.