2024.07.16 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම- ප.ව. 06.31
රාහු කාලය - සවස 03.23 - 04.57
සුබ දිශාව - දකුණ

 

මේෂ

ගතට සිතට සැනසිල්ල අඩු කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට සිදුවන දිනයකි.

වෘෂභ

උගුර ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත් කරයි. කලට වේලාවට කෑම බීම පවා ගැනීමට අසීරුවන බවක් පෙන්වයි. හදිසි ප්‍රතිකාර පැතීමට සිදුවන දිනයකි.

මිථුන

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අඹුසැමි අසමගිතාවක් මඟ හැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරයි.

කටක

යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතු කරයි. වරින් වර ඇති කරන උදාසීන ගති හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාද කරයි. සහෝදර සිත් අමනාපයක් මඟහැරී යන බවක් පෙනේ.

සිංහ

අමතර ලැබීම් සහිත දිනයකි. ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. වැඩිහිටි උපකාරයක් හිමිවන කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ.

කන්‍යා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් සිදුවිය හැකි දිනයකි.

තුලා

වගකීම් බහුල කරයි. තැන්පත් ධනය වැයවන දිනයකි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

වෘශ්චික

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පවුලේ වගකීමක් තමාවෙත පැවරෙන දිනයකි.

ධනු

තීරණ වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි දිනයකි. බලාපොරොත්තුවක් ඉටු කරයි.

මකර

තැන තැන ඇවිදිලි ඇති කරයි. දරුවකු පිළිබඳ වෙහෙසට පත්වන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මීන

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. වෙනදාට වඩා ශාරිරික වෙහෙසීම් බහුල කරයි. නැති වූ දෙයක් හිමිකරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.