අත්ලේ සටහන් වී ඇති විශේෂ හස්ත රේඛා සලකුණු

ජූලි 5, 2024

 

මේ අත්ලේ සටහන් වී ඇති විශේෂ හස්ත රේඛා සළකුණු මොනවාද? මෙම අත්සටහන හිමි මහතා දිගු කාලයක් ලංකාවේ ආරක්ෂක අංශයේ ඉහළ රැකියාවක කළ අයෙකි. දැනට කීප වතාවක් විදේශ රටවල්වල රැකියා කර ජීවිතය ජයගත් මහත්මයෙකි. අත්ලේ සීමා සහිත රේඛාවන් පමණක් පිහිටා ඇති අතර එයින් සුවිශේෂ රේඛාවන් හැටියට සටහන් වී ඇත්තේ ප්‍රධාන රේඛාවන් තුනකි. එයිනුත් මැද සටහන් වී ඇති ශීර්ෂය රේඛාවට මූලික ස්ථානයක් හිමි වේ.

එයින් කියැවෙන්නේ එතුමාගේ ඥාන ශක්තියයි. කරදර කම්කටොළු ඉදිරියේ ඉතා අභීතව ඒවාට මුහුණ දී ජීවිතය අර්ථවත් කර ගැනීමටත් තමාගේ පෞද්ගලික දියුණුවත් ලබා ගැනීමටත් මේ රේඛාවේ පිහිටීම අතිශයින් වැදගත් වේ. මීට අමතරව සිකුරු මණ්ඩලය තරමක් විශාල වන අතර ආයුෂ හෙවත් ජීවන රේඛාව දිගින් වැඩි වේ.

ඊට සමගාමීව පළමු කුජ මණ්ඩලය තුළ වැටී ඇති කුජ රේඛාව සුවිශේෂ පිහිටීමකි. එයින් කියවෙන්නේ එතුමා කුමන රටක හිටියත් නීරෝගීමත් දීර්ඝායුෂ ලබන බවත් ය. මීට ඉහත හස්ත රේඛා පාඩම්වලදී මා සඳහන් කළ පරිදි කුජ රේඛාවක් වැටෙන අයට ආරක්ෂක අංශයේ රැකියා ලැබෙන අතර සුවිශේෂ වශයෙන් විවිධ ක්‍රීඩා හා විවිධ සටන් ක්‍රම පිළිබඳව හොඳ ඉගෙනීමත් මේ මහතා ලබා තිබෙන බවයි. මෙහි අත්ලේ දේශාටන රේඛාවන් පැහැදිලිව සටහන් නොවුණත් එම රේඛාවන් කීපයක් ඉතා සියුම්ව දක්නට ලැබීම එම අයගේ විදේශ ගමන් කීපයක්ම ඉතා සාර්ථක කර ගැනීමට එතුමාට වාසනාව ලබා දී ඇත. මීට අමතරව ගුරු මණ්ඩලය තුළ සොළමන් මුද්ද වැටී තිබීම අත්ල හිමියාට සුබ ඵල උදා කරන යෝගයකි. බුධ මණ්ඩලය තුළ සියුම් රේඛාවන් කීපයක් වැටීමත් සූර්යය හෙවත් රවි රේඛාවත් වැටීමත් ජීවිතය සාර්ථක ගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලබා දීමට අවශ්‍ය ආත්ම ශක්තිය ලබා දෙන යෝගයක්ය. මීට අමතරව ගුරු මණ්ඩලය ප්‍රබලව තිබීමත් හෘදය රේඛා ගුරු මණ්ඩලය දක්වා ගමන් කිරීම දැහැමි හා නීති ගරුක පුරවැසියකු කරන යෝගයන්ය. මෙය විවාහය සාර්ථක කර ගැනීමටත් තම දරුවන්ට බිරිඳට අවශ්‍ය යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමටත් බලපාන හස්ත රේඛා සලකුණුය. මේ අත්ල හිමි මහතා මීගමු, ප්‍රදේශයේ ජීවත්වන අතර තවමත් ඉතාලියේ රැකියාවක් කරමින් සිටී.

දැනට නවීන පන්නයේ නිවසක් සාදා ඇති අතර එවැනි පෞද්ගලික සැප පහසුකම් ලැබීමට අවශ්‍ය සියලු හස්ත රේඛා සළකුණු මෙම අත්ලේ විද්‍යාමාන වන බව සළකන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.